theleaderlk 01

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදයන් හමුවේ කෝඩුකාරයන්ට රාජ්‍ය පාලනය කිරීමට නොහැකි බව

අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පැවසී ය.

වත්මන් ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනය කිරීම සඳහා කිසිවකුගෙන් උපදෙස් අවශ්‍ය නොවන බව ද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙලෙස පැවසුවේ කඩුවෙල නවගමුව -දකුණ සමූපාකාර මාවත ජනතාව දැනුවත් කිරීමේ හමුවකට එක් වෙමිනි

එහි දී අමාත්‍යවරයා වැඩි දුරටත් දැක්වු අදහස් මතු දැක්වේ.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නව සැලසුම් ක්‍රියාත්මකයි

‘‘සෑම පුරවැසියකුගේ ම දිවිපෙවෙත සමග අත්‍යන්තයෙන් ම බැඳී පවතින ජනාධිපතිවරණය මෙවර අන් කවරදාටත් වඩා රටේ ආර්ථික වර්ධනය මූලික වශයෙන් පදනම් කරගෙන තිබෙනවා. වත්මන් ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ‍එම රාජ්‍ය පාලන කටයුතු සම්බන්ධයෙන් කිසිවකුගෙන් උපදෙස් අවශ්‍ය නැහැ. එතුමා එය ක්‍රියාවෙන් ම ඔප්පු කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා එක්දහස් නමසිය හැත්තෑ හත වසරෙ ඉඳලා අමාත්‍යවරයෙක් වශයෙන් මෙන් ම අගමැතිවරයෙක් වශයෙන් ද අද්දැකීම් සමූහයක් හා මනා පරිචයක් ලබා තිබෙනවා. මත මේ වන විට රටේ පාලනය සිදු වන වත්මන් ජනාධිපතිවරයාගේ වසර දෙකහමාරකට ආසන්න ධුර කාලය තුළ කළ සැලසුම්ගත ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති මත. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ද එම සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

 
වත්මන් ජනාධිපතිවරයා තව දුරටත් රැඳී සිටිය යුතුයි..
 
මේ වන විට වැසී තිබූ පාසල් විවෘත වී: පාසල් පෙළපොත්, නිල ඇඳුම්, පාසල් දිවා ආහාරය දරුවන්ට නිසි කලට ලබා දෙමින් විභාග කාල සටහන යථාවත් කරමින් ගුරු හිඟය පියවා ඩිජිටල්කරණය හරහා නව අධ්‍යාපන පරිවර්තනීය වෙනසකට පදනම සකස් කරමින් පවතිනවා. එබඳු අවස්ථාවක එහි ඉදිරියට යෑමට නම් වත්මන් ජනාධිපතිවරයා තව දුරටත් රැඳී සිටිය යුතුයි.

ඒ හැම දෙයක් ම කරන්න පුළුවන් වුණේ රටේ බංකොලොත් ආර්ථිකය යථාවත් කරගෙන, රට අරාජික අවස්ථාවක වගකීම් භාරගෙන ක්‍රියා කළ නිසා.  කිසිදු දේශපාලන පක්ෂයකට කොටු නොවූ නිර්පාක්ෂික නිර්වාර්ගික ස්වාධීන අපේක්ෂකයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා වටා සියලු‍ ජනතාවට: පාට, පක්ෂ භේදයකින් තොර ව ඒකරාශී වෙන්න පුළුවන්.

ඒ වගේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන රටේ ආර්ථිකය ගොඩගත් වත්මන් ජනාධිපතිවරයා ලබන වසරේ දී තවදුරටත් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ද දැනටමත් ක්‍රියාත්මක වෙමින් සිටිනවා. එබඳු තත්ත්වයක් තුළ කෝඩුකාරයන්ට රාජ්‍ය පාලනය කරන්න බෑ.

(සටහන - ජයසිරි අලවත්ත)


pe2024 2

worky sin

නවතම පුවත්