තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහ පොළොවේ සත්‍යයක් මෙන් ම යථාර්ථයක් බවට පත්කරන බව විපක්ෂ නායකවරයා පැවසී ය.
විපක්ෂ නායකවරයා එලෙස පැවසුවේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහි දී මාධ්‍ය වෙත කරුණු දක්වමින් විපක්ෂ නායකවරයා පවසා සිටියේ, මීට පෙර මැතිවරණ වේදිකා තුළ විවිධ අවස්ථාවල තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු කරුණු ඉදිරිපත් කර ඇති බවත්, එහි ඇති කරුණු සත්‍යවාදීව, යථාර්ථවාදීව පොදුජනතාවගේ සුබසිද්ධිය උදෙසා මාතෘ භූමියේ සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මක කරන බවයි.
එමෙන් ම එය ජනතා කේන්ද්‍රිය, ජනතාවාදී, මාතෘභූමිය ශක්තිමත් කරන ප්‍රගතිශීලි වැඩපිළිවෙළක් බවත් කාලවකවානු සහිතව එය මහපොළොවේ සත්‍යක් යථාර්ථයක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.
අනතුරුව විපක්ෂ නායකවරයා මල්වතු පාර්ශ්වයේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිවරුන් බැහැ දැක සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා ආශිර්වාද ලබා ගත්තේ ය.
(සටහන - ජයසිරි අලවත්ත)