කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියත් සමඟ රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ සමඟි ජන බලවේගයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (අප්‍රේල් 06) පවත්වා තිබේ.

අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විසිටි  බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 

මෙහිදී වෛරය රටතුළ ව්‍යාප්තිය වැලැක්විමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරි වැඩපිළීවෙල පිළිබඳව ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර තිබේ.

රජය ගෙන යන ක්‍රියාමාර්ගයන්ට එහිදී සමඟි ජල බලවේගයේ නියෝජිතයින් ප්‍රසාදය පල කර ඇති අතර දේශපාලන හා වෙනත් භේදයකින් තොරව වැඩපිළීවෙල ඉදිරියටත් ගෙන යා යුතු බව දෙපාර්ශවයේම මතය වී ඇත.

රජය ගෙන යන වැඩපිළිවෙලේදී යම් අයෙකුට අසාධාරණයක් හෝ අඩුවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී පෙන්වා දී තිබේ.

බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ඖෂධ රැසක් රජයේ ඉල්ලීම මත ඉන්දියාවෙන් හෙට රැගෙන ඒමට නියමිත බව ද එම සාකච්ඡාවේදී ප්‍රකාශ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

සමගි ජන බලවේගය නියෝජිතයින් ජනපති සමග කතාබහ කළ කරුණු:

1586170188 gotabaya rajapaksha lකොරෝනා උවදුර සහ ඒ සමග ඉස්මතුව පවත්නා කාලීන තත්ත්වයන් පිළිබදව සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගයේ සියලු පක්ෂ නියෝජනය කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජනබලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු අද (අප්‍රේල් 06) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේදී පහත කාරණා පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකරනු ලැබූ බව එම පක්ෂය විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක් සඳහන් වේ.

1. ඖෂධ හිගයට පිළියම් යෙදීම:

මේ රටේ කොරොනා වලට අමතරව, දියවැඩියා, හෘද, පිළිකා, වකුගඩු වැනි විවිධාකාර රෝගීන් ලක්ෂ ගණනක් සිටිති. එවන් වාතාවරණයක් තුළ ඖෂධ හිගයක් සහ උපකරණ හිගයක් පිළිබදව විශාල වශයෙන් මැසිවිලි සහ පැමිණිලි ලැබෙමින් තිබේ.  

නොපමාව එකී හිගයන් වලට පිළියම් යෙදීම සහ මෙරට නිපදවිය හැකි ඖෂධ මෙරටදීම නිපදවීමට දිරි දීම සම්බන්ධයෙන්  සාකච්ඡා කෙරිණි. 


 2.  කොරෝනා වෛරසයට එරෙහි ඖෂධ ගෙන්වීම :

කොරෝනා වෛරසයට එරෙහිව විවිධ ඖෂධ කෙරෙහි අවධානය යොමුවී ඇති අතර මේ වනවිට ලෝකයේ අවධානය යොමුව ඇති ඖෂධ මෙරට තුල විධිමත් පර්යේෂනයකට යටත්ව ගෙන්වීමට කටයුතු කිරීම.


3. දේශීය හා විදේශීය විශේෂඥයින්ගේ සහය:

වසංගත සහ වෛරස් රෝග සම්බන්ධ දේශීය හා විදේශීය විශේෂඥයින්ගේ සහය ලබා ගැනීම.


4. කොරෝනා මර්ධනයට අවශ්‍ය දෑ දේශීය වශයෙන් නිපදවීම :

කොරෝනා මර්ධනයට අවශ්‍ය දේශීය වශයෙන් නිපදවන රෝහල් උපකරණ, ඇදන්, ventilators, මුව ආවරණ සහ ඖෂධ  වැනි නිෂ්පාදන සදහා අවශ්‍ය සහය හා දිරි ගැන්වීම ලබා දීම.


5. ආහාර සහ ඖෂධ නිසි පරිදි බෙදා හරින යාන්ත්‍රනයක් 

ජනතාවට ප්‍රමාණවත් ආහාර සහ ඖෂධ නිසි පරිදි ලැබීම සම්බන්ධයෙන් දැනට විශාල ගැටලුවක් වී තිබෙන අතර එය  බෙදා හරින අඩුපාඩුකම් මග හැර ඒ යාන්ත්‍රනය ශක්තිමත් කිරීම.


6. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අඩුපාඩු :

කොරෝනා මර්ධන කාර්‍යයේ යෙදෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, ආරක්ෂක ක්ෂේත්‍රයේ සහ අත්‍යාවශ්‍ය සේවාවන්හී කටයුතු කරන සියලු දෙනාට ස්තූතිය පළ කළ අතර සෞඛ්‍ය, ආරක්ෂක සහ සියලුම නිළධාරී යාන්ත්‍රනයට අවශ්‍ය මූලික ආරක්ෂක උපකරණ සහ පහසුකම් නොඅඩුව සැපයීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකෙරිණි. 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ පනතෙහි පවත්නා අඩුපාඩු පිළිබඳව ද සාකච්ඡා කෙරුණි.


7. නිරෝධායන කටයුතු වල යම් යම් අඩුපාඩු :

නිරෝධායන කටයුතු වල යම් යම් අඩුපාඩුකම්ද සාකච්ඡා කෙරිණි. ශාලා ආශ්‍රිත නිරෝධායනයට වඩා කාමර ආශ්‍රිත නිරෝධායනය වඩාත් ඵලදායි බව ගැන සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන්ම නිරෝධායනය කිරීමෙන් පසුව සමාජගත කළ පුද්ගලයෙකුටද නැවත කොරෝනා ලක්ෂණ පහළවීමෙන් පැහැදිලි වන්නේ ඒ පිළිබදව තවදුරටත් සුපරික්ෂාකාරී වීමෙහි වැදගත්කමය.


