theleaderlk 01

ඉදිරි ජනාධිපතිවරණයෙ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) මධ්‍යම කාරක සභාව ගත් තීරණය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව එම පක්ෂයේ සභාපති, මාවෙයි සේනාධිරාජා පවසයි.

ඔහු පැවසුවේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) රැස් වූ අතර ඊට සහභාගීවීට නොහැකි බව තමන් මීට පෙර දැනුම් දුන් බවයි.

එහෙත් මෙවර ජනාධිපතිවරණයේ දී පක්ෂය සහාය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු සාකච්ඡා කරන ලෙසත් අවසන් තීරණයක් නොගන්නා ලෙසත් තමන් පක්ෂය දැනුවත් කර තිබූ බව මාවෙයි සේනාධිරාජා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය ලබා දීමට ඊයේ පැවති මධ්‍යම කාරක සභාවේ දී  ඉලංගෙයි තමිල් අරසු කච්චි ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මේ බව සඳහන් කරයි.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ, සිය පක්ෂය යම් අපේක්ෂකයෙකුට සහාය ලබා දෙන්නේ නම් එය සිදුකරන්නේ කුමන පදනමක් මත ද යන්න තීරණය කළ යුතු බවත් පක්ෂයේ සභාපති ලෙස තමන් එය දැනුම්වත් වියයුතු බවත් ය.

මධ්‍ය කාරක සභාව ගත් මෙම තීරණය ඒකපාර්ශ්විකව ගත් තීරණයක් බවත් එය පිළිබඳ තමන් දැනුම්වත් නොකර මාධ්‍යයට පැවසීම සුදුසු ක්‍රියාවක් නොවන බවත් ඔහු පවසයි.

 

මේ අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි මහ ලේකම් පී. සත්‍යලිංගම් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීමට ගත් තීරණය පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ගත් ඒකාබද්ධ තීන්දුවක් බවය.

 

එම තීන්දුව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මාධ්‍යයට පැවසු බවද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම තීන්දුව සම්බන්ධයෙන් මාවෙයි සේනාධිරාජා මීට පෙර දැනුම්වත්ව සිටි බවත් ඊයේ මධ්‍යම කාරක සභාව රැස්වී සාකච්ඡා කළ වැඩිදුර කරුණු කාරණා පසුව ඔහුට පැවසීමට සිටි බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඊයේ  (01) පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පැවසුවේ  ඉදිරි ජනාධිපතිවරණයේදි සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවය.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව වව්නියාවේ දී ඊයේ (01) රැස් වී පැය 5කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබුණි.

සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමගම, X සටහනක් නිකුත්කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ඒ පිළිබඳව ස්තුතිය පළකරමින්, "ජාතිවාදයෙන්, වෙනස්කම් පෑමෙන් තොර" අනාගතයක් ගොඩනැගීමට ITAK පක්ෂයට හා සුමන්දිරන් මන්ත්‍රීවරයා ට ආරාධනයක් කර තිබිණ. ‘අවශ්‍යතාව බෙදාගනිමු’ යයි එහි සඳහන් කර තිබුනද බලය බෙදාගනිමු යයි සඳහන් කර නොතිබිණ.

Screenshot 2024 09 01 at 7.00.29 PM
(මුලාශ්‍රය - adaderana.lk)


සබැඳි පුවත් :
ඉලංගෙයි තමිල් අරසු කච්චි නිල සහාය සජිත්ටද?


pe2024 2

worky sin