2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000.00ක්.
රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ වැටුප රුපියල් 55,000ක්.විශ්‍රාමිකයන් සඳහා ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 12,500 ජීවන වියදම් දීමනාවක්
රාජ්‍ය සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප 2025 වසරේ ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න පවසයි.
එසේම, සියළුම රාජ්‍ය සේවකයින් සඳහා පවතින උද්ධමනය හා ආර්ථික සාධක සැලකිල්ලට ගෙන පාදක වසර ලෙස 2025 ජනවාරි මසයේ සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000.00 බැගින් ලබා දීමටද වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුව යෝජනා කර ඇත.

මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා භාණ්ඩාගාර එකඟත්වය ලැබී ඇති බව සඳහන් කළ උදය ආර්. සෙනෙවිරත්න, නව සංශෝධනය සමඟ රාජ්‍ය සේවයේ පහළම සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 30,000.00ක් වන අතර ජීවන වියදම් දීමනාව ද සමඟ මුළු වැටුප රුපියල් 55,000.00ක් වන බව ද කියා සිටියේය.
වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මෙම අදහස් පළ කළේ, ’ස්ථාවර රටකට – සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
කුමන ආණ්ඩුවක් බලයට පත් වුවත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවත් පසුගිය කාලවලදි සිදු කළ රාජ්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ග සලකා බලා වැටුප් විෂමතා නැති කිරීමට මෙම යෝජනා ඉදිරිපත් කළ බවත් උදය ආර්.සෙනෙවිරත්න පෙන්වා දුන්නේය.
මතු දැක්වෙන්නේ එම මාධ්‍ය සාකච්ඡාවේ දී ඔහු විසින් සිදුකල අදහස් දැක්වීමකි.
රාජ්‍ය සේවයේ පවතින සියළුම අභියෝග ජය ගැනීම...
ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා රාජ්‍ය සේවය ඉමහත් කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර එය සංවර්ධනයේ ගාමක බලවේගය ද වේ. වර්තමානයේ රාජ්‍ය සේවයේ පවතින සියළුම අභියෝග ජය ගැනීම සඳහා සිදුකළ යුතු ප්‍රතිනිර්මාණකරණයන් සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙනු ලබන අතර, රාජ්‍ය සේවකයින් සඳහා තෘප්තිමත් රැකියා පරිසරයක් ද, ජනතාවට විශිෂ්ඨ සේවයක් ද, ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ගාමක බලවේගය බවට පත් කිරීම සඳහා පුළුල් වූ වැඩසටහනක් ද වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂ කමිටුව ඉදිරිපත් කර ඇත.

විශ්‍රාමිකයින් සඳහා ද, 2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 12,500.00 බැගින් ලබා දීමටත්, 2020 වසරට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයින්ගේ මෙතෙක් නොගෙවන ලද වැටුප් වර්ධකය ලබා දී ඔවුන්ගේ විශ්‍රාම වැටුප ඒ අනුව සංශෝධනය කිරීමට ද ක්‍රියා කරනු ඇත. එමෙන්ම පවතින රාජ්‍ය මූල්‍ය විභවතාවය මත අදියරගතව සුදුසු පරිදි ප්‍රතිලාභ සලසා දීමට 2025 අයවැය මඟින් ක්‍රියාකරනු ලැබේ.
රාජ්‍ය සේවයේ ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය වර්ධනය කර ගනිමින් ජනතාවට විශිෂ්ඨ මහජන සේවාවක් ලබා දීමේ අරමුණින් 2025 වසරේ දී රාජ්‍ය සේවය තුළ විද්‍යාත්මක වැඩ අධ්‍යයනයක් (Work Study) සිදු කොට නිසි ප්‍රමාණයට රාජ්‍ය සේවය යළි සකස් කර ගැනීමේ විද්‍යාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ඇත. එමඟින් අවශ්‍යතාවය පරිදි රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව පිළිබඳව නිසි තක්සේරුවක් සිදු කරනු ලැබේ.
