සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන සුපීම් මීඩියා නෙට්වර්ක්ස් විසින්, අළුත්ම ගුවන් විදුලි විකාශන සේවාව වන "සුපීම් රේඩියෝ" අද (29) දිනයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී.
දීප ව්‍යාප්තව 89.1 සහ 89.3 MHz තරංග දර්ශකයන්හි විකාශය වන මෙම නාලිකාව, කොළඹ මොනාර්ක් ඉම්පීරියල්හිදී පැවැත්වූ විශේෂ උත්සවයකදී නිල වශයෙන් ජනතා සන්තක කෙරුණි.
"සුපීම් රේඩියෝ" රෙදෙව් සන්නාමය දොරට වඩින්නේ තවත් සාමාන්‍ය රේඩියෝ නාලිකාවක් පමණක් නොව, සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ සංහිඳියාව, රසාස්වාදය, ඒකාබද්ධතාවය සහ සමගිය අරමුණ කරගත් මෙරට පළමු ශ්‍රව්‍ය විකාශන වේදිකාව ලෙසින් බව එම ආයතනය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
සහෝදරත්වයේ ගුවන් විදුලි නාලිකාව..
මෙම නාලිකාව ශ්‍රී ලාංකිකයන් වෙත සිය සියළු ජාති, ආගම්, භාෂා සංස්කෘතීන් තුළ ආකර්ශනීයව, ප්‍රයෝජනවත්, හා රසවත් හරවත් මාධ්‍ය අන්තර්ගතයක් සපයමින්, රසවින්දනයෙන් ශ්‍රී ලාංකිකයන් එකතු කරන නව යුගයක ආරම්භයක් සනිටුහන් කරයි. "සුපීම් රේඩියෝ" නව විකාශන ප්‍රමිතියක් සනිටුහන් කරමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකු ම නියෝජනය කරන සහ සම්බන්ධ කරවන සහෝදරත්වයේ ගුවන් විදුලි නාලිකාවක් වනු ඇත.
මෙම නාලිකාව, මුළු ශ්‍රී ලංකාවම ආවරණය කරන විකාශන හැකියාවෙන් ඉහළින්ම, සමාජ මාධ්‍ය සහ ඩිජිටල් වේදිකාවන්ද භාවිතා කරමින් ලෝකයේ පුරා සිටින ශ්‍රී ලාංකික ශ්‍රාවක පිරිසව සමඟ සම්බන්ධ වීමටත්, සැලසුම් කර ඇත.
මෙරට මාධ්‍ය වෙළෙඳ හා අලෙවි ක්ෂේත්රයේ ප්‍රවීනයෙක් වන, අසේල රණතුංග ගේ නායකත්වයෙන්, උසස් තාක්ෂණය සහ වෘත්තීය මට්ටමේ කාර්ය මණ්ඩලයක්, පළපුරුදු එමෙන්ම මේ වන විටත් රසිකාගාරය ආකර්ෂණය කළ ගුවන් විදුලි නිවේදක කණ්ඩායමක් සමඟින් "සුපීම් රේඩියෝ" විසින් ශ්‍රී ලාංකික හදවතවල වලට ආමන්ත්‍රණය කරන්නට සහ නැවුම් ගුවන් විදුලි අත්දැකීමක් ලබාදීම අරමුණ කරගෙන මෙතැන් සිට ඔබේ නිවසට ගොඩ වදිනු ඇත.
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ආයතනය, සුපීම් මීඩියා නෙට්වර්ක්ස් සමාගමේ මව් සමාගම ලෙස, ශ්‍රී ලංකාවේ නව්‍යකරණය සහ සංවර්ධනය පිළිබඳව නායකත්වය දැක්වූ පුරෝගාමී ව්‍යවසායක ආයතනයකි.
සමූහයේ සභාපති R.M. මනීවන්නන් ගේ අනාගතවාදී දක්ෂ නායකත්වයෙන් යුක්තව, මෙම සමාගම පුරා රටවල් ව්‍යාප්ත විවිධාංගීකරණ ව්‍යාපාරික ක්ෂේත්රවලට පිවිස, ස්වභාවික සම්පත් හා කැණීම්, බල ශක්ති හා හරිත බල ශක්ති, ඉ මූල්‍ය සේවා, අන්තර් ජාල අලෙවි සේවාවන්, ගෝලීය භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලියේ ප්‍රවර්ධන හා සැපයුම් ක්‍රියාවලි කළමණාකරණය, මෙන්ම වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්රය මෙන්ම සන්නිවේදන චන්ද්‍රිකා ක්ෂේත්රය තුළ ද ප්රමුඛව හා, සාර්ථක ආයෝජනයන් සිදු කරමින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රමුඛතම දේශීය සමාගමක් ලෙසින් ජාත්‍යන්තර කීර්තියට පත් ආයතනයකි.
"සුපීම් රේඩියෝ" නවතම විකාශන සේවාව, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රය තුළ තවත් එක් සුවිශේෂී කඩයිම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් යථාර්ථයක් කරමින්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රයේ ප්රගමනයට සවිය දිරිය හා අනුබලය සපයන ගෞරවාන්විත රසවින්දනයක වෙනස ජනතාව වෙත ගෙන එන ගුවන් විදුලි නාලිකාවක් ලෙසින් ඉදිරි අරමුණු සාක්ෂාත් කරනු ඇත.
"සුපීම් රේඩියෝ" පිළිබඳ වැඩි විස්තර සඳහා www.supremeradio.lk වෙත පිවිසෙන්න.