theleaderlk 01

දේශපාලන ක්‍රියාකාරකම් සඳහා සාමණේර භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කර ගැනීමට එරෙහිව ළමා ආරක්ෂණ සංධානය

විසින් අස්ගිරි මහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන මහනායක ස්වාමීන් වහන්සේ වෙත ලිපියක් යවනු ලැබ ඇත.

මෙම ලිපිය යැවීමට ආසන්නතම හේතුව වී ඇත්තේ: පසුගිය 18 (2024/08/18) වන දින අස්ගිරි මහා පිරිවෙනෙහි ඉගෙනුම ලබන කුඩා සාමණේර වහන්සේලා සමග ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පෙනී සිටි ඡායාරූපයක් ඔහුගේ facebook ගිණුම තුළින් ප්‍රචාරය කර තිබීම ය.

sdt3453
ළමා ආරක්ෂණ අධිකාරිය පවසන ආකාරයට 1991 වසරේ දී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අත්සන් කර ඇත. එම ප්‍රඥප්තියෙහි සඳහන් වන ‘‘දරුවන්ට සිදුවන සියලු අවභාවිතාවන්ගෙන් ආරක්ෂා කිරීමට රජයන් ක්‍රියා කළ යුතු ය. උදාහරණයක් ලෙස දේශපාලන කටයුතු සඳහා භාවිත කිරීම’’ යන වගන්තියට අනුව නාමල් රාජපක්ෂ විසින් එම ප්‍රඥපත්යට එරෙහිව කටයුතු කර ඇති බවත්, මහානායක ස්වාමින් වහන්සේලා ද එලෙස සාමණේර භික්ෂුන් වහන්සේලා අවභාවිත කිරීම පිළිබඳ කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ළමා ආරක්ෂණ සංධානය පවසයි.

ළමා ආරක්ෂණ සංධානය විශේෂයෙන් ම අවධාරණය කරන්නේ සාමණේර භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව තහවුරු කිරීමට සෑම ජනාධිපති අපේක්ෂකයකුට ම බල කරන ලෙසයි. එමෙන් ම සාමණේර භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් නීති සම්පාදනය කිරීමේ දී මහ නායක ස්වාමින් වහන්සේලාගේ සහයෝගය ද බලාපොරොත්තු වන බව එම ලිපියෙහි සඳහන් කර ඇත.  

මෙම කරුණුවලට අමතරව බෞද්ධ ආගමික මධ්‍යස්ථාන තුළ සිදුවන ළමා ලිංගික අපයෝජන වළක්වා ලීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද ළමා ආරක්ෂක සන්ධානය මහානාහිමිවරුන්ගෙන් ඉල්ලා ඇත.

මතු පළ වන්නේ ළමා ආරක්ෂණ සංධානය විසින් අස්ගිරි මහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන මහනායක ස්වාමීන් වහන්සේ වෙත යවන ලද ලිපිය යි.

(සටහන - ජයසිරි අලවත්ත)

idiuwper

 

pe2024 2

worky sin

නවතම පුවත්