8. දැනට සිදුකරන පරීක්ෂණ (PCR test ) ප්‍රමාණය වැඩිකිරීම :

නිරෝධායනයේදී දැනට පවත්නා පොකුරු මට්ටමේ සිට සමාජ මට්ටම දක්වා  (community level ) නොයන මට්ටමට අවශ්‍ය කරන යාන්ත්‍රනය ශක්තිමත් කිරීම.

දැනට පවත්නා දිනකට සිදුකරන පරීක්ෂණ (PCR test ) ප්‍රමාණයන් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් පවතින අතර ඊට අවශ්‍ය උපකරණ සහ පරීක්ෂණයන් ප්‍රමාණයන් වැඩි කිරීම.


09. සහන සැලසීමේ යාන්ත්‍රනය වඩාත් ශක්තිමත් කිරීම:

සහන සැලසීමේ යාන්ත්‍රනය වඩාත් ශක්තිමත් කිරීම ව්‍යාප්‍ත කිරීම හා නිර්දේශපාලනය කිරීම. ව්‍යසනයක් මොහොතක සාමාන්‍ය ක්‍රියාවලිය වන්නේ රාජ්‍ය යාන්ත්‍රනය මේ කටයුතු සදහා යොදා ගැනීමය.

ඊට අනුබද්ධ ආපදා කළමනාකරණ යාන්ත්‍රනය, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාමසේවා නිළධාරින්, සංවර්ධන නිළධාරීන් ඇතුලු විධිමත් යාන්ත්‍රනයක් තිබියදීත් මේ මොහොතේ දේශපාලන අධිකාරිය ඊට සම්බන්ධ කරගැනීම තුලින් සිදුවන්නේ එක අරමුණක් තුළ එකට එක්ව ව්‍යසනයක් පරාජය කිරීමේ උදාර අරමුණ ව්‍යාකූලත්වයට පත්වීම ය.

10. එක් පුද්ගලයෙකුට මසකට ජීවත් වීමට අවම වශයෙන් රුපියල් 5000ක්:


ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව එක් පුද්ගලයෙකුට මසකට ජීවත් වීමට අවම වශයෙන් රුපියල් 5000ක් අවශ්‍ය අතර මේ වනවිට සහන කාර්‍යයේදී මසකට රුපියල් 5000/=ක් ලබා දීම පුද්ගල මට්ටමින් ලබාදීම කෙරෙහි අවධානය යොමු කිරීම. 

(පවුලක සාමාජිකයින් 4ක් සිටීනම් එම පවුලට 20000ක් ලැබෙන පරිදි)


11. සර්වපාක්ෂික නායක හමුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැදවීම


12. කොරෝනා ආසාදිතව මිය යන්නන් ගේ අවසන් කටයුතු :

කොරෝනා ආසාදිතව මිය යන්නන් කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ රජයේ  වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ නිර්දේශයන්ට අනුගතව,විවිධ සංස්කෘතික ප්‍රජාවන්ගේ, විවිධ ජන සමාජවලට අයිති සියලු දෙනාගේ ඒ ඒ සංස්කෘතින්ට අනුව කටයුතු කිරීමත්, එය කොරෝනා මර්ධන ක්‍රියාදාමයන්ට අගතියක් නොවන පරිදි විශේෂඥයින්ගේ කමිටුවක නිර්දේශ මත කටයුතු කිරීමත් පිළිබදව ද අවධානය යොමුකරනු ලැබීය.


13. හුදකලා කොට ඇති ගම්මාන වලට සහන :

මේ වනවිට හුදකලා කොට තිබෙන අකුරණ, අටුළුගම වැනි ප්‍රදේශවලට අවශ්‍ය ආහාර, සෞඛ්‍ය සහ වෙනත් පහසුකම්  කඩිනම්ව සහ නොඅඩුව ලබා දීම පිළිබදව ද යෝජනා කරනු ලැබීය.


14.  අගනුවර සිරවී සිටින කුලී කම්කරුවන්:

අගනුවර මේ වනවිටත් තවමත් සිය ගම්බිම් බලා යාමට නොහැකිව සිරවී සිටින සංචාරක කුලී කම්කරුවන්ට සිය ප්‍රදේශකරා යාමට අවශ්‍ය පහසුකම් සැපයීම සහ වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම සහ ඒ පිරිස්වෙත සහන සැලසීම පිලිබදව ද අවධානය යොමුකරනු ලැබීය.


15. වතු ක්ෂේත්‍රයේ හා වෙනත් ක්ෂේත්‍ර වල කම්කරුවන්ගේ ගැටළු :
 
වතු ක්ෂේත්‍රයේ කටයුතු කරන එදිනෙදා කම්කරුවන් සහ සෙසු ක්ෂේත්‍ර වල කම්කරුවන්  මුහුණ දෙන බරපතල ගැටලු පිළිබදව විශේෂ අවධානය යොමු කිරීම සහ සහන සැලසීම පිළිබදව සාකච්ඡා කරනු ලැබීය.


16.  නාගරික සහ ග්‍රාමීය දිළිඳු  ජනතාව වෙනුවෙන්ද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබදව ද කරුණු සාකච්ඡා කරනු ලැබීය .


17.  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරන ප්‍රජාවගේ සහන සහ පහසුකම් කෙරෙහි අවධානය යොමු කිරීම සහ දිගුකාලීන සහන ලබාදීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකරනු ලැබීය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්