රාජ්‍ය සේවකයින් සඳහා නිසි කාර්ය සාධන දර්ශක (KPI) හඳුන්වා දීම
රාජ්‍ය සේවකයින් සඳහා නිසි කාර්ය සාධන දර්ශක (KPI) හඳුන්වා දී එම කාර්ය සාධනය ඉටු කිරීමේ ප්‍රගතිය මත වාර්ෂික වැටුප් වර්ධක ලබා දීමේ ක්‍රමය හඳුන්වා දෙනු ඇත. එසේම ඔවුන්ගේ කාර්ය සාධනය මත දිරිගැන්වීම් හා මූල්‍ය නොවන අනෙකුත් වරප්‍රසාද ලබා දීමේ ක්‍රමවේද ද හඳුන්වා දෙනු ලැබේ. වර්තමානයේ හඳුන්වා දී ඇති රාජ්‍ය බදු ප්‍රතිපත්තිය තුළම බදු ගෙවන්නන්ට විශිෂ්ඨ රාජ්‍ය සේවයක් හිමිකර දෙන ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා ප්‍රශස්ථ පරිමාණයෙන් යුතු රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කර ගැනීමට ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය (SLQF) හා ජාතික වෘත්තීය නිපුණතා (NVQ) පාදක කර ගනිමින් තරඟකාරී බඳවා ගැනීමේ ක්‍රමවේදයක් මඟින් රාජ්‍ය සේවය සඳහා සේවකයින් බඳවා ගනු ලබන ක්‍රමය ස්ථාපිත කරනු ඇත. එමඟින් සුදුස්සාට සුදුසු තැන හිමිකර දෙන යුගයක් බිහිවනු ඇත.
විශේෂයෙන් 2025 වසරේ සිට ඉදිරි තෙවසර තුළ ඩිජිටල්කරණය (Digitalization) හා ස්වයංක්‍රීයකරණය (Automation) සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් හැකි සෑම අංශයකම රාජ්‍ය සේවාව තුළට තාක්ෂණය හඳුන්වා දෙමින් ඊ – රාජ්‍ය සේවාකරණය (E-Governance) සඳහා රජයේ ප්‍රාග්ධන ආයෝජන වැඩසටහනට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.
විශේෂයෙන්ම, රාජ්‍ය ආදායම් උත්පාදන ආයතන හා මහජන සේවාවන් සලසන ආයතනවල කාර්ය සාධනය සඳහා මූලිකත්වය ලබා දෙමින් ග්‍රාම නිලධාරී කාර්යාලයේ සිට රජයේ අමාත්‍යාංශ හා සියළුම රාජ්‍ය ආයතන සඳහා ඊ-රාජ්‍ය සේවාකරණය ක්‍රියාත්මක කිරීම තුළින් විශිෂ්ඨ රාජ්‍ය සේවාවක් ඉටු කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.
වසර ගණනාවක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් යැපෙන, එමෙන්ම, සාම්ප්‍රදායික දෙපාර්තමේන්තු ආකෘතියෙන් මිදුණු නව්‍යකරණය වූ ව්‍යවසායකත්ව ආකෘතියක් වෙත පරිවර්තනය කිරීමෙන්, සැමට ප්‍රතිලාභ හිමි ආයතන බවට, හඳුනාගත් රාජ්‍ය ආයතන පත් කිරීමටද ඉදිරි තෙවසර තුළ ක්‍රියා කරනු ලැබේ.
එම ආයතනවල කොටස් හිමිකාරිත්වය 30%ක් රජය සතුව ද, 30%ක් ආයෝජකයින් සතුව ද, 30%ක් කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කිරීමෙන් පොදු ජනතාවට ද, 10%ක් ආයතනයේ සේවකයින් හට ද හිමිවන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් සහිත කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කළ මහජන සමාගම් (Public Quoted Company) බවට පත්කළ ආයතන සමූහයක් ද නිර්මාණය කරනු ලැබේ.
එම ආයතනවල සේවයට අනුයුක්තවන, විශ්‍රාම වැටුප් හිමිකම් ඇති රාජ්‍ය නිලධාරීන් හට ඔවුන් දැනට ලබන විශ්‍රාම වැටුප විලම්භනය කර ඔවුන්ගේ වයස වසර 60 සම්පූර්ණ වූ පසු විශ්‍රාම වැටුපට හිමිකම් ලබන අතර එම ආයතන තුළ සේවය කරනු ලබන කාලය තුළ ඔවුනට අනෙකුත් වරප්‍රසාදවලට හිමිකම් ලැබෙනු ඇත.
