theleaderlk 01

ආර්ථික ව්‍යසනයට අගාධයකට ලක් වූ අප රට ගොඩගත හැකි දැනුම කුසලතාව නිපුණතාව ඇති හොඳ ම කණ්ඩායම සිටින්නේ තමා සමග බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ කොළඹ ෂැංගිලා හෝටලයේ ඊයේ (20) පැවැති ජාතික වෘත්තිකයන්ගේ කවුන්සිලය (NCP) විසින් සංවිධනය කර තිබූ ශ්‍රී ලංකාවේ වර්ධන අවස්ථා විකේතනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික හා ව්‍යාපාරික ක්ෂේත්‍රවල වෘත්තිකයන්, ව්‍යවසායකයින් සහ අනාගතවාදීන්ගේ අදහස් හුවමාරු කර ගන්නා හමුවක් අමතමිනි. 

එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,

විශේෂයෙන්: මානුෂීය ධනවාදයත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් එකට එක් කර ගෙන රටක් ලෙස අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් තුළින් අප රට සෞභාග්‍යය සම්පන්න රටක් වගේ ම ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබන රටක් බවට පත් කරලා එහි ප්‍රතිලාභ සමානාත්මතාව තහවුරු වන ආකාරයට සැවොම බෙදා ගත් ආර්ථිකයක් කරා මේ කණ්ඩායම සමග යන්න පුළුවන් බව මට විශ්වාසයි.

ඒ නිසා මේ නව චින්තනය: මැද මාවත අනුගමනය කරමින්, සමාජ සාධාරණත්වය යුක්තිය ඉටු කරන නව මාවතකට ප්‍රවේශ වෙනවා. මෙහි දූෂණයට වංචාවට කිසිදු ඉඩක් නැහැ. ප්‍රසම්පාදන ක්‍රමවේද බැහැර කරමින්, අන්ත දුෂිත රාජ්‍ය ගනුදෙනු බැහැර කරමින්, දූෂණය මුලින් උපුටා දැනීමේ ආර්ථික නිදහස දිනා ගන්නා මෙහෙයුමට එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරනවා. අපේ රටේ ව්‍යාපාරිකයන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සූරයන් වීරයන් එක්ව රටේ ඉදිරි ආර්ථික ගමන් මග ගැන සුහද සංවාදයකට එක්වීම පිළිබඳව මම ඔබ සැමට සුබ පතනවා...!’’

මෙම අවස්ථාව සඳහා ආචාර්ය මොන්ටේක් සිං (Economic architect of india's liberalization policy), ටී. ක්‍රිෂ්ණකුමාර් (CEO of reliance consumer product limited), වෙරිටේ රිසර්ච් හි ආචාර්ය නිශාන් ද මෙල්, එරාන් වික්‍රමරත්න, සුජීව සේනසිංහ සහ හර්ෂණ රාජකරුණා යන අය ද සහභාගි වී සිටියේය. 

(සටහන - ජයසිරි අලවත්ත)

PHOTO 2024 08 21 13 46 54
PHOTO 2024 08 21 13 46 57


pe2024 2

worky sin

නවතම පුවත්