theleaderlk 01

දේශපාලකයන්ට සුරාබදු බලපත්‍ර ලබා දී ඇතැයි නැගෙන චෝදනාව තරයේම ප්‍රතික්ෂේප කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි ප්‍රකාශ කළේය.

සුරාබදු බලපත්‍ර ලබා දෙන්නැයි මෙතෙක් දේශපාලකයන් කිසිවෙක් ඉල්ලීමක් කර නැතැයිද කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.

ලබන සැප්තැම්බර් 21 වෙනිදා මෙරට පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම සඳහා සුරාබදු බලපත්‍ර ලබා දෙන බවට ආණ්ඩුවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් කළ විමසුමට පිළිතුරු ලබා දෙමින් ඔහු එසේ කිය.

'' අප සුර බදු බලපත්‍ර ලබා දෙන්නේ නීත්‍යානුකූලව අප වෙත පැවරි ඇති රාජකාරී ඉටු කිරීමක් ලෙසයි. පූර්ණ විනිවිදභාවයකින් යුතුවයි බලපත්‍ර ලබාදීම සිදු කරනු ලබන්නේ. නීතියට පිටින් සුරාබදු බලපත්‍ර ලබාදීමට අප කාටවත් බැහැ. විවේචකයින් මේ දේ තේරුම් ගත යුතුයි කොමසාරිස් ජනරාල්වරයා කීය.

''සුරාබදු නිවේදන නමසිය දෙක (902) සහ සුරාබදු නිවේදන 2/ 2024  යටතේ අප බලපත්‍ර ලබා දෙන්නේ. සුරාබදු දෙපාර්තමේන්තුවට වයස අවුරුදු 110ක්. අවුරුදු පහළොවකට පසුව බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීමට රජය තීන්දු කළා. ඒ වගේම රජයේ බලපත්‍රලාභී අලෙවිසල් වැඩි කිරීමට තීන්දු කළා. මේ සියලු දේ කළේ ඉතාම විද්‍යාත්මක පදනමක්  මතයි.''

රුපියල් කෝටි 200  ආදායමක්..


ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

''ඉතිහාසයේ පළමු වතාවට සුරාබදු බලපත්‍රලාභීන්ගෙන් එක් වරක් පමණක් අය කරන විශාල මුදලක් තීන්දු කළා. මහා නගර සභා බල ප්‍රදේශයක බලපත්‍රලාභී මත්පැන්හලක් ආරම්භ කළොත් රුපියල් කෝටි එකහමාරක්, මහ නගර සභා සීමාවක නම් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක නම් රුපියල් කෝටියක මුදලක් මෙලෙස  අයකර ගැනීමට තීන්දු කළා. 

මෙමගින් රුපියල් කෝටි 200 ආදායමක් රජය මේ වසර සඳහා බලාපොරොත්තු වුණා. ඉන් අපි දැනට රුපියල් කෝටි 175 ක් උපයාගෙන තිබෙනවා. අපට චෝදනා නැගෙන්නේ අලුතෙන් බලපත්‍රවල ලබා දෙනවා කියලයි. ඒ සිදු කරන්නෙත් මෙහෙමයි.

රටේ ජනගහනය වැඩිවී තිබෙනවා. සංචාරක කර්මාන්තයේ විශාල ව්‍යාප්ත වීමක් සිදු වි තිබෙනවා. කසිප්පු හොර මත්පැන් අලෙවිය වැඩි වෙලා. මේවා නතර කිරීමට නම් ජනතාවට බලපත්‍ර ලාභී මත්පැන් අලෙවිසල් අලුතින් පිහිටුවිය යුතුයි, කියා නිර්දේශයක් ආවා. උදාහරණයක් ලෙස කියනවා නම් සමහර දිස්ත්‍රික්කවල එකක් හෝ බලපත්‍රලාභී මත්පැන් අලෙවිසල් නැහැ. ඒ අනුවයි මෙම තීන්දුව ගත්තේ.

ර. බි. 4  බලපත්‍ර ලාභී මත්පැන්හල් සඳහායි මේ මුදලක් අය කරන්නේ.

 

රජයට ආදායම් එක් රැස් කර ගන්නා ප්‍රධාන ආයතන තුනක් තිබෙනවා. දේශීය ආදයම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඒවායි. අපේ මේ වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 232ක්. එය ගිය වසරට වඩා රුපියල් බිලියන 53 වැඩිවීමක්. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් සියයට 29.6 වැඩිවීමක්.

 

මේ ඉලක්ක අප ජය ගනිමින් සිටිනවා. නිලධාරීන් 429 හිඟයක් තිබෙනවා. එසේ තිබියදී අපි ආදායම් ඉලක්ක ළඟා කරගෙන තිබෙන්නේ. අප විවේචනය කරන අය මේවා දන්නවා ඇති. නමුත් හොඳක් කියන්න කැමති නැහැ. ඒ ගැන අප කනගාටුවෙන් නැහැ.

රජය එක් රැස් කරන සෑම බදු ආදායයක්ම වැය කරන්නේ මහජන සුභසාධනය, රටේ සංවර්ධනය සඳහාය. අපේ අරමුණ රජයට ආදායම් එක්රැස්කරදීමයි කොමසාරිස් ජනරාල්වරයා කිය.

 (ජේ. මුණසිංහ)

pe2024 2

worky sin

නවතම පුවත්