theleaderlk 01

සර්වජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර ගේ ජය තහවුරු කිරීම උදෙසා රට පුරා ගම් 2,000ක්
ආවරණය කිරීමේ අරමුණෙන් සංවිධාන කෙරුණු 'ගෙදරට පායන තරුව' මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අද (24) ආරම්භ කෙරුණි.

මෙම අවස්ථාවට එක්වූ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පවසා සිටියේ, විශාල වශයෙන් මුදල් වැයකරමින් ජනරැලි පවත්වනවා වෙනුවට ගමට ගොස් ජනතාව හමුවීම මෙහි අරමුණ බවය.

මෙම අවස්ථාවට සර්වජන බලයේ විධායක කමිටු සාමාජික අනුරාධා යහම්පත් ඇතුළු පිරිසක් එක්විය.

මෙහිදී අදහස් දැක්වූ සර්වජන බලය, ජනාධිපති ධුර අපේක්ෂක - ව්‍යවසායක දිලිත් ජයවීර,

"අද අපි මේ ආරම්භ කළේ 'ගෙදරට පායන තරුව' අද සිට දිවයින පුරා සෑම නිවසකට අත්පත්‍රිකා, අපේ ප්‍රතිපත්ති ඇතුළත් උපාය මාර්ගික වැඩපිළිවෙල ලබාදීමට කටයුතු කරනවා."

අපේ 'ගෙදරට පායන තරුව' වැඩපිළිවෙලේ පරමාර්ථය තමයි විශාල මුදල් වියදම්කර රැස්වීම් පවත්වනවාට වඩා, මිනිස්සුත් එක්ක එකතුවෙලා ගමට ගිහිල්ලා ඇත්තටම ගමේ මිනිස්සුත් එක්ක සංවාදයක් ආරම්භ කර සහෝදරත්වයේ දේශපාලනය ක්‍රියාත්මක කිරීම".

දිලිත් ජයවීර අද දහවල් කොළඹ නාගරික නිවාස සංකීර්ණ කිහිපයක සංචාරය කල අවස්ථාවේදී බ්ලූමැන්ඩල් හී රොක් වූ මහ සෙනගක් රබන් ගසමින් ඔහුව පිළිගනු ලැබිය.
ferw342
 

pe2024 2

worky sin

නවතම පුවත්