theleaderlk 01

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.


එම පක්ෂයේ ලේකම් වාසුදේව නානායක්කාර වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඒ බව සඳහන් කරයි.

නිරෝෂන් ප්‍රේමරත්න පෙන්වා දෙන්නේ වර්තමාන දේශපාලන තත්ත්වය තුළ සාකච්ඡා කරගත් පරිදි ඉලක්ක සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ සෙසු සහෝදරයන් දක්වන අකමැත්ත තමාගේ මෙම තීරණය ගැනීමට හේතුවූ බවය.

අදාළ ලිපියේ මෙසේද සඳහන්වේ.

"ජනාධිපතිවරණය සඳහා අපි ඇති කරගත් එකඟතාවය පසුව වෙනස්වීම මා දැඩි කැළඹීමට ලක්විය. ඒ සම්බන්ධව තර්ක කොට ඵලක් නැත. මම එදින රැස්වූ මැතිවරණ කමිටුවෙන් ඉවත්වී ගියේ තීන්දුව ඔබ ඇතුළු කණ්ඩායමට ගැනීම සඳහාය. "

"ජනක රත්නායක නමැත්තෙකුට ජනාධිපති අපේක්ෂකත්වය පිරිනැමීමට ඔබ ඇතුළු පක්ෂයේ විධායක සභාවේ බහුතරය ගත් තීන්දුව ගැන මා වික්ෂිප්තභාවයට පත් කළේය. එම තීරණය වැළැකී ගොස් තිබුණේ අනූනවයෙනි. මා සුදුසු බිමක් සොයා යා යුතුය."



1

2


සබැඳි පුවත් :
නිරෝෂන් ප්‍රේමරත්න වාමාංශික පෙරමුණේ නායකත්වයට


pe2024 2

worky sin

නවතම පුවත්