theleaderlk 01

විදේශ ගත වන, ගෘහ සේවයේ නියැළෙන අය වෙනුවෙන් ලැබෙන දීමනාවෙන් 05% වන සෙස් බද්ද ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතන භාවිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.


විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ බලපත්‍ර ලත් විදේශ රැකියා නියෝජිත හමුවක දී ය.

එහි දී විපක්ෂ නායකවරයා පළ කළ අදහස් මතු දැක්වේ.

‘ජයගමු’ ඉවෙන්ට් මැනේජ්මන්ට්

‘‘විදේශ ගත වන, ගෘහ සේවයේ නියැළෙන අය වෙනුවෙන් ලැබෙන දීමනාව සේවා ගාස්තුවෙන් සියයට පහක් සෙස් බද්දක් ලෙස අය වෙනවා. එය භාවිත කරන්න ඕනෙ ශ්‍රමිකයන්ගේ සහ විදේශ ගත කරවන ආයතනවල, ශ්‍රමික පවුල්වල සාමාජිකයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන්. නමුත් ලංකාවෙ මේ සෙස් මුදල භාවිතා කරන්නෙ ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතන. ඒකත් ලංකාව ජය ග්‍රහණය කරන්න නෙවෙයි... ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනිය ‘ජයගමු’ කරන්න. මෙතනදි සිදුවෙලා තියෙන දූෂණ, වංචා, හොරකම ගැන සොයා බලන්න ඕනෙ.

සෙස් මගින් එකතුවන මහා ධනස්කන්ධය තනි පුද්ගලයකු හෝ ඇමතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන දෙයක් නොවී විවිධ පාර්ශ්වකරුවන් සහ කණ්ඩායම්වල පොදු යෝජනා අනුව ක්‍රියාත්මක වීම අතිශය වැදගත්. එහෙම නොවුනොත් ඒ මුදල් අද වගේ පුද්ගලික දේශපාලන ව්‍යාපාරවලට යොදා ගන්න උත්සාහ කරනවා. ඒක ජනතාවගේ අරමුදල් අවභාවිත කිරීමක්.  

එසේම ඊශ්‍රයාල් වැනි රටවලට රැකියා කෝටා ලබා දීමේ දී යහපත් ක්‍රමවේදයක් සිදු වෙන්නෙ නෑ. ඒවායේ දූෂිත ක්‍රියා සිදුවන බව වාර්තා වෙන නිසා ඒ ගැනත් සොයා බලන්න ඕනෙ. අපි බලයට පත්වුනා ම පෞද්ගලික පළිගැනීම්වලින් තොරව නිවැරදි සත්‍ය අනාවරණය කරගෙන යහපත්, පිරිසිදු, වගකියන, වගවෙන ක්‍රමවේදයක් සකස් කරනවා. ඒ වගේ ම අනීතික මිනිස් ජාවාරම පවා නැති කරනවා.

විදේශ රැකියා ක්ෂේත්‍රයට නව ජාතික ප්‍රතිපත්තියක්

රැකියා සඳහා යවන දින විසි අටකක කාලය තුළ රු. එක්ලක්ෂ විසි දහසක් අතයටින් දීල පුහුණු සහතිකය ලබා ගැනීමේ අලුත්ම ක්‍රමයේ වෙනසක් රටේ ක්‍රියාත්මක වෙනවා. අද වන විට මෙම ක්ෂේත්‍රය හොර කප්පිත්තන්ගේ හොර ගුහාවක් බවට පත්වෙලා. මේ හොර මගඩිය අනිවාර්යෙන් නතර කරන්න ඕනෙ. අපි, මේ ක්ෂේත්‍රය භාර ඇමතිවරයා විදියට සුපිරිසුදු පුද්ගලයකු පත් කරනවා.

විදේශ රැකියා ක්ෂේත්‍රය ගැටලු, ප්‍රශ්න මෙන්ම දූෂිත ක්‍රියාවලට යොමුවීම නිසා මේ පාර්ශ්වය දැඩි අපහසුතාවට පත්වෙලා. ඒ නිසා දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයේ හොඳ පැතිකඩ ආරක්ෂා කරගෙන, පවතින දුර්වලතා මගහරවා ගෙන, විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කර, විනිවිදභාවයෙන් වගකීමෙන් හා වගවීමෙන් මෙම ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන්න අපි කටයුතු කරනවා.

මේ ක්ෂේත්‍රයේ අඩුපාඩුකම් රැසක් තියෙනවා. ගුවන් ගමන් බලපත්‍ර සෑදීම ප්‍රධාන ගැටලුවක් වෙලා. එක දවසින් දීපු පාස්පෝට් එකට දැන් මාස ගාණක් ගතවෙනවා. මේකට හේතුව වෙලා තියෙන්නෙ මාර්ගගත ක්‍රමවේදය යි. මාර්ගගත ක්‍රමවේදය කාර්යක්ෂම වුනත් ප්‍රමාණවත් පාස්පෝට් තොග නොමැති වීම ගැටලුවක් වෙලා.

දත්ත කේන්ද්‍රීය විද්‍යාත්මක එළඹුමක්

ලක්ෂ හතයි දශම පහක් තිබුණු බැංකු ඇපකරය ලක්ෂ තිහක් වෙලා. ඒක මේ වසර අවසානයේ ලක්ෂ පනහක් වෙනවා. මේ විදියට වැඩි කරන්න හේතුව හානි පූර්ණය ශක්තිමත් කිරීම වුනත් අපි, මේ ගැන නැවත සොයාලා බලලා සත්‍ය තොරතුරු, යථාර්ථවාදී තොරතුරු සහ ප්‍රායෝගික කරුණු ගැන අවබෝධයක් ලබා ගෙන කටයුතු කරනවා.  ඒ සඳහා අපි විධිමත් දත්ත කේන්ද්‍රීය විද්‍යාත්මක එළඹුමකට යොමු වෙනවා.

වෛද්‍ය මධ්‍යස්ථාන හරහා වෛද්‍ය සහතික ලබා දීම ගැන හොයලා බලලා මේ ඒකාධිකාරය වෙනුවට තරගකාරී වැඩපිළිවෙළක අවශ්‍යතාවපේන්න තියෙන නිසා මේ අදාළ රටවල් සමග සාකච්ඡා කරලා දැනට පවතින වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමේ ඒකාධිකාරිය වෙනුවට තරගකාරී ක්‍රමවේදයක් ගැන රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරලා සුදුසු පියවරක් ගන්නවා.’’

(සටහන - ජයසිරි අලවත්ත)




job
job 2job 4

pe2024 2

worky sin

නවතම පුවත්