theleaderlk 01

ජනතාව සජිත්ට හෝ අනුරට බලය ලබා දෙන්නේනම් ලබන වසරේ පෙබරවාරි වන විට නැවතත් පෝලිම් යුගයකට

සුදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති නිතීඥ වෘත්තියවේදීන්ගේ හමුවක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඔවුන් පවසන ආකාරයට IMF ගිවිසුම සංශෝධනය කිරීමට ගියහොත් එවන් ඉරණමක් අත්වන බවය.

"ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් නීතිඥයෝ" යන තේමාව යටතේ සංවිධානය කර තිබු මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥවරුන්, ජනාධිපති නීතීඥවරුන්, ජ්‍යෙෂ්ඨ නීතීඥයින් ඇතුළු නීතීඥ ප්‍රජාව නියෝජනය කරන විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසිය.

''සටන තිබෙන්නේ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව නොව ජනතාව ජීවත් කරවීම පිළිබඳවයි''

''මෙවර ඡන්දය ලබාදිය යුත්තේ ගෑස් සිලින්ඩර් සොයමින් ගිය යුගයෙන් ඉවත් වීම සඳහායි''

''යහපාලන ආණ්ඩුව යටතේ හොරු ඇල්ලීමේ වගකීම භාරගත් ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක වුණා''

''මීයෝ ඇල්ලීමට නම් දත් තිබෙන බළලෙකු සිටිය යුතුයි :  බළලාට දත් නැත්නම් තමාට බැන වැඳීමෙන් ඵලක් නැහැ''

එක් පක්ෂයක නොව සියලු පක්ෂවල සිටින දක්ෂම කණ්ඩායම එක් කර ගනිමින් ඉකුත් දෙවසර තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමාට හැකි වූ බවත්, තමන් සමඟ සිටින ආර්ථික කණ්ඩායම අභිබවා යා හැකි කණ්ඩායමක් වෙනත් කිසිඳු පක්ෂයක නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කළේය.

එම පක්ෂවල සිටින ඇතැමුන් තමන් විසින් දේශපාලනයට ගෙන ආ පුද්ගලයන් බැවින් තමන් ඒ බව හොදාකාරව දන්නා බව සඳහන් කළ ජනාධිපතිවරයා, සටන තිබෙන්නේ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව නොව, ජනතාව ජීවත් කරවීම පිළිබඳව බවත්, මෙවර ඡන්දය ලබාදිය යුත්තේ ගෑස් සිලින්ඩර් සොයමින් ගිය යුගයෙන් ඉවත් වීම සඳහා බවත් කියා සිටියේය.

හොරු ඇල්ලීම පිළිබඳව එල්ල කරන චෝදනා පිළිබඳවද මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ, 2015 වසරේ යහපාලන ආණ්ඩුව යටතේ හොරු ඇල්ලීමේ වගකීම භාරගත් ජනතා විමුක්ති පෙරමුණ පොලිස් නිලධාරියෙකු හෝ නීතිඥයෙකු ද නොවු ආනන්ද විජේපාල ව ඒ සඳහා පත් කර ගනිමින් ලිපිගෙනු 400ක් ගෙන ක්‍රියා කළ බවයි.

අග්‍රාමාත්‍යවරයා ලෙස තමා සිදු කළේ එම කටයුතු සඳහා ප්‍රතිපාදන සැපයීම පමණක් බව පැවසු ජනාධිපතිවරයා, මීයෝ ඇල්ලීමට නම් දත් තිබෙන බළලෙකු සිටිය යුතු බවත් බළලාට දත් නැත්නම් තමාට බැන වැඳ ඵලක් නොවන බවත් කියා සිටියේය.

මා සමඟ සිටින්නේ හොඳම කණ්ඩායමයි

තමා සමග සිටින කණ්ඩායමට අභියෝග කළ හැකි කණ්ඩායමක් වෙනත් කිසිඳු පක්ෂයක නැති බව අවධාරණය කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ පැවසිය.

"කණ්ඩායම් විදියට අවුරුදු දෙකකින් එය කළා. රටවල් 18ක්, IMF සංවිධානය, ලෝක බැංකුව, ADB සමඟ ගිවිසුමකට ඇවිල්ල තියෙනවා.  ඒ අනුව ඉදිරි වැඩ කරන්න තියෙන්නේ. මම අහන්නේ තමන්ගේ ඡන්ද ප්‍රකාශවලින් කියන දේ කළොත් ගිවිසුම් කැඩෙනවා. ඒවට වෙනම මුදල් හොයන්න ඕන. වැට් අඩුකළොත් ආදයම් බදු වැඩිකරන්න වෙනවා.  එකක් වෙනස් කරන්න බැහැ. ට්‍රිලියන 5 සොයන ක්‍රමය වෙනස් කළ හැකියි. හැබැයි ඉල්ලක්කයේ ඉන්න ඕන. ඉතින් මේ ඉලක්කේ දෙන්නේ නැතිනම් මොකද්ද වෙන්නේ.  

ඒ අය කියනවා IMF එක එක්ක අපි කතා කරනවා කියලා.  IMF සමඟ කතා කළාට වැඩක් නෑ , බලතල නැහැ. රටවල් සමඟ කතා කරන එක පහසු නැහැ. ඒ අය ඇවිල්ල බලන්නේ ගිවිසුම් අනුව ක්‍රියාකළාද ? ඊළඟ මාස හයේ කරන්නේ මොනවද බලනවා. අපි කිව්වොත් සංශෝධනය කරනවා කියලා. එහෙනම් ආයිත් සූදානම් වෙන්න පෝලිම් යුගයකට.

ඊළඟට හොරු අල්ලනවා කියනවා. අපි  2015දී හොරු අල්ලන් ජවිපෙට භාරදුන්නා. ආණ්ඩුව ආපුවාම අපි දුෂණය පිළිබඳ ලේකම් කාර්යාලයක් ඇති කළා. පුද්ගලයින් පත්කරන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන්. ඒ අය ආනන්ද විජේපාල දූෂණය පිළිබඳ ලේකම් කාර්යාලයට පත්කළා. මම දන්න හැටියට මේ වැඩේට පත්කරනවා නම් ප්‍රධානියා පොලීසියේ හෝ නිතීඥයෙක් විය යුතුයි.  ආනන්ද විජේපාල ඒ දෙකටම අයිති නැහැ. ෆයිල් 400කට අදාළ පුද්ගලයින් නම් කළා. එක් එක් තැනින් විමර්ශනට විමර්ශන සාර්ථකයි අසාර්ථකයි කියලා මට බැනලා වැඩක් නැහැ. මට තිබුණේ මුදල් දෙන්න. මම කියන්නේ  මීයෝ අල්ලන්න දත් තියෙන බළලෙක් දාන්න ඕන."

low

 

 

pe2024 2

worky sin

නවතම පුවත්