කොරෝනා වෛරසය නිසා හට ගෙන ඇති ආර්ථික අර්බුදය ගැන ප්‍රංශ සෙනට් සභාවේ ආර්ථික කමිටුව දැඩි කනස්සල්ලෙන් පසුවන බව

ආර්ථික අමාත්‍ය Bruno Le Maire ප්‍රකාශ කරයි.

1945 න් පසු ප්‍රංශය මුහුණ දුන් 2008 -2009 යේ ආර්ථික අර්බුදයට වඩා ඉතා දරුණු අවපාතයකට මෙම කොරෝනා වසංගතය නිසා ප්‍රංශයට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආර්ථික අමාත්‍යවරයා අනතුරු අඟවා ඇත.

 

France Covid 19ඊයේ මිය යන ගණන 833 ක් !

ප්‍රංශය තුළ පැතිරෙන කොරෝනා වෛරසයේ බලපෑම පිළිබඳව නවතම තොරතුරු ඉදිරිපත් කළ ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියේ වෙරොන් ( Olivier Véran) ඊයේ (අප්‍රේල් 06) සවස ප්‍රකාශ කළේ, ගෙවී ගිය පැය 24 තුළ පුද්ගලයන් 833 ක් කොරෝනා ආසාධනයෙන් මිය ගොස් ඇති බවය.

කොරෝනා වසංගතයේ ආරම්භයේ සිට අප්‍රේල් 06 වැනිදා දක්වා කාලය තුළ ප්‍රංශය තුළ මිය ගොස් ඇති සමස්ත රෝගීන් ප්‍රමාණය 8,911 ක් බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා, එම මුළු මරණ සංඛ්‍යාවට රෝහල් මරණ 6,494 ක් සහ යැපෙන වැඩිහිටියන් සඳහා නවාතැන් සපයන නිවාස වල ( Ehpad ) මරණ 2, 417 ක් ඇතුලත් වී ඇති බව ද අනාවරණය කළේය.

එසේම අප්‍රේල් 06 වැනිදායින් ගෙවී ගිය පැය 24 තුළ සිදු වී ඇති මරණ සංඛ්‍යාව වූ 833 න් මරණ 605 ක් රෝහල වලින්ද 228 ක් Ehpad වලින්ද වාර්තා වී ඇති බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

 

යම් සැනසිලිදායක තත්ත්වයක් !

මේ වන විට දැඩි සත්කාර ඒකක වල සිටින රෝගීන් ප්‍රමාණය 7,072 කි.

ගෙවුණු පැය 24 තුළ දැඩි සත්කාර ඒකක වලට ඇතුළත් කර ඇත්තේ රෝගීන් 94 දෙනෙක් පමණක් බව පැවසූ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියේ, මීට පෙර තත්ත්වයට සාපේක්ෂව මෙය යම් සැනසිලිදායක තත්ත්වයක් බව පැවසීය.

කොරෝනා වෛරසය ආසාධයන වී මේ වන විට සුව වී ඇති රෝගීන් ගේ ප්‍රමාණය 17,250 කි.

මේ වන විට රෝගල්ගත ව සිටින රෝගීන් ප්‍රමාණය 29,722 ක් වන අතර, ගෙවි ගොස් තිබූ පැය 24 තුළ පමණක් රෝගීන් 831 ක් රෝහලගත කොට තිබේ.

වඩාත් අවදානමට ලක්විය හැකි වැඩිහිටියන්ට සහ ආබාධිත පුද්ගලයන්ට ප්‍රමුඛ තාවය ලබා දී පරීක්ෂණ මෙහෙයුමක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

(සුනිල් ගාමිණී - ප්‍රංශයේ සිට...)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්