ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අද (21දා) පස්වරු 2.00ට අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව
නාමල් රාජපක්ෂ පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පිරිස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වුවද ජනතාව එසේ කටයුතු නොකරන බවත්, බිම් මට්ටමේ සියලු දෙනා නැවත පොහොට්ටුව සමග එක්ව ඇති බවත් නාමල් රාජපක්ෂ පවසයි.
කඩපනහ භූමියේ පවත්වන රැලියට පිට පළාත්වලින් ජනතාව රැගෙන නොඑන ලෙස තමා පක්ෂ සංවිධායකවරුන්ට දන්වා ඇති බවද නාමල් රාජපක්ෂ පැවැසීය. වෙනත් පක්ෂ සෙනග පෙන්වීම සඳහා පිටපළාත්වල සිට බස්වලින් ජනතාව ගෙන ආවත්, ඔවුන්ගේ කාලය සහ මුදල් නාස්ති කර එසේ නොකළ යුතු බවට තමා උපදෙස් දුන් බවත් ඔහු පැවැසීය.
නාමල් රාජපක්ෂ වැඩිදුරටත් අදහස් දක්වමින් අද දින කඩපනහ ප්‍රදේශයේ පැවැත්වෙන රැලිය සඳහා සහභාගි වන ලෙස ප්‍රදේශයේ ජනතාවට ඇරයුම් කළේය.
නාමල් යන මග පැහැදිලි කරයි
තම පාලනයක් යටතේ මෙරට වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් ආරක්ෂා කිරීමට ප්‍රතිපත්තිමය තීන්දු ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.
ඊයේ (20) සිය මැතිවරණ ව්‍යාපාරය අතරවාරයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකින් පසුව ඔහු මෙම අදහස් පළ කළේය.
(නිපුන්)