එළැඹෙන ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලබාදීමට එම පක්ෂයේ ජාතික සභාව
අද (18) තීරණය කළේය.
කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් එම කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මේ බව අනාවරණය කළේය.
මෙහිදී ජාතික සභාවේ සියලුම සාමාජිකයන් ඒකමතිකව රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට තීරණය කර ඇත.
ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසය සහ රනිල් වික්‍රමසිංහ අතර ගිවිසුමක් ඉදිරියේදී අත්සන් කිරීමටද නියමිත බව ජීවන් තොණ්ඩමන් මෙහිදී පැවසීය.
වසර දෙකක කාලයක් මේ රටේ පැවති ආර්ථික ගැටළු විසදමින්, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට සහ එම ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමටත්, ඉඩම් අයිතිය ලබාදිමට එකග වි ඇති නිසා ජාතික සභාව එම තිරණය ගත් බවද ජිවන් තොණ්ඩමන් කියා සිටියේය.