theleaderlk 01

මෙරට සංස්කෘතිය සහ ආගම දහම ආරක්ෂා කිරීමේ වගකීමක් තරුණ දේශපාලනඥයෙකු ලෙස තමන්ට ඇති බව ශ්‍රී ලංකා පොදුජන
පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පැවසී ය.

හෙතෙම එලෙස පැවසුවේ ඊයේ (18) දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබාගැනීමට මහනුවරට දළදා මාලිගාවට ගිය අවස්ථාවේ දී ය.

තම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනුගමනය කළ ආගම දහමට සංස්කෘතියට මුල් තැන දීමේ ක්‍රියාපිළිවෙල තවදුරටත් අනුගමනය කරන බව පැවසූ නාමල් රාජපක්ෂ ඇතමුන් එය දේශපාලනීකරණයක් ලෙස හැඳින්විය හැකි බව ද සඳහන් කළේ ය.

දළදා මාලිගාව වැඳ පුදාගත් නාමල් රාජපක්ෂ අනතුරුව මල්වතු මහා නායක ස්වාමීන්වහන්සේ,  දිවුල් කුඹුරේ නායක ස්වාමීන්වහන්සේ, නියංගොඩ අනුනායක ස්වාමීන්වහන්සේ සහ අස්ගිරි මහනායක හිමියෝ මෙන්ම  අනුනාහිමිවරු බැහැදැකීමට එම විහාරස්ථාන වෙත ගියේ ය.

අනතුරුව ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබාගත් නාමල් රාජපක්ෂ කටුකැලේ හින්දු කොවිලට සහ කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියට ද ගොස් එහි දී ද ආශීර්වාද ලබා ගත්තේ ය.
 
sfwrd543d

pe2024 2

worky sin