theleaderlk 01

කතරගම කිරි වෙහෙර වැඳ පුදාගෙන, දෙවියන්ට ද බාරහාර වී, දෙවියන්ට පිං පිණිස දේවාලයට මූල්‍යමය ආධාරයක් පිරිනැමීම කතරගම වන්දනා ප්‍රජාවගේ සිරිතකි.


එබඳු බැතිමත් ප්‍රජාව විසින් කතරගම දෙවියන්ට පිං පිණිස දේවාලයට පරිත්‍යාග කරන ලද මුදලින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විරෝධාර රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහල් භූමියෙහි අංග සම්පුර්ණ ළමා වාට්ටුවක් ඉදි කරමින් පවතින බව මෙම වෙබ් අඩවියෙහි පසුගිය දිනෙක සටහන් කළ බව පාඨක ඔබට මතක ඇතැයි සිතමු.

මේ වන විට එම රෝහල් වාට්ටුවෙහි වැඩ අවසන් කර ඇති බවත්, එය එළඹෙන සැප්තැම්බර් 03වන දින මහජන අයිතියට පවරන බවත් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර ප්‍රමුඛ දේවාල භාරකාර කමිටුව දන්වා ඇත.

පිං කැමති සියලු දෙනාට ම එම අවස්ථාව සඳහා සහභාගි වන ලෙස ආරාධනා කර සිටින අතර, අපේක්ෂා රෝහලෙහි ප්‍රතිකාර ලබන සියලු දරුවන්ට ඉක්මන් සුවය පතන ලෙසත් බස්නායක නිලමේ ඇතුළු දේවාල භාරකාර කමිටුව ඉල්ලා සිටී.  

 



hospital 1

kadira

kadira 2

kadira 3

kadira 4

kadira 5

kadira 5

kadira 6

 

kadira 7


සබැඳි පුවත් :

අපේක්ෂා රෝහලේ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයේ ඉඳිකිරීම් අවසන්  

'කදිරදේවාපේක්ෂා' අරමුදලෙන් අපේක්ෂා රෝහලට නව වාට්ටු දෙකක්

කඳ සුරිඳුන් පුදන නිවැරැදිම ක්‍රමය මෙන්න – (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

රුහුණු කතරගම මහා දේවාලයෙන් ඉතිහාස ගතවන වැඩක්

pe2024 2

worky sin

නවතම පුවත්