තම පක්ෂය හැර අනෙක් පක්ෂවලට මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිපත්තිමය සංවාදය ආරම්භ කිරීමට මැතිවරණය ප්‍රකාශ කර දිනයේ සිට
මාසයක් ගත වූ බව ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ පැවසී ය.
හෙතෙම එලෙස පැවසුවේ ඊයේ (31) පොළොන්නරුවේ පැවති ජන රැලියක් අමතමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ නුවන් බෝපගේ...
අනෙක් පක්ෂ මොනව ද කළේ...?
‘‘දැන් මේ වෙනකොට පක්ෂ ගණනාවක් තමුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙනවා. මේ මැතිවරණයේ ප්‍රතිපත්තිමය සංවාදය මේ විදිහට ආරම්භ කරන්න පක්ෂවලට මැතිවරණය ප්‍රකාශයට පත් කරලා මාසයක් ගත වෙනකන් ඉන්න උණා. අපි ජූලි තිස්එක ජනතාවගේ ප්‍රතිපත්තිය දාලා ප්‍රතිපත්තිමය සංවාදය ආරම්භ කරාට අනෙක් එක අපේක්ෂකයෙක්ටවත් ඒක කරන්න වුවමනා වුණේ නෑ. මොකද දිගටම ප්‍රතිපත්තිමය සංවාදය වෙනුවට තම තමන්ගේ රැස්වීම්වල ප්‍රමාණය, වේදිකා ප්‍රමාණය, මිනිස්සු කැන්වසින් යන ප්‍රමාණය, අපේක්ෂකයා හිනාවෙන විදිය, ඇවිදින විදිය... මෙන්න මේවා විතරයි කතාබහට ගත්තේ. ඔවුන්ට බලය ලැබුනොත් මේ රටේ කරන ව්‍යුහාත්මක වෙනසක, ආර්ථිකය වෙනස කරන්නේ කොහොමද කියලා ඔවුන් හිතුවෙ නෑ. අවසානයෙ ඔන්න දැන් ඉතින් ප්‍රතිපත්ති ප්‍රකාශ අපේ අතේ තියෙනවා.
රනිල්ට මොනව ද පුළුවන්...?
රනිල්ගෙ ප්‍රතිපතිති ප්‍රකාශය පුළුවන් ශ්‍රි ලංකා .මොනවද පුළුවන් කියලා බැලුවම ඒකෙ සුබපැතුම් දාලා තියෙන චරිත දිහා බැලුවම පේනවා. අයි එම් එෆ් අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා, ආසියානු සංවර්ධන බැංකු සභාපති, ඇමරිකානු රාජ්‍ය සහකාර ලේකම් තමයි ඒ අය .මේ කියන්නෙ ජනතා සම්පත් විකුණන්න පුළුවන්, රාජ්‍ය ආයතන විකුණන්න පුළුවන්, ජනතාවට බදු බර පටවන්න පුළුවන්, ගොවියා සමාගම් ග්‍රහණයට ගන්න පුළුවන්, වී ඒකාධිකාරී පවුල් ආරක්ෂා කරන්න පුළුවන් කියන ඒවා තමයි රනිල්ගෙ ප්‍රතිපත්තිය. කොටින්ම කියනවනම් අයි එම් එෆ් සූරාකෑමට එකඟයි, ඉන්දියා ඇමරිකා ආක්‍රමණයට එකඟයි. කොල්ලකාරී ආර්ථිකයට එකඟයි.
සජිත් කියන ජය කාට ද...?
සජිත්ගෙ ප්රතිපත්රප්රකාශය ‘සැමට ජයක්’ තමයි ඒකෙ නම. හැබැයි ඇතුළ බැලුවම රනිල්ගෙ ටිකම වෙනස් වචනවලින් දාලා. ඒ කියන්නෙ සැමට නෙමෙයි අයි එම් එෆ් එකට, ඉන්දියානු සහ ලංකා ධන කුවේරයන්ට ජයයි කියන එක තමයි ප්‍රතිපත්තිය.
