theleaderlk 01

2024 ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් සහය ලබාදුන්නද කිසි දිනක එක්සත් ජාතික පක්ෂය

සමග එක් නොවන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ ඒ බැව් කියා සිටියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය පාක්ෂිකයන් දැනුවත් කිරිමට (30) දින පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැස්විමක් අමතමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ ට ජනාධිපතිවරණයේදි සහයෝගය ලබාදුන්නද තමන් කිසි දිනක ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ හැර නොයන බවයි.


ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ත්, චමල් රාජපක්ෂ ත්, නාමල් රාජපක්ෂ ත් මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ ට සහය ලබාදිමට තිරණය කල නිසා තමන් ඇතුළු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් ගණනාවක් රනිල් වික්‍රමසිංහ සමග එක්විමෙන් පසු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කල බවයි.


ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහ ට සහයෝගය ලබාදිමට ඉදිරිපත් වු මන්ත්‍රිවරුන් නොමැතිව කිසි විටක ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂකයා දිනවිය නොහැකි බව මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේය.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 08 දෙනෙකුම රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් වි සිටින නිසා 2024 ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් පැවසිය.

රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් නාවලපිටිය ප්‍රදේශය පුරා පැවති ප්‍රචාරක රැස්විම් වලට අමාත්‍ය අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වේළුකුමාර් ද සහභාගි විය.

(ada.lk)

pe2024 2

worky sin

නවතම පුවත්