වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා, ඖෂධ මිලදී ගැනීම් සඳහා පවතින මූලධර්ම දෙක ම උල්ලංඝනය කරන බව පෙරටුගාමී
සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
හෙතෙම මෙම කරුණු අනාවරණය කළේ රාජ්‍ය ඖෂධ සංස්ථාව විනාශ කර ඖෂධ සැපයුම ඉන්දියානු සමාගමක් සතු කිරීම සම්බන්ධයෙන් අද පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ය.
මතු දැක්වෙන්නේ පුබුදු ජයගොඩ ඉදිරිපත් කළ සම්පූර්ණ විස්තරය යි.
සියවසක් නොතිබුණු ප්‍රශ්නයක් මේ වසරේ ඇයි...?
‘‘ජනාධිපතිවරණ ප්‍රචාරක සංදර්ශනයකින් ජනතාවගේ ඇස් නිලංකාර කරලා ජනතාවගේ අයිතීන් එකින් එක ආණ්ඩුව විසින් උදුරා ගනිමින් සිටිනවා. මේ සඳහා ළඟම උදාහරණය වන්නේ ලංකාවේ රජයේ රෝහල් වල ඖෂධ සැපයුම ඉන්දියානු සමාගමකට පවරන්න ගත් කැබිනට් තීරණය. මගේ ළඟ කැබිනට් පත්‍රිකා දෙකක් තියෙනවා. දෙකම ඉදිරිපත් කර තිබෙන්නේ වර්තමාන සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ. එකක් දෙදහස් විසි හතරෙ අගෝස්තු දහතුන්වෙනිදා. මේකේ තියෙන විදියට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තිස්හතක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව හදිසි මිලදී ගැනීම් ලෙස ඉන්දියානු සමාගමකින් මිලදී ගන්න යනවා.
මීට පෙරත් සියලු වංචා දූෂණ සිදුවුණේ හදිසි මිලදී ගැනීම්වල නාමයෙන්. අද හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය හිරේ ඉන්නෙත් හදිසි මිලදී ගැනීම් කියලා කළ වංචනික වැඩවලට චෝදනා ලබලා. සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ කියන්නේ ඖෂධ හිඟයක් තියෙනවා, ලන්සු තැබීමට සමාගම් ඉදිරිපත් වුණේ නෑ කියලා. සියවසක් පමණ කාලයක් තිස්සේ නොතිබුණු ප්‍රශ්නයක් එක පාරටම මේ අවුරුද්දේ ආවේ කොහොමද? කෙහෙලියත් ඒ දවස් වල අපි කළ චෝදනාවලට උත්තර විදියට ඔහොම කතා කිව්වා. අද අධිකරණයේ ඔප්පු වෙමින් තියෙනවා අපි කිව්ව කරුණු හරි කියලා. ලංකාවේ ප්‍රසම්පාදන නීතියට අනුව මිලදී ගැනීම්වල මූලධර්ම දෙකක් තියෙනවා. එකක් තරගකාරී මිල ගණන් කැඳවීම, අනෙක අවම මිල ඉදිරිපත් කරන්නාට ටෙන්ඩරය ලබා දීම. මේ මූලධර්ම දෙකම උල්ලංඝනය කරන්න යන්නේ.
රාජ්‍ය ඖෂධ සංස්ථාව ස්වභාවික මරණයකට...
දෙවන කැබිනට් මණ්ඩල පත්‍රිකාව වඩාත් භයානකයි. දෙදහස් විසිහතරේ අගෝස්තු පහළව ඉදිරිපත්වූ මෙම කැබිනට් පත්‍රිකාවට අනුව රජයේ රෝහල්වලට ඖෂධ සැපයීමේ වගකීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඉවත් කරලා ඉන්දියානු සමාගමකට ලබා දෙනවා. රජයේ රෝහල්වලට ඖෂධ වර්ග අටසිය හැටදෙකක් අවශ්‍ය වෙනවා. ඒවායෙන් දෙසිය දාහතරක් රෝගියාට ම විශේෂ ඖෂධ සහ ප්‍රවර්ධන ඖෂධ ආදිය. ඒ හැරුණාම නිතර අවශ්‍ය ඖෂධ වර්ග හයසිය හතලිස් අටක් තියෙනවා. ඒවායෙන් වර්ග දාහතරක් ජීවිතාරක්ෂක ඖෂධ. හාරසිය හැත්තැ හතරක් අත්‍යවශ්‍ය ඖෂධ. එකසිය හැටක් එතරම් අත්‍යවශ්‍ය නොවන නමුත් භාවිතා වන ඖෂධ.
මේවා දැනට රජයේ රෝහල්වලට සපයන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය. ම අංශයට ඖෂධ සැපයීම ප්‍රධාන වශයෙන්ම කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. දැනට රජයේ රෝහල්වල තියෙන ඖෂධවලින් සියයට අනූවක් ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් සපයන ඒවා. මේ අලුත් තීරණයත් සමග රාජ්‍ය ඖෂධ සංස්ථාව ස්වභාවික මරණයකට ලක් කරන්න යන්නේ. අඩ සියවසකටත් අධික කාලයක් එක්දහස් නමසිය හැත්තෑ එකේ සැප්තැම්බරයේ සිට ඖෂධ සංස්ථාව මේ වගකීම ඉටු කළා නම්, අනාගතයේ දී ඒක කරන්න බැරි වෙන්න හේතුවක් නෑ. ඖෂධ සංස්ථාව පටන් ගත්තේ මහාචාර්ය සේනක බිබිලේ ලංකාවේ ජනතාව ඖෂධ සමාගම් මාෆියාවෙන් බේරා ගැනීමට ඔහු කළ වැඩ කොටස නිසා ඖෂධ මාෆියාව ඔහුව මරා දැමුවා. දැන් ඔහු නිර්මාණය කළ ඖෂධ සංස්ථාවත් මරා දමලා ලංකාවේ ජනතාව මාෆියාවකට ගොදුරු කරන්න යන්නේ.
