theleaderlk 01

2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයකුගේ අවම වැටුප රු. 55,000/-ක් වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසී ය.


අමාත්‍යවරයා මෙලෙස පැවසුවේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.

එහි දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා...

‘‘හුදු ඡන්ද පොරොන්දු මගින් වර්තමාන ගුරුවරුන් රවට්ටන්න බෑ. අපි, ප්‍රායෝගිකව ක්‍රියාවනංවන්න පුළුවන් ක්‍රමවේදයක් අනුව සමස්ත රාජ්‍ය‍ සේවයේ ම වැටුප් විෂමතා ඉවත් කරලා වැටුප් ඉහළ නංවනවා. ඒ අනුව දෙදහස් විසිපහේ ජනවාරි මාසයේ ඉඳලා රාජ්‍ය සේවකයකුගේ අවම වැටුප රුපියල් පනස් පන්දහසක් වෙනවා.

මුදල් අච්චු ගැසීමකින් තොර ව බංකොලොත්භාවයෙන් රට මුදාගත්තු විදියට ම ඉදිරි සැලසුම් පවා සකස් කරලයි තියෙන්නෙ. වෙන දේශපාලන පක්ෂ ඊට වඩා වැඩි මුදලකින් පඩි වැඩි කරනවා කියල කිව්වත් ඊට අදාළ කිසිදු ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කරල නැති නිසා මහජන විශ්වාසය දිනා ගන්න බෑ. රජය සකස් කරල තියෙන ඇති අය-වැය සැලසුම් අනුව අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ ක්‍රමවේද හරහා මේ වැටුප් වැඩිවීම ක්‍රියාවට නැංවීමේ දී ගුරුවරුන්ගේ වැටුප් ඉතා ඉහළ අගයකින් වැඩි වෙනවා. ඒ වගේ ම මේ වැටුප් වැඩිවීම රජය සිදු කරන්නේ සහේතුකව යි.

බදු වැඩි නොකර, ණයත් නොගෙන, මුදල් අච්චු ගහන්නෙත් නැතුව වැටුප් වැඩි කිරිම සඳහා මුදල් ප්‍රතිපාදන සපයා ගන්නා ක්‍රමවේදය පිළිබඳ විශාල ලෙස පඩි වැඩි කරනවා කියලා දේශපාලන වේදිකා‍වල ප්‍රකාශ නිකුත් කරන අය පැහැදිලි කරන්න ඕනෙ. බංකොලොත්භාවයේ සිට වසර දෙකක් පමණ ක්‍රමානුකූලව රජය විසින් ගොඩනගාගෙන එන රටේ ආර්ථිකය ඉදිරියටත් වර්ධනය කිරීමේ හැකියාව සහ පඩි වැඩි කිරීමේ සැබෑ හැකියාව වත්මන් රජය සතු ව පවතිනවා.’’ 

pe2024 2

worky sin

නවතම පුවත්