ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස සමගි විය යුතු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරළ කළ ප්‍රකාශය නිවැරදි බවත් එය රට වෙනුවෙන්
ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වූ බවත් රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.
“මාත් සජිත් ප්‍රේමදාසට සහ රනිල් වික්‍රමසිංහට එජාපය සමඟ සහයෝගයෙන් කටයුතු කරන කියලා ඒත්තු ගැන්වීමට උත්සාහ කළා. නමුත් සජිත් එම පියවරට විරුද්ධ වුනා. හොඳම අදහස ඉදිරිපත් කළේ තලතා බව මම පැවසිය යුතුයි,” පාර්ලිමේන්තු මන්ත්‍රී සේනාරත්න කීවේය.
සජිත් ප්‍රේමදාසට ජයග්‍රහණය කළ හැකි බව තවමත් විශ්වාස කරන බැවින් පක්ෂයේ තත්ත්වය පිළිබඳව කලකිරුණුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක් වීමට මැලි කමක් දක්වන සමගි ජන බලවේගයේ සාමාජිකයින් සිටින බවද මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
“කෙසේ වෙතත්, සමහර සමගි ජන බලවේගයේ පාක්ෂිකයින් රනිල් එක්ක එකතු වෙන්න බලාගෙන ඉන්නවා. ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු ඉදිරියට යන විට ඔවුන් එසේ කරයි,” ඔහු පැවසීය.
ඔහු එබව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙවර ඔබ ඡන්දය ලබාදිය යුත්තේ රනිල් වික්‍රමසිංහට නොව තමන්ටම බව ඔහු එහිදී අවධාරණය කළේය.
මාලිමාවට ඡන්දෙ දෙන්න රටින් එන අය කට්ට කන්න ලංකාවෙම නවතින්න
අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම සඳහා මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට මන්ත්‍රිවරයා මෙම මාධ්‍ය හමුවේදී අනතුරු ඇඟවීමක් ද කළේය.
"පිටරට ඉන්න අපේ ඉම්පෝටඩ් ශ්‍රී ලංකන් මහත්වරු ඡන්දේ දවසට මෙහෙ ඇවිත් අනුර කුමාර දිසානායකට කතිරය ගහනවා නම් ආයේ පිටරට යන්න එපා. මෙහේ පදිංචි වෙන්න. මෙහේ පදිංචි වෙලා අනුර දිනවල ඒ ඛේදවාචකයට මුහුණ දෙන්න." යැයි ඔහු පැවසිය.
''අද ලංකාව ගෙවන්න තියෙන විදේශ ණය වගේ පස් ගුණයක විනාශයක් කළේ ලංකාවට, ඩොලර් මිලියන 200ක පාඩුවක් මේ එල්ටීටීඊ එකයි ජේවීපී එකයි කළේ. ඡන්ද කිට්ටු වෙනකොට පිටරට ඉන්න අපේ ඉම්පෝටඩ් ශ්‍රී ලංකන් මහත්තුරු එන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට තීන්දු තීරණ දීලා ඇඩ්වයිස් දීලා යනවා. එයාලා ගිහින් රෑට ගෙවල්වල ප්රවෘත්ති බල බල "හෙල් ඔෆ් අ තින්ග් හැපන් නෝ" කිය කිය බයිට් කාලා විස්කි බීල ඉන්නවා. ඒ අයියලාට මම කියන්නේ ගිය සැරේ වගේ පෝලිමේ එන්න එපා. ගිය සැරේ කිව්වා අපි අතින් ටිකට් අරගෙන ගෝඨාභයට ජන්දේ දෙන්න ආවේ කියලා. මේ සැරෙත් ඇවිත් අපිට වැඩේ දීලා යන්න. එතකොට ඔබට පුළුවන් කකා බිබී එහේ ඉන්න.
එනිසා කරුණාකර ඔය එන මහත්තුරු මෙහේ පදිංචි වෙන්න. අපිත් එක්කම එකට පෝලිමේ ඕගොල්ලොත් හිටගන්න. මෙහෙ ඉඳලා ආපහු ආපු රටට යන්න එපා. එනිසා කරුණාකර ඔය මහත්වරු ඔහේට වෙලා ඉන්න. අපි මේ රට හදා ගන්නම්. අපි දොස්තරලා වෙලත් අපිට අඬගහද්දී ගියේ නෑ. මැරි මැරී බෝම්බ කාගෙන වෙඩි කාගෙන කඳුළු ගෑස් කාගෙන අපි මෙතන හිටියේ මේ රට හදාගන්න. ඒ වගේ කට්ටිය මේ රටට හිටියාම ඇති. රට නෙවෙයි පක්ෂ බේරුණහම ඇති කියලා හිතන කට්ටිය ඉන්නවනම් ඒ ඔළුවේ අමාරුවට බෙහෙත් නෑ.”