theleaderlk 01

ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමත්ව ඇත.


මෙම වසරේ මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාවේ ඉහළම ශ්‍රේණිය වන "ඒ" ශ්‍රේණිය ලබාගත් මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව පසුගියදා ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2024 වසර සඳහා "A" ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබේ.

මෙරට ආර්ථිකය මුහුණ දුන් අභියෝගාත්මක කාලවල දී මහ බැංකු අධිපති ලබා දුන් සුවිශේෂී නායකත්වය සහ උපාය මාර්ගික විශේෂඥතාව මෙයින් පිළිබිඹු වන බවත් උද්ධමන කළමනාකරණය, ආර්ථික වර්ධනය, මුදලෙහි ස්ථාවරත්වය සහ පොලී අනුපාත පාලනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් තුළ ආචාර්ය වීරසිංහ ලැබූ සාර්ථකත්වය මැනවින් පෙන්නුම් කෙරෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාව 1994 වසරේ සිට ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබයි. ප්‍රධාන රටවල්, කලාප සහ දිස්ත්‍රික්ක 100 කට අධික සංඛ්‍යාවක මහ බැංකු අධිපතිවරුන් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් කරනු ලබයි.

උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, මුදල් ඒකකයේ ස්ථාවරත්වය සහ පොලී අනුපාත කළමනාකරණය කිරීම සැලකිල්ලට ගනිමින් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව ශ්‍රේණි ගත කිරීම ලබාදෙයි.

එහිදී මහ බැංකු අධිපතිවරයකුට ලබා දෙන ඉහළම ශ්‍රේණිගත කිරීම "ඒ" වන අතර පහළම ශ්‍රේණිගත කිරීම "එෆ්" වේ. "ඒ" ශ්‍රේණිගත කිරීම "ඒ" ප්ලස්, "ඒ" , "ඒ"  මයිනස් ලෙස කොටස් තුනකි.

සම්පූර්ණ ලැයිස්තුව ග්ලෝබල් ෆිනෑන්ස් හි ඔක්තෝබර් කලාපයෙන් සහ GFMag.com වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.


Global Finance’s Central Banker Report Cards 2024


pe2024 2

worky sin

නවතම පුවත්