කොරෝනා ව්‍යසනය හමුවේ බොහෝ ප්‍රදේශවල පීඩාවට පත් ජනතාවට භාණ්ඩ බෙදා දීම පොහොට්ටුකරණයට ලක්ව ඇති බවත්

ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලඥයන් සිය දේශපාලන බලය අයුතු ලෙස භාවිත කරමින්, කල දුටු කල වල ඉහ ගැනීමේ කටයුත්තක නියැලි සිටින බව පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඇඳිරි නීතිය පවතින මෙම කාල සීමාව තුල යම් යම් ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය භාණ්ඩ බෙදා දීමට බලපත්‍ර ලබා දී ඇත්තේ එම ප්‍රදේශයේ ජනතාවට නොව රජයට පක්ෂපාති පිරිස් වෙතය. මහ මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇති නමුත් ආණ්ඩු පාර්ෂවයේ පිරිස් මෙම ව්‍සනකාරී තත්ත්වය තුළ පවා දේශපාන වැසි ලබා ගැනීමේ අරමුණ ඇතිව වැඩ කටයුතු කර ගෙන යන ගමන්ම තම සාක්කුව පුරවා ගැනීම සිදු කරයන බව වාරතා වේ. 

මේ මොහොතේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණ පසකලා ජනතාවට නිසි ලෙස සහන සැලසිය යුතුව තිබුනත් පානදුර පල්ලිමුල්ලේ ගොරකාපොළ ග්‍රාම නිලධාරී වසමේ පානදුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ලලිත් ප්‍රනාන්දු පානදුර ප්‍රදේශයට ලැබෙන සහනාධාර බඩු ගොරකාපොළ කුමාරතුංග මාවතේ පිහිටි මන්ත්‍රී වරයාගේ නිවසේ ව්‍යාපාර ස්ථානයක් ලෙස පවත්වාගෙන යමින් පොහොට්ටුවේ හිතවත් පිරිසටත් පානදුර පාද සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු හතරදෙනකු සම්බන්ධ කරගෙන ඔවුන් ගේ පාක්ෂිකයන් වෙත ලැබෙන සහනාධාර අලෙවි කරන බවට ප්‍රදේශවාසීන් චොදනා කරයි.

මෙම ආහාර බෙදා හැරීම රජය විසින් පවරා තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම් යටතේ ග්‍රාම නිලධාරීන් වෙත ය. එහෙත් මෙය දිගින් දිගටම ලලිත් ප්‍රනාන්දු=ගේ සහෝදරයා වන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සුනෙත්ත්‍රලාල් ප්‍රනාන්දුගේ අනු දැනුම මත සිදු කරනු ලබන බව වැඩිදුරටත් ජනතාව චෝදනා කරයි.=

මේ පිළිබඳව පානදුර පොලිස් අධිකාරී ,පානදුර පොලිස් උතුරේ ස්ථානාධිපති ,පානදුර ප්‍රාදේශීය ලේකම් බුද්ධිනී මහත්මිය දැනුවත් කළ ද කිසිදු ක්‍රියා මාර්ගයක් තවමත් ගෙන නැති බව ප්‍රදේශවාසීන් පවසයි.

පොහොට්ටු මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මේ හේතුවෙන් ගොරකාපොළ ග්‍රාම නිලධාරි බැරගම මහත්මිය දැඩි අසීරුතාවයට පත්ව ප්‍රදේශයේ සහනාධාර බෙදීම ඉතා අක්‍රමවත්ව සිදුවන බව පානදුරින් වාර්තා වේ.

 

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරිය පොහොට්ටු මන්ත්‍රින් අතට ගනී

මෙම කොරෝනා වසංගතයෙන් බරපතල ආතතයට හා පීඩාවට පත්ව සිටින ජනතාවට නිසි ක්‍රමවේදයක් තුළ සහන සලසනවා වෙනුවට සිට දේශපාලන වැඩ කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශක සිටී. හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නෙ රාජ්‍ය යාන්ත්‍රණය පැත්තකට කර ප්‍රාදේශීය දේශපාලඥයන් බඩු බෙදා දෙන මුවාවෙන් දේශපාලන කටයුතු සිදුකරන බවයි.

 

                                                            

Panadura 2

Panadura 1

Panadura 3

Panadura 5

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්