පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අද දිනයේ අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් බැහැදැකීමට
පැමිණ උන්වහන්සේ ගේ ආශිර්වාද ලබා ගන්නා ලදී .
තරුණ නායකයකු ලෙස ජනතාව නගාසිටවා රටේ අනන්‍යතාවය රැකෙන ලෙස වැඩකටයුතු කරනමෙන් උන්වහන්සේ ඔහුට අවවාද අනුශාසනා කළේය.
පාස්කු ප්‍රහාරය ට වගකිවයුතු අය සම්බන්ධයෙන් සොයා බැලීමට අධිකරණ බලතල සහිත ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවය උන්වහන්සේ එහිදී අවධාරණය කළ අතර නාමල් රාජපක්ෂ ද එම යෝජනාව අනුමත කරනු ලැබිය.
''තාත්තා නවත්වපු තැනින් ඉදිරියට අරන් යනවා''
මේ අතර පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත අද (19) පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුයේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට සිදුකරගෙන යාම තම වගකීම බවයි.
මාධ්‍යවේදියා -
රෝහිත අබේගුණවර්ධන කියලා තියෙනවා මොන්ටිසෝරි ළමයි එක්ක මේවා කරන්න බැහැ කියලා, ඔබතුමා මොන්ටිසෝරි ළමයෙක්ද?
නාමල් :
"එතුමා මම ගැනද කිව්වේ" වෙනකෙනෙක් ගැනද කිව්වේ කියලා එතුමාගෙන්ම තමයි අහන්න ඕන.
මාධ්‍යවේදියා -
දෙමළ මුස්ලිම් ඡන්ද නැතුව දිනන්න පුළුවන්ද ඔබතුමාට?
නාමල් :
"අපි අනෙක් දේශපාලන පක්ෂ වගේ මැතිවරණ කාලයේදී වාසි ලබාගන්න අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. අපිට පුළුවන් දේ පුළුවන් කියනවා. බැරි දේ අපි බැහැයි කියනවා.
පොලිස් සහ ඉඩම් බලතල දෙන්න බැහැ. නැත්නම් උතුරු නැගෙනහිර ඒකාබද්ද කරන්න බැහැ. මේ රට බෙදන්න බැහැ.
මාධ්‍යවේදියා -
තාත්තා නවත්වපු තැනින් ඔබතුමා පටන් ගන්නවා කියලද කියන්නේ?
නාමල් :
"පැහැදිලිවම. 2015 රට සංවර්ධනය කරලා නතර කරපු තැනින් ඉදිරියට අරන් යනවා."