ඉංදියාවේ කුණු ලංකාවට
මෙතන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එකක් සෞඛ්‍ය ඇමතීම කියන විදියට දෙදහස් විසි හතරෙ අප්‍රේල් දොළොස්වැනිදා ඉන්දියානු මහ කොමසාරිස් තමයි යෝජනා කරලා තියෙන්නේ හිල් ලයිෆ්කෙයාර් සමාගමට රජයේ රෝහල්වල ඖෂධ සැපයුම බාර දෙන්න කියලා. ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක්වත්, ඉන්දියාවේ ප්‍රාන්තයක්වත් නෙවෙයි. ලංකාවේ රෝහ වල දෙන බෙහෙත් ගැන ඒ ගොල්ලෝ කොහොමද තීරණ ගන්නේ? රටක ඖෂධ සැපයුමේ ඒකාධිකාරය වෙනත් රටක් සතුවීම දේශපාලන ස්වාධිපත්‍යයටත් තර්ජනයක්. ඒ වගේම මේ කැබිනට් පත්‍රිකාවේ තියෙන විදියට ඖෂධ නියාමන අධිකාරියේ නියාමන සහ ප්‍රමිතිය සහතික කිරීමේ ක්‍රමවේද මගහැරලයි මේ ඖෂධ සැපයුම සිදු වෙන්නේ. ඉන්දියාවේ තියෙන කුණු ගොඩවල් මෙහේ ගොඩබාන එක වළක්වන්නේ කොහොමද? වෙන කුණුනම් කමක් නෑ, මේ ගේන්නේ බාල බෙහෙත්.
රමේෂ් පතිරණ ඉන්දියාවේ සෞඛ්‍ය ඇමතිගේ කා. කා. ස. යා ද...?
පසුගිය වසරේ ඖෂධ වර්ග එකසිය පහළවක් ප්‍රමිතියෙන් තොරයි කියලා රජයේ රසායනාගාරය ඔප්පු කරලා රෝහල්වලින් ඉවත් කළා. එයින් ඖෂධ වර්ග හැටපහක් ම ඉන්දියාවෙන් ගෙන්වපු ඒවා. නැවත වරක් බාල බෙහෙත් දීලා ජනතාව මරන්න යන්නේ. රමේෂ් පතිරණ කියන්නේ ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ ඖෂධ ප්‍රමිතියෙන් යුතුයි කියනවානම් ඒක පිළිගනිමු කියලා. ලංකාවේ සෞඛ්‍ය ඇමති ඉන්දියාවේ සෞඛ්‍ය ඇමතිගේ ලේකම් හෝ කාර්යාල කාර්ය සහායක නෙවෙයිනේ. ලංකාවට ගෙන්වන ඖෂධවල ප්‍රමිතියට ලංකාවේ රජය වග කියන්න ඕන. අනෙක ප්‍රමිතිය පරීක්ෂා නොකර ඖෂධ ගෙන්වන්න අනෙක් රටවල සමාගම්වලටත් දෙනවාද? ඇයි ඉන්දියාවට විතරක් විශේෂයක්. අඩුම ගානේ ලංකාවේ ඖෂධ නිෂ්පාදකයන්ටවත් එහෙම විශේෂයක් නෑනේ.
ඒ වගේම ඉන්දියානු රජයේ ජන ඖෂධී යෝජනා ක්‍රමය සහ මේ හිල් ලයිෆ්කෙයාර් සමාගම අතර සම්බන්ධය මොකක්ද? අන්තර්ජාලයට ගිහින් මේ සමාගම ගැන හෙව්වාම ඒක ඖෂධ නිෂ්පාදන සමාගමක් කියලාවත් නෑ. ඔසප් ආරක්ෂක උපකරණ සහ උපත්පාලන කොපු හදනවා කියලා විතරයි දන්නේ. මේක ලොකු ජාවාරමක් වෙන්න පුළුවන්. කෙහෙලිය හිරේ වැටුණු හියුමන් ඉමියුනොගොබියුලින් ප්‍රශ්නයේ දී ඒ බෙහෙත ඉන්දියානු සමාගමකින් ගෙන්වනවා කියලා, ඉන්දියාවේ සුදුලූණුවලින් ආයුර්වේද බෙහෙත් හදන සමාගමක නමක් කියලා බෙහෙත හදලා තිබුණේ සීදුවේ. හිල් ලයිෆ්කෙයාර් සමාගම කියලා නමක් පෙන්වලා ලංකාවේ ජාවාරම්කාරයෙක් ගේමක් ගහනවද කියලත් හොයන්න ඕන.
මේ කැබිනට් තීරණය විසින් රටේ මහජන සෞඛ්‍යය, ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව අවදානමට ලක් වෙනවා. රටේ දේශපාලන ස්වාධිපත්‍යයත් අනතුරේ වැටෙනවා. මේ වගේ ජනතා විරෝධී ක්‍රියාවන් අරගල බි මේදී පරාජය කරන්න ජනතාව පෙළ ගැසෙන්න ඕන. මැතිවරණ සටන් බිමේ දී සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණයට එරෙහි, සේනක බිබිලේ ප්‍රතිපත්තිය මත සිය සෞඛ්‍ය ප්‍රතිපත්තිය නිර්මාණය කරගත් ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ සහෝදරයා ඉදිරියේ ඡන්දය සලකුණු කරමු. සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කරලා, පස්සේ ඒක නියාමනය කරමු කියන අයට ඡන්දය දුන්නොත් අනුමත කරන්නේ මේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග.''