theleaderlk 01

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය පිළිබඳව ජාතික මැතිවරණ කොමිෂන් සභාව

මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මාර්ගෝපදේශ නිකුත් කරමින් පවසා ඇත්තේ, ඡන්දදායකයන්ට තම පළමු මනාපය එක් අපේක්ෂකයෙකුටත් දෙවැනි සහ තුන්වැනි මනාපය තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුටත් සලකුණු කිරීමට අවස්ථාව හිමිවන බවයි.

ඡන්දදායකයන්ට ද තම පළමු මනාපය පමණක් සලකුණු කිරීමේ තේරීම ඇති බවද සභාපතිවරයා පවසයි.

ඒ අනුව ඉදිරි මැතිවරණයේදී ඡන්දදායකයකුට ඡන්දය ප්‍රකාශ කළ හැකි ක්‍රම දෙක පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව පහත මාර්ගෝපදේශය නිකුත් කර ඇත.

xrt3453


මෙවර ඡන්දයේදී දෙවෙනි මනාපය වැඩ කරයිද?

මෙවර ජනාධිපතිවරනයේදී දෙවෙනි මනාපයේ අවශ්‍යතාවය පැහැදිලිකරමින් One-Text Initiative විසින් විශේෂ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.

ප්‍රකට සමාජ හා දේශපාලන ක්‍රියාකාරීන් තිදෙනෙක් වන නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක, විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක සහ හිටපු පළාත්සභා මන්ත්‍රීවරයකු වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මෙහිදී අදහස් දක්වා ඇත.

pe2024 2

worky sin