NPP කෝකටත් තෛලය
ජාතික ජන බලවේගයත් එකක් දැම්මා. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ කියලා. ඒ නම දාලා ලස්සන පොතක් ගහල තියෙනවා. ඇතුළ කියවල බැලුවම කෝකටත් තෛලය ප්‍රතිපත්ති ප්‍රකාශයක්. ඒක ඇතුළෙත් අයි එම් එෆ් ප්‍රතිපත්තිය පිළිගන්නවා, අධ්‍යාපනය සෞඛ්‍ය විකිණීම පිළිගන්නවා, සමාගම් ග්‍රහණය පිළිගන්නවා. කාටද පොහොසත් රටක් හදන්න යන්නෙ....? වී මාෆියා පවුල්වලට, ධන කුවේරයන්ට තමයි පොහොසත් ලස්සන රටක් හදන්න යන්නෙ.
ජනාධිපතිවරණය ප්‍රතිපත්ති විවාදයේදී ජනතාව පෙලන අයි එම් එෆ් විරෝධී, ඉන්දීය ඇමරිකානු ආක්‍රමණ විරෝධී, ඒකාධිකාරන් විරෝධී, වී මාෆියා පවුල්වල පාලනයට විරෝධී, ක්ෂුද්‍ර මූල්‍ය සාරාකෑමට විරෝධී, සමාගම් ආධිපත්‍යයට විරෝධී එකම ප්‍රතිපත්තිය; ජනතාවගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරේ ජන ඇරගල සන්ධානය විතරයි.’’
ඉන්දියානු මැදිහත්වීම්වලට ඉඩ දෙන ප්‍රතිපත්ති ප්‍රකාශ..
‘‘දැන් ගොඩක් අයගෙ මැතිවරණ ප්‍රතිපත්ති ප්රාකාශ ඇතුළෙ ජනතාවට සහන දෙනවා, බදු අඩු කරනවා, වැටුප් වැඩි කරනවා වගේ සුරංගනා කතා කියලා තියනවා. හැබැයි ඒ කවුරුත් රට මේ වෙලාවෙ මුහුණ දීලා ඉන්න තීරණාත්මක ආර්ථික දේශපාලන අර්බුදවලට උත්තර හොයන වැඩපිළිවෙළක් හරියට කියල නෑ. සුරංගනා ලෝක පෙන්නුවට ජනතාවගේ සහන කප්පාදු කරන, අයි එම් එෆ් වැඩපිළිවෙළ තමයි මේ හැමෝගෙම ආර්ථික ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙන්නෙ.
දැන් අපි දැක්කා ඉන්දියාවේ ආරක්ෂක උපදේශකයා පහුගිය දවස්වල ලංකාවට ආවා. ඔය හැම ජනාධිපති අපේක්ෂකයෙක් ම මුණගැහිලා සාකච්ඡා කරා. ඒ කියන්නෙ දැන් ඉන්දියාවේ ආරක්ෂක උපදේශකයා ලංකාවට ඇවිල්ලා ජනාධිපති අපේක්ෂකයන්ට උපදෙස් දෙනවා. ඒ ගැන උත්තරේ දේශපාලනඥයන් පැහැදිලිව කිව්වා. ඉන්දියාවේ අගමැති මෝදි මේ අගෝස්තු ලංකාවට එන්න නියමිත වෙලා හිටියෙ. ඒ එන්න හිටියෙ ලංකාවෙ වරාය, බලශක්ති හැසිරවීමේ අයිතිය ඉන්දියාව අතට යන ගිවිසුම් අත්සන් කරන්න. මේ ඉන්දියානු අත පෙවීම්වලට, ඉන්දියානු මැදිහත්වීම්වලට, ඉන්දියානු විජිතකරණයට එරෙහිව එක වාක්යක්වත් මේගොල්ලන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශ ඇතුළෙ නෑ. ඒ නිසා අපිට අහන්න තියෙන්නෙ අයි එම් එෆ් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉන්දියානු මැදිහත්වීම් ගැන මේ අය ඉදිරිපත් කරන අදහස පැහැදිලිව රටට කියන්න. ඒ නිසා ජනතාවගේ ප්‍රතිපත්තිය ඇතුළෙ නුවන් බෝපගේ සහෝදරයා විතරයි පැහැදිලිව අයි එම් එෆ් එකට, ඉන්දියානු මැදිහත්වීම්වලට විරුද්ධ ප්‍රතිපත්තියක් ගෙනල්ලා තියෙන්නෙ.
අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් කියවන්න
මහාපරිමාණ ලාභ උපයන ධනකුවේරයන්ට බදු ගහන්න ඕන. ඒගොල්ලො නොගෙවපු බදු අයකරගන්න ක්‍රමවේදයක් ඕන. ඒක වෙන්නෙ නැත්තං ජනතාවට සහන දෙන එක පුස්සක් විතරයි. උතුරේ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නයට, මේ රටේ ආන්තිකකරණයට ලක් වෙච්ච ජනතාවට තියන ප්‍රශ්නවලට කවුරුත් උත්තරයක් දීලා නෑ. රනිල්, සජිත්, අනුර කියන තුන්දෙනාගෙ ප්‍රතිපත්ති ප්රාකාශ ඇතුළෙ කොතනද තියෙන්නෙ ලංකාවේ ජාතික ගැටලුවලට පැහැදිලි උත්තරයක් ? අයිතීන් උල්ලංඝනය වෙච්ච අයට යුක්තිය දෙනවා. අතුරුදන් වූවන්ට යුක්තිය ඉස්ට කරනවා, ඝාතනය කිරීම් පැහැරගැනීම්වලට යුක්තිය ඉස්ට කරනවා ඒකට අදාළව වගකීමක් ගන්නවා කියලා. ඔය එක ප්රතිපත්තියකවත් නෑ. ඒ නිසා අපි මෙවර ජනාධිපතිවරණයට තරග කරන්නෙ මේ ප්‍රශ්නවලට ඍජු පිළිතුරු සහිත ප්‍රතිපත්තියක් එක්ක.’’
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය විසඳන්නෙ කොහොමද...?
‘‘දැන් අපේක්ෂකයෝ හැමෝම ජනාධිපති වෙන්න හීන දකිනවා. එහෙම තත්වයක් ඇතුළෙ අපි දැක්කා පොළොන්නරුව වැලිකන්දෙ තාත්තා කෙනෙක් තමන්ගේ දරුවගෙ බෙහෙත් ටික අරං දෙන්න විදිහක් නැතුව ගෙදර තිබ්බ මන්න පිහිය රුපියල් පන්සීයටට උකස් තියපු සිද්ධියක්. පොල් ගෙඩි දෙකක් හොරකං කරල ළමයි දෙන්නෙක්ට නඩු දාපු සිද්ධියක් අපි දැක්කා, දවසක් නුවර අම්මා කෙනෙක් තමන්ගේ දරුවට කන්න දෙන්න චීස් පෙට්ටි දෙකක් හොරකං කරල හිරේ ගියා. එතකොට රටේ ජනතාවගේ ආර්ථිකය තියෙන්නෙ එහෙම අමාරුකම් ඇතුළෙ.
අද ආසියාවේ දෙවනියට දුප්පත්ම රට ලංකාව. මන්දපෝෂණය ඉහළ ගිහිල්ලා. ලංකාවේ පවුල් ලක්ෂ පනස් හතෙන් ලක්ෂ තිස් හතක් ම ඉන්නෙ සහනාධාර නැතුව ජීවත් වෙන්න බැරි තත්ත්වයක. මේක තමයි රනිල් ගොඩ දැම්මා කියන ආර්ථිකේ ඇත්ත තත්වෙ. ඒක නිසා මේ වෙලාවෙ මැතිවරණය ඇතුළෙ වගේම එළියෙ සමාජයේ ජනතාවගේ හඬත් අවදි වෙන්න ඕන. මේ පොළොන්නරුව හිගුරක්ගොඩදි තමයි පළවෙනි වතාවට ලංකාවෙ ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයෝ සංවිධානාත්මක අරගලයක් ආරම්භ කරේ. ඒ අරගලය දවස් පනස් එකක සත්‍යග්‍රහයක් දක්වා ගෙනිච්චා. තමන්ගේ රුපියල් හය දාහක වාරිකය ගෙවාගන්න බැරුව පොළොන්නරුව රොටවැව ප්‍රදේශයේ කාන්තාවක් දරු ගැබක් කුසේ තියාගෙන ගිනිතියාගෙන මැරුණා. ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය නිසා මේ අහිංසක මිනිස්සු තමන්ගේ කුඹුරු ඉඩම් විකුණන තත්වයට පත් වුණා. එහෙම තත්වයක් ඇතුළෙ රනිල්ලා, සජිත්ලා, අනුරලා මේ කවුරුත් මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය විසඳන්න මැදිහත් වෙන විදිහක් කියලා නෑ.
ජාජබ තනි වාක්‍ය
(සටහන - ජයසිරි අලවත්ත)