theleaderlk 01

මෑත වසර කිහිපය තුළ මෙරට ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවල ක්‍රමික වර්ධනයක් දැකක්නට ලැබෙන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල පැවසී ය.


හෙතම මෙලස පැවසුවේ පසුගිය 27 වනදින කොළඹ සිනමන් ලේක්සයිඩ් හොටලයේ පැවති ශ්වසන සෞඛ්‍ය පිළිබද ගෝලීය පරීක්ෂණ ඒකකයේ (NIHR) වාර්ෂික විද්‍යාත්මක රැස්වීම සමාරම්භක උත්සව අවස්ථාවට එක් වෙමිනි.

මෙම සමුළුවේ දි සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවල අනුබද්ධ සෞඛ්‍ය පීඨවල ගෞරවනීය අමුත්තන් ප්‍රමුඛතා පිළිබිඹු කරනු ලැබන අතර, කලාපයේ වඩා හොඳ ශ්වසන සෞඛ්‍ය තත්ත්වයක් සහතික කිරීම සඳහා. පර්යේෂණ කණ්ඩායම් ඔවුන්ගේ අධ්‍යයනවලින් නවමු අදහස් යෝජනා ඉදිරිපත් කරමින් ගෝලීය ශ්වසන සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරිමට නියමිතය.

ගෝලීය මරණ 5/1ක් ශ්වසන තත්ත්ව හේතුවෙන්

ශ්වසන සෞඛ්‍යය පිළිබඳ NIHR ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ ඒකකයේ (RESPIRE-ස්වසන) වාර්ෂික විද්‍යාත්මක රැස්වීම 2024 අගෝස්තු 27 සිට 29 දක්වා තෙදිනක් පුරා පැවැත්වෙන අතර, පර්යේෂණ ඒකකය 2016 වසරේ ආරම්භයේ සිට තවදුරටත් ආයෝජනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්  මෙරට තුළ සමුළුවක් කැඳවන පළමු අවස්ථාව මෙය වේ.

ගෝලීය වශයෙන් සිදුවන මරණ පහෙන් එකකට ශ්වසන තත්ත්වයන් වගකිව යුතු වන අතර, මේ සතියේ, ලොව පුරා සිටින ශ්වසන සෞඛ්‍ය විශේෂඥයින් කොළඹට රැස්වී රට හරහා සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට සහ ආසියානු කලාපයේ ශ්වසන රෝග බර අඩු කිරීම සඳහා සිදු කරන පර්යේෂණවල ප්‍රගතිය ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

රෝග ව්‍යාප්තියට හේතු කිහිපයක්


මෙහි දී අදහස් දැක් වූ ‌සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ, මෑත වසර කිහිපය තුළ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවල ක්‍රමික වර්ධනයක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන බවයි. 

නාගරීකරණයේ වේගවත් වර්ධනය, වායු දූෂණය, දේශගුණික වෙනස් වීම් මේ ස්වසන රෝග සඳහා බලපානු ලබන බවත්, ජනතාව අතර විද්‍යාත්මක දැනුමක් නොමැති වීම, අඩු අධ්‍යාපනය, දිළිඳුකම යන කරුණු ද මේ සඳහා බලපෑම් සිදු කරන බවද ඔහු පැවසීය. 

විශේෂයෙන් දිළිඳු සහ සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම රෝග තත්ත්වයන්හි වර්ධනයක් දක්නට ලැබෙන බවත්, කුඩා සංගෘහිත ඉඩ ප්‍රමාණයක ආහාර පිසීම, විෂ සහිත ඉන්ධන භාවිතය ශ්‍රී ලංකාව තුළ මෙම රෝග අවධානම සඳහා තවත් බලපාන සාධක වන බවත්, සම්ප්‍රදායික ආහාර පිසීමේ ක්‍රමවලින් ඉවත්ව නාගරිකරණය තුළ භාවිතා කරන ක්‍රමවේද මෙම රෝගවලට බලපාන අතර, දරුවන් හා වැඩිහිටි ප්‍රජාව මෙම රෝගවලට මුහුණ දෙන අවදානම් කාණ්ඩ  බව ද හෙතෙම කියා සිටියේය.

