theleaderlk 01

මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් මේවනවිට එළිදක්වා ඇති 'සුබ නැකතට - රට අනුරට' තේමා ගීතයට අතිරේකව,

වෙනත් වෙනත් කණ්ඩායම් විසින් ද විවිධාකාරයේ ගීත හා වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරෙමින් තිබේ.

එසේ ''ජනතා ජන බල නායක AKD'' නමින්ද ගීතයක් ඊයේ රාත්‍රී සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත. 

එය විදේශගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් කරනු ලැබූ වීඩියෝවක් බව වාර්තාවේ. 

එහි පද රචනය මෙසේය. 

ප්‍රේමයේ නාමයෙන් දේශයේ සුවදුක් විමසා
යුක්තියේ මාවතේ ආදරේ සටනේ සගයා
විමතින් නැගෙනා ජනහද දිනනා අපේක්ෂාවේ නාමය
හදවත් ගැහෙනා රටකට වටිනා අපේම ජන බල නායක

ජන ඝෝෂා නංවා දසතේ ගලනා ජන ගංගා
ජන රජයේ ජාතික ජන බල පවුරේ ජන සේනා
ජන ඝෝෂා නංවා දසතේ ගලනා ජන ගංගා
යුග යුග ජනතා නම රැව්දේ
ජනතා ජන බල නායක

රටට සෙත දෙනා හෙටට සවි මනා ජනට සුව ගේන නව දැක්මේ
ඔබය සවි ගෙනා නිබද පෙරට ආ සොයුරු දම් බෙදන අප සොයුරේ
ජනතා අරගලේ හැම ජන හදවතේ
ඔබමයි රන් ස්වරේ ලක් මව සැනසූ
රොද බැද එක් වෙලා සිව් දිග කළඹලා
දිනවමු ලක් මවුන් මේ ලෝ තලයේ

විමතින් නැගෙනා ජන හද දිනනා අපේක්ෂාවේ නාමය
හදවත් ගැහෙනා රටකට වටිනා අපේම ජන බල නායක

රට නසනා දූෂිත වනසා හෙටකට පණ ගේනා
ලොව  දස දෙස හෙළ නැණ පතුරන යුගයක් යලි තනනා
ඔබ පමණයි හඳුනන විසදුම ලක් මව යළි නගනා
එමු අපි ඔබ පසුපස රොද බැද
ජනතා ජන බල නායක



ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ගේ ජනාධිපතිවරණ තේමා ගීතය පසුගිය 26 දා එළිදැක්විණ. 

ඒ මොනාක් ඉම්පීරියල් හි එදින පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවේදීය. 

එම තේමා ගීතය මෙසේයි.


සියවස් ගණනක් අප දුටු සිහිනේ 
සැබෑ කරන්නට මිනිසෙක් එනවා..
සුවහස් හදවත් ගැහෙනා රාවේ 
අසා සිටින්නට 
මිනිසෙක් එනවා..

උතුරේ දකුණේ සදිසාවේ 
හදේ පැතුම මේ මිනිසා වේ 
අද මුළු රට - එක මිටකට 
සුබ නැකතට - රට අනුරට 

ඉතිහාසේ ගිනි කන්ද නිවන්නට 
පුනරුදයේ නව යුගය හදන්නට 
සාගිනි සෝගිනි තුරන් කරන්නට 
ලස්සන හෙටකට රට නංවන්නට..

උතුරේ දකුණේ සදිසාවේ 
හදේ පැතුම මේ මිනිසා වේ
අද මුළු රට - එක මිටකට 
සුබ නැකතට - රට අනුරට 

මඳහස් හැඟුමන් ඉවහල් කරගෙන සදා බිඳින්නට අඳුර..
නිදහස් සටනට නිවහල් මිනිසුන් සමගින් එනවා අනුර..!

උතුරේ දකුණේ සදිසාවේ 
හදේ පැතුම මේ මිනිසා වේ
භේද නැතුව ශ්‍රී ලංකාවේ 
ජන රළ නැගුණේ එනිසා වේ

අද මුළු රට - එක මිටකට 
සුබ නැකතට - රට අනුරට ////

pe2024 2

worky sin

නවතම පුවත්