ටෙලිකොම් පුද්ගලීකරණය, විදුලිබල මණ්ඩලය විකිණීම, ETF සහ EPF අරමුදල් කොල්ලකැම යනාදි සියල්ල IMF
කොන්දේසි බව ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ පැවසී ය.
ඔහු මෙලෙස පැවසුවේ අද (2024/08/27) මරදාන CSR ශලාවේදී පැවැති ‘‘ජනතාවගේ ප්‍රතිපත්තිය වැඩකරන ජනතාවට’’ නමැති සංවාද සභාව අමතමිනි.
මතු දැක්වෙන්නේ එම සංවාද සභාවේ දී 2024 ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගෙ සහ ජන අරගල සන්ධානයේ දුමින්ද නාගමුව දැක්වු අදහස් ය.

අපි අයි එම් එෆ් එපා කිව්වම හැමෝම බය වෙලා - නුවන් බෝපගෙ
ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියන්නෙ හුදු මැතිවරණ පොරොන්දු මල්ලක් නෙවෙයි. ඒ ප්‍රතිපත්ති ඇතුළෙ වැඩකරන ජනතාවගේ ඉල්ලීම් අනිවාර්යයෙන් තියෙන්න ඕන. ඉතිහාසයේ ඉඳලම අරගලවල හිටපු අය තමයි මෙතන ඉන්නේ. මේ ප්‍රතිපත්තිය ඇතුළෙ තියෙන්නෙ ඔබ වැඩ බිමේ, අරගල බිමේ නියෝජනය කළ සටන් පාඨ.
අයි එම් එෆ් එපා කිව්වම හැමෝම තක්බීර් වෙලා බලන්නෙ අපි දිහා. හැබැයි මෙතන ඉන්න අය දන්නවා. ඇයි ටෙලිකොම් පුද්ගලීකරණය කරන්නෙ ? ඇයි විදුලිබල මණ්ඩලය විකුණන්න යන්නෙ. ඇයි ඊ ටී එෆ් සහ ඊ පී එෆ් අරමුදල් කොල්ලකන්න සැලසුම් සකස් වෙන්නේ කියල. මේ ඔක්කොම අයි එම් එෆ් කොන්දේසි.
අපි ජනතාවගේ ප්‍රතිපත්තිය ඇතුළෙ ඔබේ වැටුප් ප්රශ්නය කතා කරා. ඒක මගහැරල යන්න අපිට බෑ. අපි මේවා ප්‍රතිපත්ති විදිහට ඉදිරිපත් කරාම ඔන්න දැන් සජිත් කියනවා එයා ආවාම පනස්හද් දාහක් දෙනවලු. ඒවගේම වතුකරයේ ජනතාවගේ මූලික ඉල්ලීමක් වෙච්ච දෙදහසේ වැටුප් සටන්පාඨය අපිට මගහැර යන්න බැ. අපි ඒක අපේ ප්‍රතිපත්ති ඇතුළෙ සඳහන් කරල තියෙනවා.
කම්කරු නීති වෙනස් විය යුතුයි

දැනට වැඩකරන ජනාතාවගේ වෘත්තීය සමිති එකට එකතුවෙන්න සහ ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාර ඇතුළෙ තීරණ ගැනීමේ බලය නෛතිකව පිළිගත යුතු බව අපි කතාකරල තියෙනවා. අපි දන්නවා කම්කරු නීති වෙනස් වෙන්න ඕන. හැබැයි රනිල් වික්‍රමසිංහ තනි කම්කරු නීතියක් ගෙනල්ලා වැඩකරන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය කොල්ලකන එකට අපිට එකඟ වෙන්න බෑ . වැඩ කරන ජනතාවගේ වැඩ දිනය පැය අටේ ඉඳන් හය දක්වාවත් අඩු කරන තැනටයි අපි දේශපාලන අරගලය මෙහෙයවන්න ඕන.
සමහරු ලංකාව දකුණු කොරියාවක් කරන්න, සිංගප්පූරුවක් කරන්න කතාකරනවා. ඒගොල්ලන්ට අමතක වෙලා ඒ රටවල කම්කරු ජනතාවගේ නිදහස අහිමි කරමින් ක්‍රියාත්මක ම්ලේච්ඡ නීති; ඒ ජනතාවගෙන් මරව මරව වැඩ ගන්න හැටි.
අයි එම් එෆ් එකෙන් ඉවත් නොවී කොහොමද වැඩකරන ජනතාවට නිදහස දිනා දෙන්නෙ. අපි කොහොමද වැඩකරන ජනතාවගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ. ඒ නිසා දැන් මෙතන තියෙන්නෙ අයි එම් එෆ් ප්‍රතිපත්තිය සහ ජනතාවගේ ඉල්ලීම් අතර ඝට්ටනයක්. අපිට මෙතනදි බැහැ වැඩකරන ජනතාව අමතක කරලා අයි එම් එෆ් ප්‍රතිපත්ති පස්සෙ යන්න.
ආර්ථික පරිවර්තන පනතට එරෙහි වන්නේ ඇයි...?

ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුව ඇතුළෙ සම්මත වුණා. ඒක ඇතුළෙ නීති ගෙනල්ලා තියෙන්නෙ ජනතාවගේ ජීවිත අගාධයට ඇදල දාන්න; සමාගම් පෝෂණය කරන්න. ඉතින් අපි ඒ මජර නීතියට එරෙහි වෙන්න ඕන නැද්ද? අපි කියනවා මේ වැඩපිළිවෙළ ඔබ විසින් හදපු ප්‍රතිපත්තියක්. පැහැදිලිව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ කම්කරුවන් පිළිබඳ කරුණු ඔබ විසින් තමයි හැදුවේ. ඒ නිසා ඔබේ සැබෑ ප්‍රශ්න තමයි ඒ ප්‍රතිපත්තිය ඇතුළෙ තියෙන්නෙ. මේ මැතිවරණය ඇතුළෙ ජනතාවගේ වැඩපිළිවෙළ හැර වෙන ඕනෑම වැඩපිළිවෙළක් ජයග්‍රහණය කළොත් අයි එම් එෆ් උගුලේ මේ රට හිර වෙන එක ස්ථිරයි; ඉන්දියානු මැදිහත් වීම්වලට මේ රට යට වෙන එක ස්ථිරයි. ඒ නිසා මේ ජනතාවගේ වැඩපිළිවෙළ වැඩකරන ජනතාව අතරට ගෙනියමු. ජනතාව අතර මේ සංවාදය තවදුරටත් වර්ධනය කරමු.
එළඹෙන මැතිවරණය ඇතුළෙ ජනතාවගේ ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න ජන අරගල සන්ධානය වෙනුවෙන් ඔබ ලබා දෙන හැම ඡන්දයක් ම ඉදිරියේදීත් අරගල බිමේ ඔබේ සටන් පාඨ නියෝජනය කරන්න අපිට ලැබෙන ශක්තියක්.’’

හෙළි කළ නොහැකි වත්කම් පවරා ගන්නවා - දුමින්ද නාගමුව
ජන අරගල සංධානයේ දුමින්ද නාගමුව
‘‘අපි ජීවත් වෙන සමාජයේ තියනවා ගැටුමක්. ඒ තමයි සාමාන්‍ය ජනතාවගේ ජීවන අවශ්‍යතාව සහ එක් සුළු පන්තියක ලාභය අතර ගැටුමක්. සමස්ථ අධ්‍යාපනයට වෙන් වෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකයි දශම අටයි. අපි යෝජනා කරනවා මෙය සියයට හය දක්වා මේක වැඩි කරන්න. ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්න ගැඅපි මූලික වශයෙන් අවධානය යොමු කළා න. අපි වැටුප් කොමිසමක් යෝජනා කරනවා. ඒ ඔස්සේ වැටුප් ප්රශ්නය විසඳන්න අපි මැදිහත් වෙනවා. අපි දැක්කා පහුගිය කාලේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සටන් කරා අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන්න කියලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අරගල කරනවා අධ්‍යාපනය පෞද්ගලිකරණය කරන්න එපා කියලා. එහෙත් අපි දන්නවා දැන් එළියට ආව ප්රතිපත්තිවල සඳහන් වෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කරන යෝජනා . ඉතින් අපි ඒගොල්ලන්ගෙන් අහන්නෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ දශක ගාණක අරගලයට එතකොට මොකද වෙන්නේ...? ඒ සටන්පාඨය නියෝජනය කරන්නවත් ඒ අපේක්ෂකයන්ට හැකියාවක් නැත්නම් එහෙම අපේක්ෂකයන් ගැන ජනතාව තීරණයක් ගන්න ඕන.
මේ පාලකයෝ ගොඩගහගත්ත වත්කම් පිළිබඳව විමර්ශනය කරන්න පුළුවන් පනතක් අපි ගේනවා. ඒ පැළැන්තියට තමන්ගේ වත්කම් උපයාගත්ත විදිහ හෙළිකරන්න බැරි නම් ඒ වත්කම් අපි පවරගන්නවා. ඒ නිසා අපි කියන්නෙ මේ රටේ ජනතාව විසි එක්වෙනිදා පාවිච්චි කරන ඡන්දය අයි එම් එෆ් ප්‍රතිපත්තිවලට පක්ෂ ඡන්දයක් වුනොත් ඒ ඔබටම එරෙහි වීමක්. ඒ නිසා මේ ඡන්දයේදී ඔබේ ජීවිත පිළිබඳව හෝ හිතල ඡන්දය පාවිච්චි කරන්න කලින් හුදෙක් පුද්ගලයෙක් දිනවීමෙන් එහාට ගිහිල්ලා ප්‍රතිපත්තියක් දිනවන්න මැදිහත් වෙන්න.’’
(සටහන - ජයසිරි අලවත්ත)