පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පිහිටුවා තිබෙන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෝහලේ ප්‍රධානියා විසින් සිදු කර තිබෙන ජාතිවාදී ප්‍රකාශ හේතුවෙන් ඔහුට කලින් පිරිනමා තිබු ගෞරව සම්මානයක් ආපසු ලබා ගැනීමට

පාරදෘශ්‍ය භාවය වෙනුවෙන් පිහිටුවා ඇති ජාත්‍යන්තර ආයතනයක් පියවර ගෙන තිබේ.

ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය  (TISL) මාර්තු 31 වනදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි එම ආයතනය විසින් මීට වසර දෙකකට ඉහතදී මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායකට පිරිනමන ලද "සුපිළිපන් ප්‍රණාම සම්මානය" අවලංගු ඇත.

ෆයිට් කැන්සර් අරමුදලේ නිර්මාතෘ එම්. එස්. එච්. මොහොමඞ් සහ එම කණ්ඩායම පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර මහරගම අපේක්ෂා  රෝහලට මිලදී ගැනීම සඳහා එකතු කළ රුපියල් කෝටි 14ක මුදලක් එම රෝහලට නොලැබෙන බවට චෝදනා කරමින් මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක පසුගිය වසරේ  සිය මුහුණු පොත හරහා ව්‍යාජ සහ වෛරී ප්‍රකාශ සිදුකර තිබීම 'ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය' එම තීරණය ගැනීමට හේතු වී ඇත.

මහරගම අපේක්ෂා  රෝහලේ අධ්‍යක්ෂ වරයා සිය  මුහුණු පොත හරහා කර තිබු   වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු කළ  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වී  තීරණය කර ඇත්තේ  වෛද්‍ය වසන්ත දිසානායකට පිරිනමන ලද "සුපිළිපන් ප්‍රණාම සම්මානය" ආපසු ලබා ගැනීමටයි.

අයෝග්‍ය සහ අපහාසාත්මක භාෂාවෙන් යුත් ප්‍රකාශයක් පසුගිය දෙසැම්බරයේ සිය මුහුණු පොතේ පල කිරීම නිසා දොස්තර දිසානායකගේ සම්මානය ආපසු ගැනීමට තීන්දු කරන ලද බව  ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මාධ්‍යවේදීන්ට පවසා තිබුණි.

“එම තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට වෛද්‍ය දිසානායකට ඉඩ සලසා දුන්නත් ඔහු එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන නැතැ,” යි TISL ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

රෝගීන් ඇවිදින බෝම්බ ලෙස හැඳින්වූ වෛද්‍යවරයෙක් !

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වාර්ෂිකව  "සුපිළිපන් ප්‍රණාම" සම්මානය පිරිනමනු ලබන්නේ යම්කිසි ක්ෂේත්‍රයක සුපිළිපන් සේවයක යෙදෙන විශේෂ පුද්ගලයන් වෙනුවෙනි.

අපේක්ෂා රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් කොරෝනා නිරෝධායනය සඳහා යැවීම සම්බන්ධයෙන්ද මුස්ලිම් ජාතිකයකුට දොස් පවරමින් ඔවුන් “ඇවිදින බෝම්බ” යනුවෙන් දොස්තර දිසානායක සිය සම්මානය අහිමි වීමෙන් පසුත් මුහුණු පොතේ අපහාසාත්මක සටහනක් පල කර තිබුණි.

ප්‍රතිකාර සඳහා පැමිණි පුද්ගලයෙකු කොරෝනා අසාදිතයකු බවට අනාවරණය වීමෙන් පසු රෝහල්  සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 15  දෙනකු නිරෝධායනය සඳහා වෛයික්කාල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.

දොස්තර දිසානායක සිය මුහුණු පොතේ ආසාදිතයාගේ නමද සඳහන් කරමින් රෝගියා “බොරු කියා, සත්‍ය සැඟවූ” බවට චෝදනා කර තිබුණි.

රෝගීන් ඇවිදින බෝම්බ ලෙස හැඳින්වීම වෛද්‍යවරයකුට කොයි තරම් දුරට ගැලපේද යන්න සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් ප්‍රහ්න කර තිබෙනු දැකගන්නට හැකි විය.  

කොවිඩ් 19 පිළිබඳ වාර්තාකරණයේ දී ජාතිවාදය ඇවිස්සෙන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බව  දිවයිනේ ප්‍රධානතම සෞඛ්‍ය බලධාරියා වන විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මීට ඉහතදී ඉල්ලා තිබුණි.

රටේ සියලුම මාධ්‍යවේදීන් පාහේ නියෝජනය කරන මාධ්‍ය සංවිධාන හතක් ඉන් අනතුරුව නිකුත් කළ නිවේදනයකින් අවධාරණය කර තිබුනේ එම මාර්ගෝපදේශය රජයේ නිලධාරීන්ටත් වලංගු විය යුතු බවයි.  

CID යට පැමිනිල්ලක්:

අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක ජාතින් අතර කැළඹීම් ඇති වන පරිදි සාවද්‍ය චෝදනා නගමින් සිටින බැවින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත යටතේ ඊට එරෙහිව කටයුතු කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට MSH මොහොමඩ්  ප්‍රමුඛ 'ෆයිට් කැන්සර් කණ්ඩායම' මීට මාස දෙකකට ඉහතදී  පැමිණිල්ලක් ද කර තිබුනි.

පහත් කොට සැලකීම, සතුරුභාවය හෝ ප්‍රචණ්ඩත්වය ඇතිවන ආකාරයට යුද්ධය සඳහා පෙළඹවීම හෝ ජාතික හෝ ආගමික වෛරය පැතිරවීම කිසිදු පුද්ගලයකු විසින් සිදු නොකළ යුතු බව 'ෆයිට් කැන්සර් කණ්ඩායම' අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කළ පැමිණිල්ලට පදනම් වූ ICCPR මගින් දක්වා තිබෙන බව 'ෆයිට් කැන්සර්' අරමුදලේ නිර්මාතෘ එම්. එස්. එච්. මොහොමඞ් එහිදී පෙන්වා දී තිබුනි.


m                                                                                                   'ෆයිට් කැන්සර්' අරමුදලේ නිර්මාතෘ 
මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂක වසන්ත දිසානායක තමාට සිදු කරන මුල්‍ය  චෝදනා සම්පුර්ණ යෙන්ම ප්‍රතික්ෂේප කරන එම්. එස්. එච්. මොහොමඞ් පවසන්නේ "ෆයිට් කැන්සර් ව්‍යාපෘතියේ" මුදල් එකතු කරන ගිණුම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පාලනය වන ගිණුමක් බවත්, එයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

එසේම ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ යටතේ මහරගම අපේක්ෂා රෝහල් ගිණුම පවතින බව ඔහු අවස්ථා කිහිපයකදීම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුනි.

එම ගිනුම් පවතින්නේ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල යටතේ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ ද මීට මාස දෙකකට ඉහතදී රජයේ රූපවාහිනී වැඩ සටහනකදී තහවුරු කර තිබුනි.

වීඩියෝ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්