ස්වසන රෝග ආශ්‍රිත රෝහල් ගතවීම් වැඩිවී තිබෙන බවත්, පිළිකා රෝග බෝ නොවන රෝග බොහෝ සෙයින් මෙරට තුළ වර්ධනය වෙමින් පවතින බව ද  ප්‍රජාවෙන් 89% බෝ නොවන රෝග අවදානමට මුහුණ දී තිබෙන බව ද වැඩිදුරටත් පැවසීය.

රෝහල් තුළ සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට ශ්වසන රෝග ප්‍රධාන වශයෙන් බලපානු ලබන අතර නිදන්ගත ශ්වසන රෝග (CRD) සහ නියුමෝනියා රෝග තත්ත්ව හේතුවෙන් 2017 වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ රෝහල් මරණවලින් වැඩිම සංඛ්‍යාවක් එනම් 18% සිදුව ඇත. 

පසුගිය දශකය තුළ සමානුපාතික මරණ දත්ත සංසන්දනය කිරීමේදී මෙම තත්ත්ව දෙක හේතුවෙන් රෝහල් තුළ සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රවණතාවක් අනාවරණය වී ඇත. 

නිදන්ගත ශ්වසන රෝග අතර, ඇදුම සහ නිදන්ගත බාධාකාරී පෙනහළු රෝග (COPD), රෝග සහ මරණ වැඩිම ප්‍රමාණක් ඇති කරන ප්‍රධාන රෝග දෙක වේ. 

ළමා කාලයේ හුස්ම හිරවී දරුවන් පාසලට නොපැමිණීමට ප්‍රධාන හේතුවක් වන අතර වැඩිහිටියන් තුළ ඇදුම සහ නිදන්ගත බාධාකාරී පෙනහළු රෝග පිළිවෙළින් 11% සහ 10.5% ක ඉහළ ව්‍යාප්තියක් ඇත.  

වාතයේ ගුණාත්මක භාවය පෙනහළු පිළිකා ඇතුළු බොහෝ ශ්වසන රෝග සඳහා ප්‍රබලව බලපානු ලබන අතර, කුස්සි දුමට නිරාවරණය වන ග්‍රාමීය ප්‍රජාවන්ගේ දුම් නොබොන කාන්තාවන් අතර ප්‍රමාද වී ඇති වන හුස්ම හිරවීම බහුලව දක්නට ලැබෙන බව නිරීක්ෂණය වී ඇති අතර, ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය සහ වයඹ විශ්වවිද්‍යාලවල ශ්‍රී ලාංකික පර්යේෂකයන්, පුළුල් විෂය පථය තිබියදීත් එය බොහෝ දුරට අඩුවෙන් අධ්‍යයනය කර තිබීම හේතුවෙන්, RESPIRE සහයෝගිතාව යටතේ තම පර්යේෂණ කේන්ද්‍රස්ථානය ලෙස ගෘහස්ථ වාතයේ ගුණාත්මකභාවය තෝරාගෙන ඇත. 

2019 වසරේ දී  නිදන්ගත ශ්වසන රෝග ගෝලීය වශයෙන් මරණ සඳහා තුන්වන ප්‍රමුඛතම හේතුව වී ඇති අතර, රෝගීන් මිලියන 454,6 ක ව්‍යාප්තියක් සහිත මරණ මිලියන හතරකට වගකිව යුතුය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සුනිල් ද අල්විස් සහ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, මලයා විශ්වවිද්‍යාලයේ RESPIRE අධ්‍යක්ෂ මහාචාර්ය ඊ මිං ඛූ,  එඩින්බරෝ විශ්වවිද්‍යාලය RESPIRE අධ්‍යක්ෂ මහාචාර්ය හැරී කැම්බල්, RESPIRE නියෝජ්‍ය අධ්‍යක්ෂ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මහාචාර්ය ශ්‍රීමත් අසීස් ෂෙයික්, වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය මනෝරි ගමගේ,  ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලයේ  සභාපති,  ආචාර්ය නෙරංජන් දිසානායක,  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය එම්.ඩී ළමාවංශ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය උපකුලපති, මහාචාර්ය එම්.එම් පත්මලාල්, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සත්කාර ශ්වසන කණ්ඩායම් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

WhatsApp Image 2024 08 28 at 2.22.33 PM

WhatsApp Image 2024 08 28 at 2.22.34 PM 1

WhatsApp Image 2024 08 28 at 2.22.34 PM

pe2024 2

worky sin

නවතම පුවත්