රජයේ වැය බර අවම කරමින් පෞද්ගලික අංශය ද දිරි ගන්වමින් ඇතැම් රාජ්‍ය සේවාවන් බාහිර සේවා සැපයුම්කරුවන්ගෙන් ලබා ගනිමින් වඩාත් ප්‍රශස්ථ ලෙස ඉටු කිරීමේ ක්‍රම හඳුන්වා දීමට කටයුතු කරනු ඇත. එමඟින් අනවශ්‍ය සේවකයින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම අධෛර්ය කරමින් පෞද්ගලික සේවාදායකයින් හා ආයතන වලට ද වඩාත් ඵලදායී සේවාවන් ප්‍රවර්ධනය කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසේ. එමඟින් ආර්ථික සේවාවන් වඩාත් පුළුල් වනු ඇත.
අග්‍රහාර වෛද්‍ය රක්ෂණ ක්‍රමය ප්‍රතිසංවිධානයක්
රාජ්‍ය සේවකයින්ගේ ජීවන බර අවම කිරීමේ උපාය මාර්ගයක් ලෙස දැරීමට සිදුවන සෞඛ්‍ය පිරිවැය අවම කරමින් රජයේ සේවකයින්හට දැනට ලබා දෙන අග්‍රහාර වෛද්‍ය රක්ෂණ ක්‍රමය ප්‍රතිසංවිධානය කරනු ඇත. ඒ අනුව විශ්‍රාමිකයින් ද ඇතුළුව සෑම රාජ්‍ය සේවකයෙක්ම මසකට රුපියල් 1,000.00ක දායකත්වයක් සහිතව ක්‍රියාත්මක කරන වෛද්‍ය ප්‍රතිලාභ රක්ෂණ වැඩසටහන තුළින් ප්‍රතිලාභ උපරිම ලෙස සැලසීමට සැලසුම් කර ඇත.
එසේම, අග්‍රහාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන ජාතික රක්ෂණභාර අරමුදල මඟින් අදියරෙන් අදියරට තෝරාගත් රජයේ ආරෝග්‍යශාලාවන්හි රාජ්‍ය සේවකයින් සඳහා වූ සුවිශේෂ පහසුකම් සහිත රෝහල් පහසුකම් ප්‍රවර්ධනය කිරීම තුළින් ජාතික රෝහල් පද්ධතිය ද නවීකරණය කරමින් රාජ්‍ය සේවකයින් සඳහා සුවපහසු වෛද්‍ය සේවා පහසුකම් සලසා ගැනීමේ වැඩසටහන ප්‍රවර්ධනය කරනු ලැබේ.
නිදහස් අධ්‍යාපනයේ උරුමය ..
ශ්‍රී ලංකාව දිනාගෙන ඇති නිදහස් අධ්‍යාපනය තුළ උරුම කරගෙන ඇති කීර්තිනාමය හා විශිෂ්ඨ මානව සම්පත හේතුවෙන් වර්තමානයේ ශ්‍රී ලාංකිකයින් හට විදේශ රටවල් සඳහා තිබෙන ඉල්ලුම හේතුවෙන් නූතනයේ ශ්‍රී ලාංකිකයින් විදේශ රැකියාවන් සඳහා ද, උසස් අධ්‍යාපනය සඳහා ද සංක්‍රමණය වීම සුලභව දක්නට ලැබේ.
එහෙයින්, ශ්‍රී ලංකාවට වටිනා මානව සම්පතක් අහිමි වීම මෙන්ම විදේශ අධ්‍යාපනය සඳහා අති විශාල විදේශ විනිමයක් ද විදේශයන්ට ඇදී යමින් පවතී.
නිදහස් උසස් අධ්‍යාපනය ලබා දීමට ඇති සීමාවන් තුළ අවස්ථාව හිමි විශාල සිසුන් පිරිසකට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලබා ගැනීමට අවකාශය අහිමි වී ඇත. එහෙයින් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලට සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සඳහා අධික පිරිවැයක් දෙමාපියන්ට දැරීමට ද සිදුව තිබේ.
