theleaderlk 01

රටක් ලෙස ඉදිරියට යා හැක්කේ අයි.එම්.එෆ්. එකත් සමඟ ජනතාවාදී ජනහිතකාමී ගිවිසුමක් හරහා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.


හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (19) මාවනැල්ල නගරයේ පැවැති සමගි ජන බලවේගයේ ජන රැළිය අමතමිනි.

මතු දැක්වෙන්නේ විපක්ෂ නායකවරයා එහිදී කළ කතාවේ සංක්ෂිප්ත සටහනකි.

පොඩි මිනිසා රජකරවන යුගයක්

‘‘අද රටේ ආර්ථිකයට විලංගු දමලා. රට ගජමිතුරු කොල්ලකරුවන්ගේ රජදහනක් බවට පත්වෙලා. සාමාන්‍ය ජනතාවට ආර්ථිකය ශක්තිමත් වීම තුළ ලැබිය යුතු සහනලැබෙන්නෙ නෑ. ජන ජීවිත කුඩා කරලා, ආර්ථිකය කුඩා කරලා, සංකෝචනය කරලා, ජනතාවගේ ජන ජීවිත කුඩා කිරීමෙන් රටක් පාලනය කළ හැකි බවට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විශ්වාස කරනවා.

මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට වැදගත් වන්නේ ජනතාව නොවෙයි. සුළුතරයක් වූ සුපිරි පොහොසතුන්. අපි මේ: ගජමිතුරු, බඩගෝස්තරවාදී, අන්ත දූෂිත, අල්ලස කොමිස් මුදල මත කේන්ද්‍ර ගත වූ මේ දේශපාලන සංස්කෘතිය අතුගා දමලා පොඩි මිනිසා රජකරවන යුගය අනිවාර්යෙන්ම බිහි කරනවා. චෞර තන්ත්‍රවාදයට තිත තබා ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගනවා.

රට ගොඩගැනීමේ ව්‍යාපාරයක්

අප රටක් ලෙස එක්දහස් නවසිය හතළිස් අටේ නිදහස දිනා ගත්තේ සියලු ම ජාතීන් ආගම්වලට සම්බන්ධ නිදහස් සටනේ නායකයන් හා පුරෝගාමීන් එක්සිත්ව හා එක්සත්ව නිදහස් සටනට නායකත්වය දුන් නිසා වුණත් අද රටේ ක්‍රියාත්මක වෙන්නේ බෙදා වෙන් කළ පාලනයක්. අද රට: ජාතීන්, ආගම්, පක්ෂ, කුල, ගෝත්‍ර, පන්ති ලෙස බෙදිලා. මේ රට වැටිල තියෙන ප්‍රපාතයෙන් ගොඩ ඒමට නම් අපි එකතු විය යුතු යි.

මෙරට සතර දිග්භාගය ම, පළාත් නවය ම, දිස්ත්‍රික් විසි පහ ම, ප්‍රාලේ හා උපප්‍රාලේ බල ප්‍රදේශ තුන්සාය හතළිස් එක ම ග්‍රාම සේවා වසම් දාහතර දහස් විසි එක ම එකට එකතු කර ගත් දැවැන්තම, පුළුල්තම දේශපාලන බලවේගය සමගි ජන බලවේගය යි. ශ්‍රී ලාංකිකත්වය තුළින් සත්ජාතිකත්වය කේන්ද්‍ර කර ගෙන එකතු වී රට ගොඩගැනීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට එක්වන්නැයි මම ආරාධනා කරනවා.

අයි.එම්.එෆ් ගිවිසුම මානුෂවාදි කරනවා

අයි.එම්.එෆ්. ගිවිසුමක් නිසා අලුත් ජනවරමකින් බිහි වන ආණ්ඩුවට කිසිවක් කරන්න බෑ කියනවා. රටක් විදියට ඉදිරියට යන්න පුළුවන් අයි.එම්.එෆ්. එකත් සමඟ ජනතාවාදී ජනහිතකාමී ගිවිසුමක් හරහා පමණයි. අයි.එම්.එෆ්. එක තමන්ගේ යෝජනා ලෙස නැවත ණය ගෙවීම දෙදහස් තිස්තුනේ ආරම්භ කරන බව කිව්වට මේ වැඩබැරි අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ආණ්ඩුව එකඟ එක වෙලා තියෙන්නෙ දෙදහස් විසි අටේ ඉල ණය ගෙවන්න. මෙවැනි අමනෝඥ තීන්දුවක් අරගෙන තියෙන්නෙ: නිෂ්පාදන කර්මාන්ත විනාශ කරපු, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විනාශ කරපු ජනාධිපතිවරයා.


අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මේ ණය ගෙවන්නේ ඔහුගෙ පුද්ගලික මුදලින් නෙවෙයි; ජනතාවගේ කැපකිරීමෙන් නිර්මාණය වන ආර්ථිකය වර්ධනයෙන්. අයි.එම්.එෆ් නියෝජිතයන් හමු වූ අවස්ථාවේ සැප්තැම්බර් නිසි එක නව පොදුජන වරමක් තුළින් බිහිවන ජනතාවාදී ජනහිතකාමී සමගි ජන බලවේග ආණ්ඩුව තුළ මේ ගිවිසුම මානුෂියවාදී ගිවිසුමකට ප්‍රවේශ වෙනවා.

අපි ව්‍යවසායකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කරනවා

සමගි ජන බලවේගය ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ වසන්තය උදා කරලා නව ව්‍යවසාකයන් මිලියනයක් බිහි කරනවා. ආර්ථිකය කුඩා කරනවා වෙනුවට ආර්ථිකය ප්‍රසාරණය කරලා නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කරනවා. කර්මාන්ත ක්ෂේත්‍රය වගේ ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද දියුණුවක් ඇති කරලා සුහුරු පාසල් බිහි කරනවා.

 සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ හඬ නැගීම නිසා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන්න හැකියාවක් ලැබුණා ඒත් එම අත්හිටවූ කාලයේ එම ව්‍යවසායකයන්ට කාරක ප්‍රාග්ධනය ලබා දෙන්න රජයට නොහැකි වුණා ඒ නිසා අපි ව්‍යවසායකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කරනවා. බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථික මර උගුලෙන් ජනතාව ගලවනවා

දෙදහස් දහනවයෙ ජනාධිපතිවරණයෙන් පස්සෙ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ හතළිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. සමගි ජන බලවේග රජයක් තුළ දේශපාලන පළිගැනීම් නිසා විපතට හා අසහනයට පත් සියලු දෙනාට සාධාරණය ඉටු කරනවා. දෙවැනි නිදහස් අරගලය ලෙස ආර්ථික මර උගුලින් ජනතාව නිදහස් කරන්න කටයුතු කරනවා. මේ මර උගුලින් ගොඩ එන්න පුළුවන්. සමගි ජන බලවේගය වැඩ කරනවා මිස කයිවාරු ගහන්නෙ නෑ.’’

(සටහන - ජයසිරි අලවත්ත)





mawanalla

mawanalla 2

mawanalla 3

pe2024 2

worky sin

නවතම පුවත්