මෙරට කොරෝනා ආසාදිත හයවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.
IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 80ක් වු පිරිමි පුද්ගලයෙක් වෙයි.
මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 178 ක් වාර්තා වෙයි.
ලන්ඩනයේ දී තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කොරෝනා වෙන් මරුට
මේ අතර කොරෝනා වෛරසයට ගොදුරු වූ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඉන් එක් අයෙක් ලන්ඩනයේ පදිංචි වයස අවුරුදු 72 ක් වූ ලලිත් චූල පෙරේරා නැමැත්තෙකි. ඔහු වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළී ඇති පුද්ගලයෙකි. ඔහු කොරෝනා රෝගී තත්ත්වයෙන් පෙළෙද්දී රෝහල කරා ඔහුව රැගෙන යෑමට ගිලන් රථයක් පැමිණ ඇත්තේ පැය එකහමාරක් පමණ ප්‍රමාද වී බව ඔහුගේ පවුලේ ආරංචි සඳහන් කර ඇත.
අනෙක් පුද්ගලයා උතුරු ලන්ඩනයේ ප්‍රදේශයක පදිංචි අනුර ගාල්ලගේ නැමැති 62 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු කොරෝනා වෛරසයට ගොදුරු වීමට පෙර යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ පුද්ගලයෙකු බව සඳහන් වේ.
ඔහු ද රෝගී තත්ත්වය උත්සන්න වී හදිසි අනතුරු අංශය තෙවතාවක් අමතා තිබුණද ඊට නිසි ප්‍රතිචාර නොලැබී ගිලන් රථයද ප්‍රමාද වී පැමිණ ඇති බව නිල නොවන ආරංචි සඳහන් කරයි.
මේවනවිට කොරෝනා ආසාදනය වීමෙන් එංගලන්තයෙදී ශ්‍රි ලාංකිකයින් හතර (04) දෙනෙකු මියගොස් ඇත.