පවතින ආර්ථික ප්‍රතිලාභ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් ද රට හැරයාමේ ප්‍රවණතාවය වර්ධනය වෙමින් පවතී.

මෙම සියළු ගැටළු සඳහා පිළියමක් ලෙස, නිදහස් උසස් අධ්‍යාපනය, සුරක්ෂිත කර ගනිමින් විශ්වවිද්‍යාල ආයතන සඳහා නෛතික හා පරිපාලන ස්වාධීනත්වය ලබා දෙමින් ඔවුන් සතු භෞතික හා මානව සම්පත් ඵලදායී ලෙස යොදා ගනිමින් සාධාරණ පදනමකින් යුතුව ආර්ථික පිරිවැයක් මත පාඨමාලා පවත්වාගෙන යාම සඳහා අවකාශය සලසා දීමට යෝජනා කර ඇත. එමඟින්, අතිරේක ආදායම් මාර්ග වර්ධනය වන අතර සෑම පාර්ශවයකටම ප්‍රතිලාභ උරුම වනු ඇත.
මෙම ක්‍රමවේදය වඩාත් ඵලදායී ලෙස වර්ධනය කර ගනිමින් විදේශ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන, පුහුණු ආයතන සමඟ ද ඒකාබද්ධ වෙමින්, ජාත්‍යන්තර සිසුන් සඳහා ද ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවකාශ පුළුල් කරමින් ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකිය. එමඟින් ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය ඉපැයීමේ ප්‍රමුඛ අංශයක් බවට ද පත් කළ හැකිය.
නිදහස් සෞඛ්‍ය සේවාව ...
නිදහස් සෞඛ්‍ය සේවාව ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම හේතුවෙන් සෞඛ්‍ය දර්ශක අතර ශ්‍රී ලංකාව විශිෂ්ඨ ස්ථානයක් හිමිකර ගෙන ඇත. එහෙයින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය හා සෞඛ්‍ය වෘත්තිකයින් සඳහා ජාත්‍යන්තර පිළිගැනීම ද ඉහළ ගොස් ඇත.
නමුත් වර්තමානයේ ඇති අභියෝග හමුවේ ශ්‍රී ලාංකික සෞඛ්‍ය වෘත්තිකයින් සඳහා ජාත්‍යන්තරව තිබෙන ඉල්ලුම අනුව ඔවුන් විදේශගත වීම ඉහළ යමින් පවතී. මෙම තත්ත්වය වෙනස් කරමින් ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ද වඩාත් විශිෂ්ඨ තත්ත්වයට පත් කරමින් ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය සේවාව සලසන කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ විභවතාවය පවතී.
එහෙයින්, නිදහස් සෞඛ්‍ය සේවා පහසුකම් වඩාත් සුරක්ෂිත වන අයුරින් කළමනාකරණය කරමින් ආර්ථික පිරිවැය පදනම් කර ගනිමින් දේශීය හා විදේශීය ප්‍රජාවට සෞඛ්‍ය සේවාව සැලසීමේ උපායමාර්ග දියත් කළ හැකිය. දැනටමත් සෞඛ්‍ය සේවාව තුළ ඇති භෞතික හා මානව සම්පත් ඵලදායී ලෙස යොදා ගනිමින් සැමට ප්‍රතිලාභ උරුම කරදෙන සෞඛ්‍ය සේවාවේ ප්‍රතිනිර්මාණයන් හඳුන්වා දීමට ක්‍රියා කරනු ලැබේ.
මෙම ක්‍රමවේදයම භාවිතයට ගනිමින් ආයුර්වේද වෛද්‍ය සේවාව ද ආර්ථික ප්‍රතිලාභ වර්ධනය කරගත හැකි ක්ෂේත්‍රයක් බවට පත් කළ හැක.
විශේෂයෙන් සෞඛ්‍ය සේවාව පදනම් කරගත් සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ විභවතාවයෙන් නිසි ප්‍රයෝජන ගැනීමට යෝජනා කර ඇත.
මහ භාණ්ඩාගාරයේ වැඩබලන ලේකම් ඒ.කේ.සෙනෙවිරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.