theleaderlk 01

සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් වැඩි කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වරයා පවසයි.

විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ ඊයේ (23) වරකාපොළ නගරයේ පැවති ජන රැලිය අමතමිනි.

විපක්ෂ නායකවරයා තවදුරටත් මෙසේද පැවසිය.

ආණ්ඩුව සීනි බෝල දේශපාලන දියත් කරලා

‘‘මේ වෙද්දි රටේ හරි අඩක් ජනතාව දැඩි දුප්පත්කමින්, නැතිබැරිකමින් අන්ත දරිද්‍රතාවට පත්වෙලා ඉන්න මොහොතක, පුදුමාකාර පීඩනයට අසහනයට ලක් වෙලා ඉන්න මොහොතක රටේ සමස්ත ජනතාව ඒ දුකින් මුදවා ගන්න මානුෂීය මෙහෙයුමට සමගි ජන බලවේගය ප්‍රවේශවෙලා තියෙනවා. මෙච්චර කාලයක් මේ ආණ්ඩුව රාජ්‍ය නිලධාරින් සැලකුවේ රටට පාඩුවක් විදියට වුනත් හිටිහැටියෙ ම වත්මන් රජය රාජ්‍ය සේවකයාව වැදගත්වෙලා.

ඒකට හේතුව තමයි අවස්ථාවාදීත්වය. තමන්ගේ තැන රැක ගන්න සීනි බෝල දේශපාලන දියත් කරලා රාජ්‍ය සේවනයන් රවටනවා. රාජ්‍ය සේවය රටට පඩුවක් කියපු  මේ අය බොරු පොරොන්දු ව්‍යාපෘතියක නිරවෙනවා. සමගි ජන බලවේගය බොරු පොරොන්දු දෙන්නෙ නෑ. කියන දේ කරනවා. රජයේ බොරු පොරොන්දු වෙනුවට නියමිත සැලසුම ඉදිරිපත් කරනවා. සමගි ජන බලවේග යුගය ආරම්භ වුනාට පස්සෙ ඒවා ඉටු කරනවා.

එසේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප ජීවන වියදමට සරිලන ආකාරයට සංශෝධනය සඳහා විශේෂ කොමිසමක් පත් කරලා ඒ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා. රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉන්න නිලධාරින් ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප සියයට විසි හතරකින් වැඩි කරනවා. රාජ්‍ය සේවකයන්ට ලබා දෙන දාහත් දහස් අටසීයක අවම ජීවන වියදම් දිමනාව විසි පන්දහසක් දක්වා වැඩි කරලා සියලුම රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප රුපියල් පනස් හත්දහස් පන්සියක් දක්වා වැඩි කරනවා. දැනට පවතින බදු ප්‍රතිපත්තිය නිසා රාජ්‍ය සේවකයා ප්‍රමුඛ වැඩ කරන පන්තියට විශාල බලපෑමක් වෙනවා. අද වන විට රාජ්‍ය සේවකයන් විශාල පිරිසකට වැටුප මත අය කරන බද්ද හයයි දශම තුනයි හය දක්වා ක්‍රියාත්මකයි. දැනට පවතින බදු නිදහස් සීමාව එලෙසම පවත්වා ගෙන මේ බද්ද සියයට එකය් දශම දෙකයි ඉහතර දක්වා අඩු කරනවා.

ප්‍රශස්ත රාජ්‍ය සේවයකයන්ට සහා සහන දෙනවා

රාජ්‍ය සේවකයාට ලැබෙන්නේ මාසික දීමනාව පමණයි; අමතර ආදායම් නෑ. වැටුපත් බදු විදියට කැපෙද්දි ප්‍රශස්ත රාජ්‍ය සේවයක් කිරීමට මානසික ශක්තියක් ලැබෙන්නෙ නෑ. මේ සහන ලබා දෙන්නෙ ඒ නිසා. ඊට අමතරව රාජ්‍ය සේවය නූතනවාදී කරලා ඊ ශ්‍රී ලංකා , ඊ ගවර්මන්ට් වැඩසටහන හරහා සුහුරු රාජ්‍ය පාලනයක් සහ ප්‍රශස්ත පුහුණුවක් ලබා දෙනවා. රාජ්‍ය සේවක දරුවන්ගේ අධ්‍යාපනය, රැකවරණය ලබා දෙනවා. මේවා පොරොන්දු නෙවෙයි; රට ගොඩනගන සැලසුම්.


නිරාගමිකයො ආගම් ඇදහීමේ අයිතියට බලපෑම් කරනවා

මේ වනවිට රජය බුද්ධශාසන අමාත්‍යාංශය හරහා ගම්වල හන්දිවල තියෙන බුද්ධ ප්‍රතිමා සංගණනය කරන්න සුදානම් වෙලා ඉන්නවා; බුදුපිළිම තියෙන ස්ථාන හා ප්‍රමාණ සොයනවා. මේක ආණ්ඩුවෙන් අවසර ගන්න කරන වැඩක්; මොවුන් නිරාගමික ජන සමාජයක් හදන්න යනවා. අද බුදුදහමට මෙම නියෝග දීලා හෙට අනික් ආගම්වලටත් බලපෑම් කරන්න පුළුවන්. ජනතාවට ආගම් අදහන්න තියෙන අයිතිය නැති කරන්න හදනවා. මගේ පියා බුද්ධශාසන අමාත්‍යාංශය සහ අනෙකුත් ආගම් සඳහා අමාත්‍යාංශ හැදුවට අද වත්මන් ආණ්ඩුව ආණ්ඩු බලය ගන්න හදන නිරාගමික පිරිසක් එකතු වෙලා ආගම් ඇදහීම තහනම් කරන්න උත්සාහ කරනවා. මේ ලැජ්ජා නැති වැඩ කරන්න එපා කියල මම ආණ්ඩුවට කියනවා. මේ නියෝගය ක්‍රියාත්මක කරත් සමගි ජන බලවේග රජයක් තුළ ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස ලබා දෙනවා. 

 
වරකාපොල ජන රැළියේදී මහජන නියෝජිතයන් පිරිසක් සජිත් ගේ සහයට එති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන් පිරිසක් සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කරමින් මෙම ජන රැලියේදී ඔහු සමඟ එක්වූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැදිගම ආසනයේ සංවිධායක හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපති කිර්ති ශ්‍රී විජේතුංග, රඹුක්කන ආසනයේ කපිල අබේනායක, යටියන්තොට ආසනයේ සංවිධායක යු ඩි වසන්න, ගලිගමුව ආසනයේ සංවිධායක එම් ඒ ජයවර්ධන, ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ප්‍රියන්ත කුමාර, ලයනල් රාජපක්ෂ, සාෆිර්, අනෝමා ප්‍රියංගනි, සනත් නන්දසිරි, සෝමදාස රත්නායක, අනිත් රත්නතිලක, නිමල් විරසිංහ, නයනි විජේරත්න, ශ්‍යාමලි නිසංසලා, සුනිල් පුෂ්පකුමාර, ප්‍රියන්ත පතිරණ, පොදුජන එක්සත් පෙරමුණේ මහින්ද කුමාරසිරි ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීම වෙනුවෙන් එක්වූහ.

(සටහන - ජයසිරි අලවත්ත)
aer342

 

pe2024 2

worky sin

නවතම පුවත්