theleaderlk 01

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 93වන සහ 94වන වගන්තිය යටතේ දැක්වෙන ප්‍රතිපාදන සහ ජනාධිපති ඡන්ද විමසීම 1981 අංක 02 දරන පනතෙහි පනවා ඇති විධිවිධාන
යටතේ ඕනැම මැතිවරණයක දී ඡන්ද දායක ප්‍රජාවට සිය කැමැත්තට අනුව: එක, දෙක, සහ තුන ලෙස මනාප ලකුණු කිරීම පිළිබඳව නීතියක් පනවා ඇත.

එසේ වුව ද ශ්‍රී ලංකාවේ මැතිවරණ වෙනුවෙන් මනාප ක්‍රමයක් හඳුන්වා දීමෙන් පසුව: ප්‍රාදේශිය සභා, පළාත් සභා සහ මහා මැතිවරණවල දී පළමු මනාපයට අමතරව දෙවන සහ වුවමනා නම් තෙවන මනාපයක් භාවිත කිරීමේ හැකියාව උපයෝගි කරගනිමින් ඡන්ද දායක ප්‍රජාව සිය මනාපය භාවිත කළේ ය.

නමුදු මීට පෙර පැවති කිසිදු ජනාධිපති මැතිවරණයක දී යට සඳහන් කළ දෙවන සහ තුන්වන මනාපය භාවිත නොකළා මෙන් ම ඒ පිළිබඳ අවශ්‍යතාවක් ද නොතිබිණ

මෙතෙක් එබඳු තත්ත්වයක් පැවතිය ද 2024 ජනාධිපතිවරණයේ දී එක සමාන හෝ ප්‍රබල දේශපාලන ධාරා හතරක් හෝ පහක් සිය තරගකරුවන් ඉදිරියට ගෙනවිත් තිබෙන තත්ත්වය තුළ ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අනුමානයට අනුව මෙවර 94වන වගන්තියේ සඳහන් වන පරිදි 50%ක් සහ එක් ඡන්දයක් ලබාගැනීමේ හැකියාව ප්‍රමුඛ අපේක්ෂකයකු හට නොතිබිය හැකි ය. එබඳු තත්ත්වයක් මතු වුවහොත් දෙවන මනාප සලකා බැලීමට සිදුවීම අනිවාර්යය වේ.

 එහෙත් ලාංකීය ඡන්ද දායක ප්‍රජාව මෙතෙක් ජනාධිපතිවරණයක දී දෙවන හෝ තුන්වන මනාපයක් භාවිත කර නොමැති බැවින්: පළමු මනාපය හැර දෙවන මනාපයක් භාවිත කරන්නේ කෙසේ ද, දෙවන මනාපයෙන් ඇති විය හැකි ප්‍රති විපාක මොනවා ද, දෙවන මනාපයෙන් ලාංකික ස්ථාවරත්වයට කළ හැකි බලපෑම කුමක් ද? යන්න පිළිබඳ අවබෝධයක් නොමැත; සිටිය ද ඒ ඉතා සුළු පිරිසකි.

දේශපාලන විශ්ලේෂකයකු වන ශිරාල් ලක්තිලක මෙහෙය වන, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අංශයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය ධම්ම දිසානායක සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙක් වන නිශාන්ත වර්ණසිංහ අදහස් දක්වන මතු පළ වන විඩියෝවෙන් සාකච්ඡා කරන්නේ මෙම මාතෘකාව සම්බන්ධයෙනි.

ඉදින් මෙවර ජනාධිපතිවරණයේ දී ඔබ එක් අපේක්ෂකයකු වෙත පළමු මනාපය ලබා දී තමන්ට රිසි නම් දෙවන මනාපයක් ලබා දෙන්නේ කෙසේ ද, දෙවන මනාපයෙන් ඇති විය හැකි ප්‍රති විපාක මොනවා ද, දෙවන මනාපයෙන් ලාංකික ස්ථාවරත්වයට කළ හැකි බලපෑම කුමක් ද? යන්න පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා අනිවාර්යයෙන් ම මෙම විඩියෝව නරඹන්න.

(සටහන - ජයසිරි අලවත්ත)


pe2024 2

worky sin

නවතම පුවත්