theleaderlk 01

කොරෝනා සමයේ එවක ආණ්ඩුව ක්‍රියාත්මක වූයේ ජාතිවාදී ආගම්වාදී ප්‍රතිපත්ති පෙරටු කර ගෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (26)  මඩකළපුව එරාවුර් නගරයේ පැවති සමගි ජන බලවේගයේ රැලිය අමතමිනි.

එහි දී සජිත් ප්‍රේමදාස මෙසේද පැවසිය. 

‘‘අපේ ගමනේ ප්‍රධාන අරමුණ වෙන්නේ ජාතික සමගිය යි. අපි, ජාති, ආගම්, කුලමල, පන්ති පක්ෂ කිසිදු භේදයකින් තොරව ජාතික ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා. රටේ සෑම ආගමකට ම, ජාතියකට ම, ඇති අයිතිය ආරක්ෂා කරනවා; රැක ගන්නවා. කොරෝනා සමයේ ආදාහන භුමදාන ගැටලුවේ දී ඉස්ලාමීය ජනතාවගේ භූමදාන අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ සමගි ජන බලවේගය පමණයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිගමන හරහා භූමදානයට පක්ෂව තමා ඇතුළු පිරිස හිටගත්තට එදා ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ ජාතිවාදී ආගම්වාදී ප්‍රතිපත්ති පෙරටු කර ගෙනයි.

ඊශ්‍රායල් රටේ ත්‍රස්තවාදී ප්‍රහාරයට මුහුණ දෙන පලස්තීන ජනතාව වෙනුවෙන් සෘජුවම පෙනී සිටියේ තමා ඇතුළු සමගි ජන බලවේගය පමණයි. ඊශ්‍රායල් ආණ්ඩුවට පලස්තින ජනතාව සමූල ඝාතනය කරන්න අයිතියක් නැහැ. මේ රටවල් දෙක සහෝදරත්වයෙන්, මිත්‍රශීලීත්වයෙන්, සාමකාමීව ජීවත් විය යුතු යි.’’


M SJB 267

M SJB 268

pe2024 2

worky sin

නවතම පුවත්