එළැඹෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස වැඩි ඡන්ද 25,000කින් දිනවීමට කොලොන්නාව සූදානම් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පැවසී ය.
ඔහු එලෙස පැවසුවේ පෙරේදා (අගෝ.31) කොලොන්නාව මංගලපාය උත්සව ශාලාවේ පැවති සමගි කාන්තා බලමණ්ඩල රැස්වීමට සහභාගි වූ අවස්ථාවේ දී ය.
අනපේක්ෂිත කාන්තා සහභාගිත්වයක්
එහි දී මන්ත්‍රීවරයා කියා සිටියේ සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ආදී කිසිදු භේදයකින් තොරව මෙරට බහුතර කාන්තාවන්ගේ අපේක්ෂාව ‘දිනන සජිත්’ බව හා වර්තමාන ජනතා මතයේ හරස්කඩක් කොලොන්නාව මංගලපාය තුළ අද ප්‍රදර්ශනය වූ බවයි.
කොලොන්නාව මැතිවරණ බලප්‍රදේශය නියෝජනය කරමින් පැමිණි කාන්තාවන් අමතමින්, සජබ කොලොන්නාව සංවිධායක එස්. එම්. මරික්කාර් මන්ත්‍රිවරයා පැවසුවේ, මෙම අවස්ථාවට අනපේක්ෂිත ප්‍රමාණයේ කාන්තා සහභාගිත්වයක් දක්නට ලැබෙන බවයි. කොලොන්නාව කාන්තා බලමණ්ඩල රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ සමගි ජන බලවේගයේ නායක, ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියයි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න, සජබ විධායක සභික ලක්ෂ්මන් ෆොන්සේකා, සමගි ක්‍රීඩා උපදේශිකා අප්සාරි තිලකරත්න, මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර, සජබ මහරගම සංවිධායක ගාමිණි තිලකසිරි සහ සජබ නැගෙනහිර කොළඹ සංවිධායක අනුරාධ විමලරත්න යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
අනුර අසරණ කළ කොටිකාවත්ත
මීට ටික දිනකට පෙර ජවිපෙ අනුර කුමාර දිසානායක කොටිකාවත්තේ පැවැත්වූ ජන රැළිය පිළිබඳව එස්. මරික්කාර් මන්ත්‍රිවරයා මෙහි දී සිහිපත් කළේ ය. පුටු දෙසීයයක් පමණ පුරවා ගත් ඔහු, එදා කොටිකාවත්ත හන්දියේ දී ඉතා අසරණ වූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා කාන්තා සහභාගිත්වය වෙනුවෙන් සමගි කාන්තා බලමණ්ඩලය වෙත සිය ස්තුතිය පළ කළේය. මේ දැවැන්ත ජනතා විශ්වාසය මතින් සජිත් ප්‍රේමදාස තවත් දින 19කින් මෙරට නියත ජනපති බව එතුමා සඳහන් කළේ සංඛ්‍යා දත්ත සහිතව ය. සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම තමාත් විපක්ෂයේ සිටියත්, ආණ්ඩු පක්ෂයේ සිටියත් වැඩ කරන මිනිසුන් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය. 2015 ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කොලොන්නාව ප්‍රදේශය වෙනුවෙන් ඇරඹූ විප්ලවීය සංවර්ධන සැළසුම ඉදිරි පාලන කාලයේ අවසන් කරන බවත්, තමා විපක්ෂයේ ගත කරන කාලයේදීත් කොලොන්නාව ජනතාව සමග සිටි එකම දේශපාලන නායකයා තමා පමණක් බව ද හෙතෙම පැවසී ය.
මල්ලිමාරච්චි යුගය නැවතත්
එදා රණසිංහ ප්‍රේමදාස යුගයේ, වීරසිංහ මල්ලිමාරච්චි නමින් ලියැවුණු කොලොන්නාව පරිච්ඡේදය මෙන්ම රණසිංහ ප්‍රේමදාස පුත් සජිත් ප්‍රේමදාස යුගයේත් කොලොන්නාවේ පෙරළිකාර සංවර්ධනයක් සිදු වීම අනිවාර්යය බව මන්ත්‍රීවරයා පැවසී ය. එමෙන්ම කොලොන්නාව ගොඩනැගීමේ තම සැලසුම සඳහා ශක්තිය දිය හැකි එක ම නායකයා, රණසිංහ ප්‍රේමදාස පුත් සජිත් ප්‍රේමදාස බවත් හෙතෙම ප්‍රකාශ කළේය. කොලොන්නාව ආසනයේ තමා විසින් අරඹා දැනට ඇනහිට ඇති සංවර්ධන සැලසුම අවසානයේ කොළඹ දිස්ත්‍රික්කයේ දියුණු ම නගරය කොලොන්නාව වනු ඇති බවත්, එහි අඩක් නිම වූ වර්තමානයේ පවා තම සැලසුමෙහි ප්‍රයෝජන ප්‍රදේශවාසීන් භුක්ති විඳින බැවින් තමා කෙරෙහි දැඩි විශ්වසනීය බැඳීමක් කොලොන්නාවේ මිනිසුන් තුළ පවතින බව තමා දැඩි ලෙස විශ්වාස කරන බව ද ඔහු පැවසී ය.