ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග එකඟ වී ඇති ගිවිසුම් වෙනස් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන්
සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයන් ද එක්කාසු කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ප්‍රසිද්ධ වීඩියෝ සාකච්ඡාවකට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් අද (25) පැවසීය.
ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයන්ට එහිදී රටේ ආර්ථිකය ඉදිරියට පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලට කරුණු කීමට අවස්ථාවක් ලැබෙන බව බව කී ජනාධිපතිවරයා, අනතුරුව එම වීඩියෝ සාකච්ඡාව මුළු රටටම ප්‍රසිද්ධ කළ යුතු බවද සඳහන් කළේය.
එලෙස වීඩියෝ සාකච්ඡාවක් කොට එය ප්‍රසිද්ධ කළහොත් මුළු රටම එදින සිට ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙනු ඇතැයි කී ජනාධිපතිවරයා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනතාවට බොරු කියන්නට එපා යැයි සජබයෙන් සහ ජාතික ජන බලවේගයෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
ග්‍රීසියේ ද මෙලෙස අයි.එම්.එෆ් ගිවිසුම සංශෝධනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කළත් එයට ජාත්‍යන්තර මූල්‍ය අරමුල පිළිතුරු දුන්නේ ලතින් භාෂාවෙන් බවද ඔහු කීවේය. "Pacta sunt servanda" මෙම වචනයෙන් අයි.එම්.එෆ් සංවිධානය කීවේ සංශෝධනය කරන්න බෑ ගිවිසුමෙන් ඉවත්වීම පමණක් බව යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට එජාපය ප්‍රතිඥා දෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමටත් එක්සත් ජාතික පාක්ෂිකයන් ලෙස ඔහුගේ ජය වෙනුවෙන් කැපවීමටත් එජාප විශේෂ සම්මේලනය මෙහිදී යෝජනා සම්මත කර ගත්තේය.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර යෝජනාව සම්මේලනයට ඉදිරිපත් කළ අතර ජාතික සංවිධායක සාගල රත්නායක එය ස්ථිර කළේය.
අනතුරුව සම්මේලනයට සහභාගී වූ සියලුම පාක්ෂිකයන් දෑත් ඔසවා එම යෝජනාවට එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව යෝජනාව සම්මත වූ බවට ප්‍රකාශයට පත් කෙරිණි.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෙම සම්මේලනය පැවැත්විණි.