වත්මන් රජයටත් විකල්ප දේශපාලන බලවේගවලටත් ගොවි ජනතාව බරක් වුව ද තමාට සහ තම පක්ෂයට ගොවි ජනතාව යනු සම්පතක් යැයි විපක්ෂ නායක
සජිත් මැදවච්චියේ දී පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ පසුගිය 28වන දින මැදවච්චියේ පැවති මහජන රැලියක් අමතමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැකත්වූ විපක්ෂ නායකවරයා.
ගොවියා රජ කරවනවා
‘‘කොරෝනා කෝවිඩ්, පාස්කු ප්‍රහාරය, බංකොලොත්භාවය, කාබනික හා නැනෝ පොහොර වංචාව නිසා ගොවියා අගතියට පත්වුණා. මේ ගොවියො නැවත සවිබල ගැන්විය යුතුයි. ඒ නිසා කළුකඩ වෙළෙඳුන්ගේ ග්‍රහණයට ලක් නොවී කිලෝ පනහක පොහොර මිටිය අපි ඔවුන්ට රුපියල් පන්දහසකට ලබා දෙනවා. කෘෂිනාශක වල්නාශක දරාගත හැකි මිලකට ලබා දෙනවා. ගොවියාගේ නිෂ්පාදනයට, වීවලට සහතික මිලක් ලබා දෙනවා. එහි අරමුණ වන්නේ: පාරිභෝගිකයාත් ගොවියාත් ආරක්ෂා කිරීම යි. ඒ වගේ ම මෙරට පවතින වී මෝල් මාෆියාව ගොවියාව යටපත් කර ගෙන. සැප්තැම් විසි එක සමගි ජන බලවේග රජයක් යටතේ සහල් මෝල් මාෆියාව යටපත් කරලා ගොවිජනතාව රජ කරවනවා.
අපි, අපනයනය කේන්ද්‍රීය ආර්ථිකයක් කරා ගොවියා යොමු කරලා, ඩිජිටල් ක්‍රමවේ,ද සුහුරු ක්‍රමවේද හඳුන්වා දෙනවා. අපි, ගොවියා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම යුතුකම් සම්බාරය ඉටු කරලා මහපොළොවේ සත්‍යයක් බවට පත් කරනවා.
බදු සූත්‍රය පහළ හෙළනවා
අපි බලයට පත්වුණ වහාම වසර දෙකක් ඇතුළත තුළ මසකට රුපියල් විසි දහස බැගින් දුප්පත් ප්‍රජාවට ලබා දෙනවා. ඊට අමතරව සංවර්ධන පැකේජයක් ලබා දෙනවා. සහන ක්‍රමවේදයට ණය ආධාර ලබා දෙනවා. අපි දන්නවා... කවුරුත් සදාකාලික සහනාධාර ලැබීමට කැමති නැහැ. එම නිසා කාටවත් වහල් නොවී සිටීමට අවැසි පසුබිම සකස් කරනවා. එය විනිවිදභාවයෙන් යුක්තව, නිර්ව්‍යාජව ක්‍රියාත්මක කරනවා.
රටට බරක් විදියට හඳුන්වපු රාජ්‍ය සේවය ගැන ජනාධිපතිසහ රජය දැන් කිඹුල් කඳුලු හෙළනවා. එදා රාජ්‍ය සේවය වැඩක් නෑ; ඒ අය රටට බරක්, පාඩුවක් කිව්වා. මේ ක්‍රියාත්මක වන බොරු පොරොන්දු දේශපාලනයට රැවටෙන්න එපා. සමගි ජන බලවේගය ලබන ජනවාරියේ සිට සියයට විසි හතරකින්කින් වැටුප් වැඩි කරලා, ජීවන වියදම් දීමනාව රුපියල් විසිපන් දහසක් සහ අවම වැටුප රුපියල් පනස් හත්දහස් පන්සියක් බවට පත් කරනවා. රාජ්‍ය සේවයේත් මධ්‍යම පන්තියත් ආණ්ඩුවේ බදු මර උගුලට යට වෙලා තියෙන නිසා සියයට හයේ සිට සියයට තිස්හය දක්වා වු බදු සූත්‍රය සියයට එකේ සිට සියයට විසිහතර දක්වා පහළ හෙළනවා.
වැඩිහිටි ඉතිරි කිරීම් සඳහා 15% පොළිය නැවතත්
වැඩිහිටි ජනතාවගේ ඉතිරි කිරීමේ ගිණුමට ලබා දුන් පොලිය වත්මන් ආණ්ඩුව දමලා. එම නිසා අපි ඒ ඉතිරි කිරීමේ ගිණුමට සියයට පහළවක පොලියක් ලබා දෙනවා. විශ්‍රාමික ක්ෂේත්රයේ විශ්‍රාම වැටුප් විෂමතා රැසක් තිබෙනවා. ගෝඨාභය බලයට ආව ගමන් ම විශ්‍රාම වැටුප් කප්පාදු කරාට අපි, විශ්‍රාම ප්‍රජාව වෙනුවෙන් කළ යුතු යුතුකම ඉටු කරලා ඒ විශමතාවට විසඳුම් ලබා දෙනවා.
මම කියපු දේ අද ඔප්පු වෙලා
අපේ රටේ රැකියා විරහිත උපාධිධාරීන් විශාල පිරිසක් සිටිනවා. පසුගිය දවසක එළිදක්වපු ප්‍රතිපත්ති ප්රකාශනයක ගණනක් දමා තිබුණත් එය හරියාකාරව කීයක් ද කියා කවුරුත් දන්නෙ නෑ. අපි රටේ විවිධ දිස්ත්‍රික්කවල රැකියා විරහිත උපාධිධාරින් හමු වුණා. උපාධිධාරීන් මෙන්ම තරුණයන්ට රැකී රක්ෂා ලබා දීමේ ක්‍රමවේදය අපි නිවැරදිව ක්‍රියාත්මක කරනවා. ඔවුන්ට කැමති ක්ෂේත්රයක් තෝරාගන්න පුළුවන්. රැකියාවක් නැත්නම් ව්‍යවසායකත්වය තෝරා ගන්න පුළුවන්. එහි දී රාජ්‍ය, පෞද්ගලික මෙන්ම ව්‍යවසායකත්ව අවස්ථා ද ලබා දෙනවා. උපාධිධාරීන්ගේ කැමැත්ත සහ සුදුසුකම් අනුව රැකියාවක් ලබා දීමේ වගකීම සමගි ජන බලවේග රජය ඉටු කරනවා.
තමා මම දෙදහස් දහනමයේ ජනාධිපතිවරණයේ සිට කාන්තා සනීපාරක්ෂාව ගැන සිතා යෝජනා ඉදිරිපත් කරද්දි මට අපහාස කළා. නමුත් අද වන විට මම කියපු හැම දෙයක්ම මහපොළොවේ යථාර්ථයක් වෙලා. මේ වන විට රජය මැතිවරණ සමයේ පාසල් දැරියන්ට පමණක් එම සෞඛ්‍ය පහසුකම් ලබා දෙනවා. වසර හතර හමාරකට පස්සෙ මම ඉදිරිපත් කරපු ඇත්ත අද ඔප්පු වෙලා තියෙනවා.’’