theleaderlk 01

මෙරටෙහි ග්‍රාමීය දෙමවුපියන්ගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි වැඩ පිළිවෙළ පවතින්නේ සමෘද්ධි ව්‍යාපාරය තුළ බව

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (26) දොඩන්ගස්ලන්ද ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

සමෘද්ධිලාභියාව ව්‍යවසායකයෙක් බවට පත් කරනවා

‘‘සමෘද්ධි ව්‍යාපාරය තුළ තමයි මේ රටේ ග්‍රාමීය දෙමව්පියන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වැඩපිළිවෙළ තියෙන්නෙ. ඒක අපි ක්‍රියාත්මක කරනවා. අපේ හැම මැතිවරණයක් ම ජයග්‍රහණය කළෙත්, අවසන් කළෙත් දොඩම්ගම්ලන්ද ආසනයෙන්. අපි පක්ෂයක් විදියට මේ රටට වැඩ කරපු දේශපාලන බලවේගයක්. අපි මේ රට බෙදන රටට ද්‍රෝහි වෙන, ජනතාව අපහසුතාවයට පත් වෙන කිසිඳු කාරණයක් කරල නෑ.  අපේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණයි මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් කියලා අපි හැමදාම විශ්වාස කළා. අපේ රටෙ ගොවියා ධීවරයා, කම්කරුවා ශක්තිමත් කිරීමෙන් පමණයි මේ රටේ ව්‍යාපාර හැටියට දීර්ඝකාලීනව ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ ආණ්ඩුවක් තුළ මේ රටේ ගමේ ජීවත් වෙන අම්මා තාත්තගෙ අතට මුදල් ලැබෙන විදියට මේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව.

ගමේ ව්‍යවසායකයාට, සමෘද්ධි ව්‍යාපාරය හරහා, ගමේ ව්‍යාපාරිකයාට ග්‍රාමීය බැකු පද්ධතිය හරහා ග්‍රාමීය ව්‍යාපාරිකයාට අවශ්‍ය වැඩිපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මගෙ ආදරණීය අම්මේ තාත්තේ, මම විශ්වාස කරනවා සමෘද්ධි ව්‍යාපාරය අපි ශක්තිමත් කරන්න ඕනේ. අද සමහරු කියනවා ඇයි මේ සමෘද්ධිය දෙන්නෙ,මොකටද මේ 5000 දෙන්නෙ කියල. හැබැයි එහෙම කියන අය අස්වැසුම වගේ මාසෙන් තුනෙන් හයෙන් නැති වුණ ව්‍යාපෘතිත් හැදුවා. අපි විශ්වාස කරනවා සමෘද්ධි ව්‍යාපාරය තුළ තමයි මේ රටේ ග්‍රාමීය දෙමව්පියන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වැඩපිළිවෙළ තියෙන්නෙ. ඒක අපි ක්‍රියාත්මක කරනවා. අපි සමෘද්ධිලාභියාව ව්‍යවසායකයෙක් බවට පත් කරනවා. ඔබේ දරුවන්ට දේශීය විදේශීය වෙළෙඳපොළට යන්න පුළුවන් අවකාශය අපි හදනවා. සමෘද්ධියෙන් ප්‍රතිලාභියෙක් බිහිවෙනවා වෙනුවට ඔහු දේශීය ආර්‍ථිකය ශක්තිමත් කරන්නෙක් බවට පත් කරනවා. මේ තුළින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් දේශීය ව්‍යාපාරිකයා ගොඩනගනවා. මේ සමෘධි ව්‍යායාපාරයේ මූලික හරයන් ආරක්ෂා කරමින් අපි කටයුතු කරනවා.
 
 
ආයෝජකයො ගමට ගේනවා
 
අපි අවුරුදු තිහක් යුද්ධ කළා. අවුරුදු තිහ ඇතුළෙ බොහෝ නායක නායිකාවො සාමය ගේන්න මැතිවරණ වේදිකාවේ බලය ඉල්ලුවා. සමහරු ප්‍රභාකරන්ට මිස්ටර් ප්‍රභාකරන් ද කොහෙද කියලා ඔබ එහා පැත්තෙ ඉන්න අපි මේ පැත්තෙ ඉන්නම් කියලා ගිවිසුම් අත්සන් කළා. සමහරු යුද්ධ කරලත් බැලුවා. අවුරුදු තිහක්ම හැම නායක නායිකාවකගෙ ම සටන් පාඨය වුණේ යුද්ධෙ ඉවර කරනව කියලා.  මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ කාරණේ අවුරුදු තුනක් ඇතුළත අවසන් කළා. ඒඅනුව මේ රටේ ග්‍රාමීය ආර්ථිකය ගොඩනගන්න ග්‍රාමීය ජනතාව ශක්තිමත් කරන්න අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. වැඩි ප්‍රමාණයක් ම සටන් කරන්න යුද්ධෙට ගියෙ මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අම්මා තාත්තගෙ දරුවො. වයඹ දෙමව්පියන්ගෙ දරුවො තමයි එදා මේ රට බේරගන්න සටන් කෙරුවෙ. ඔබ තමයි මේ රටට ජීවිත පූජාන්කරලා මේ රට බේරගත්තේ. ඒ රණවිරුවට තිබ්බ අභිමානය නැති කරන්නත් සමහර කණ්ඩායම් පහු ගිය කාලෙ කටයුතු කළා. එක පැත්තකින් සමහරු  මහා සංඝරත්නයට මඩ ගැහුවා, මේ රටේ බුදුදහම විනාශ කරන්න කටයුතු කළා.  

අපි වගකීමකින් කියනව රට වෙනුවෙන් ජීවිතේ පුජා කරපු, අත පය අහිමි වුණ, තමන්ගෙ හෙට දවස වෙනුවට මේ රටේ දරුවන්ගෙ හෙට දවස වෙනුවෙන් ජීවිත පූජා කරපු රණවිරුවගෙ ගෞරවය අපි ආරක්ෂා කරනවා.  ඒ වගේම තරුණයන්ට අවශ්‍ය රැකියා පරිසරය අපි නිර්මාණය කරනවා. අපි ආයෝජකයො ගමට ගේනවා. ගමට ගෙනල්ල ඒ අවශ්‍ය පරිසරය ගොඩනගනවා. ආයොජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කරලා ඔවුන්ට රැකියා උත්පාදනයට අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරන්න ඕනේ. හැම ගමකටම කර්මාන්තයක් නිර්මාණය කරමින් මේ රටේ රැකියා පරිසරයට විශේෂයෙන් තාක්ෂණයත් එක්ක බද්ධ වුණ ක්‍රමවේදයන් නිර්මාණය කරනවා. ඒ වගේම විරැකියාවට අපි රැකියා විසඳුම් නිර්මාණය කරනවා.  අවසාන වශයෙන් කියනවා සැප්තැම්බර් විසි එකෙන් පටන් ගන්න අපේ වැඩපිළිවෙළ නැවත වතාවක් වැඩබිමක් බවට පරිවර්තනය කරන පොරොන්දුව දෙමින් සියලු දෙනාට සුබ අනාගතයක් පතනවා.’’
 

 zdfwerw44
 

pe2024 2

worky sin

නවතම පුවත්