theleaderlk 01

ජනතාව ජීවත් කරවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවනබව පවසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී දුක් විඳින්න තමා සුදානම් බව ද කියා සිටියි.

 මෙවර ජනාධිපතිවරණයට ස්වාධින අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ එබව පැවසුයේ, මඩකළපුවේදී අද(24) පැවති "පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රචාරක රැළිය අමතමිනි.

ජනාධිපති ලෙස තම යුතුකම වන්නේ ජනතාවට ආහාර ලබාදී ඔවුන් දුකින් මුදවා ගැනීම බව කී ජනාධිපතිවරයා, ජනපති ලෙස තමාට ඒ වගකීම පැවරී තිබෙන බව ද සඳහන් කළේය.

ලොව වෙනත් කිසිම රටක් මෙතරම් වේගයෙන් බංකොලොත් බවින් මිදී නැතැයි ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

 රංජිත් මද්දුම බණ්ඩාර, හරිනි අමරසූරිය වැනි අයට අවශ්‍ය වූයේ මේ යන ක්‍රමය නතර කරන්නට බව කී ජනාධිපතිවරයා මැතිවරණයේදී එවැනි අය අතුගා දැමිය යුතු බව සඳහන් කළේය.

තමාගේ එකම අරමුණ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීම බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරගන්න නම් ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දිය යුතු බව සඳහන් කළේය. 


dfwerw

(ජේ. මුණසිංහ මඩකලපුව කල්ලඩි සිට)

සබැඳි පුවත් :
ජනාධිපති මූලික අයිතිවාසිකම් කඩ කරලා - සජිත් ප්‍රේමදාස

pe2024 2

worky sin

නවතම පුවත්