theleaderlk 01

2022 වසරේ පැවති මහා ජන අරගලය කවුරුන් විසින් කෙසේ මෙහෙය වුව ද අරගලයට සම්බන්ධ වූ සියලු දෙනාගේ මෙන් ම නොවූ බහුතරයකගේ ද ප්‍රධාන සටන්

පාඨය වුයේ ‘‘GOTA GO HOME’’ යන්න ය.

අරගලයෙන් ඉක්බිති කවුරු බලයට පත්වුව ද එදා අරගලකරුවන්ගේ සටන් පාඨය මහපොළොවේ යථාර්ථයක් විය. එනම් 3/2 බලයක් අත්පත් කරගෙන සිටි ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගියා මතු නොව මහින්ද රාජපක්ෂට ද සැඟවී සිටින්නට සිදු විය.

අරගලය අවසන රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත්ව, පසුව විධායක ජනාධිපතිවරයා බවට පත්වන කෙටි කාලසීමාව තුළ අරගලයේ කොටස්කරුවෝ සී සීකඩ වසිර ගියහ; ඇතැමෙක් එක් එක් දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්වූහ; තවත් පිරිසක් පවතින පාලන තන්ත්‍රය සමග අත්වැල් බැඳගත්හ.

එහෙත් අරගලය ආරම්භයේ සිට අවසානය දක්වා එහි රැඳී සිටි එක් පිරිසක් අරගලය අවසන් වුව ද තමන්ගේ අරගලය අවසන් නොමැති බව ප්‍රත්‍යක්ෂ කරමින් ‘‘ජන අරගල සන්ධානය’’ යන මැයෙන් දේශපාලන ව්‍යාපාරයක් ඇරඹී ය. මේ වන විට එම සන්ධානය 2024 ජනාධිපතිවරණයට ද ඉදිරිපත්වි සිටී. එහි ජනාධිපති අපේක්ෂකයා වන්නේ නීතිඥ නුවන් බෝපගේ ය.

මතු පළ වන්නේ ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ, The Leader TV ඉදිරිපත් කරන BLIND SPOT සමග කළ සම්මුඛ සාකච්ඡාව ය.



pe2024 2

worky sin

නවතම පුවත්