theleaderlk 01

ඒකාබද්ධ උතුරු නැගෙනහිරක ෆෙඩරල් පාලනයක් ඇතුළු දෙමළ ජනයාගේ දිගුකාලීන දේශපාලන අභිලාෂයන්

වෙනුවෙන් ඉදිරිපත්ව සිටින බැවින්, උතුරේ ස්වාධීන අපේක්ෂකයාට පාර්ලිමේන්තුවේ වැඩිම නියෝජනයක් සහිත දෙමළ පක්ෂයේ නායකයාගේ සහාය පල වී තිබේ.

යාපනයේ පිහිටි සිය නිවසට අගෝස්තු 22 වැනිදා රාත්‍රියේ පැමිණි දෙමළ පක්ෂ කිහිපයක සහාය ලබන ජනාධිපති අපේක්ෂකයා මහත් ඉහළින් පිළි ගනිමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK)  නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රී ධරන් සදහන් කළේ දෙමළ ජනතාවගේ දේශපලන අයිතිවාසිකම් වෙනුවෙන් හිටපු මන්ත්‍රී පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත්ව සිටින බවයි.

"දෙමළ ජනතාවගේ දිගුකාලීන දේශපාලන අභිලාෂයන් වන්නේ, එක්සත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ෆෙඩරල් පදනම් කරගත්, අභ්‍යන්තර ස්වයං නිර්ණය මත පදනම් වූ දේශපාලන විසඳුමක් සහ දෙමළ ජනතාවගේ වර්ග සංහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සහ අතුරුදහන් වීම පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණය සහ යළිත් එවැන්නක් සිදු නොවීම ඇතුළු ඉල්ලීම ඉදිරිපත් කරමින් දෙමළ ජනතාවගේ දේශපලන අයිතිවාසිකම් ඉදිරිපත් කරලා දෙමළ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙලා තියනවා."


ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සාමාජිකත්වය දරන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වන ජනාධිපති අපේක්ෂක පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් සදහන් කර තිබුනේ මැතිවරණයට ඉදිරිපත් වන "හක්ගෙඩිය" ලාංඡනය යෝජනා කරනු ලැබුවේද සිවඥානම් ශ්‍රී ධරන් විසින් බවයි.


"ඇත්තටම මේ ලකුණ අපි ලබා ගන්නකොට මේ ලකුණ ගන්න ඕන කියන පනිවිඩය එයා මට කියලා තිබුනා."

දෙමළ පක්ෂ කීපයක සහාය ලබන උතුරේ ස්වාධීන අපේක්ෂක පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් අගෝස්තු 18 වැනි ඉරිදා මුල්ලිවයික්කාලේ දෙමළ වර්ග සංහාර ස්මාරකයේ ගිනිහුල දල්වා යුද පීඩිත මුලතිව්හි වට්රාපලෙයි සෙන්තමිල් පිටියේ ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වමින් මැතිවරණ ප්‍රචාරයට මුල පුරා තිබුනි.

සිය මංගල රැලිය අමතමින් දෙමළ ජනපති අපේක්ෂක පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් එදින අවධාරණය කර තිබුනේ මෙතෙක් රටේ මුල් පුටුවට පත්වු කිසිවකු විසින් දෙමළ ජනයාගේ ප්‍රශ්න විසදීමට කටයුතු නොකළ බැවින් එය විසදිය යුතු බව ජාත්‍යන්තරයට මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුවට පෙන්වීමේ අරමුණින් තමන් ජනපති සටනට ඉදිරිපත් වු බවයි.


"මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති වීමට තරග කරන්නේ නැහැ. ඒ වෙනුවට මම සංකේතයක්, අහිමි වූ ඊළාම් ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රශ්නය විසඳී නැති බව පෙන්වන සංකේතයක් තමයි මම."  


ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, මෙවර ජනාධිපතිවරණයේ සහාය ලබා දෙන්නේ කාටදැයි මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.

ඒකීය රාජ්‍යයක් තුළ රටේ බහුතර ජන වර්ගය වෙනුවෙන් පමණක් කටයුතු කිරීම සඳහා රාජ්‍ය නායකයකු තෝරා ගන්නා කටයුතු කරන ජනාධිපතිවරණය දෙමළ ජනතාව විසින් වර්ජනය කළ යුතුයයි ඉල්ලා සිටිමින් දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) උතුරු නැගෙනහිර ගෙන්ගෙට යාමේ ව්‍යාපාරයක් දියත් කරමින් සිටී. 

 

 

 

pe2024 2

worky sin

නවතම පුවත්