theleaderlk 01

ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති සෙසු අපේක්ෂකයින්ට ණය ගෙවීමට අවැසි ආදායම උත්පාදනයට කිසිදු උපායමාර්ගික සැලැස්මක් නොමැති බව සර්වජන

අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේ ඊයේ (25) පැවැති ජන රැලිය අමතමිනි.

මෙවර ජනාධිපතිවරණයට "තරුව" ලකුණෙන් තරග වදින, "සර්වජන බලය" දේශපාලන එකමුතුවෙහි අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර ගේ ජය තහවුරු කිරීම සඳහා පවත්වන ජන රැලි මාලාවේ තවත් අදියරක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ අනුරාධපුර කඩපනහ පරිශ්‍රයේදීය.

සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර,

"දූෂණය තවත්වන්න හැමෝම කතා කරනවා දූෂණ කරමින්. මම දැක්කා ජනපති අපේක්ෂකයින්ගේ මාසික ආදායම. මට දුක හිතුනා එයාලා මාසෙකට ලක්ෂයෙන් දෙකෙන් ජීවත් වෙන්නේ. ඔයාලටත් ජීවත් වෙන්න බැරි ගානෙන් එයාලා ජීවත් වෙනවා. එයාලා කළු ආර්ථිකයේ කොටස්කරුවෝ. එක තඹ සත පහක් බදු වශයෙන් එයාලා ගෙවලා නෑ."





මෙම මහජන රැලිය අමතා, ජාතික  නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩී. තිලකසිරි, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, මව්බිම ජනතා පක්ෂයේ නියෝජ්‍ය සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පිවිතුරු හෙළ උරුමයේ නීති ලේකම් නීතිඥ භූපති කහතුඩුව, මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ත් ද අදහස් දැක්වූහ.


anuradhapura

 anuradhapura 2

 anuradhapura 3

pe2024 2

worky sin

නවතම පුවත්