කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (03) සහ හෙට (04) රැස්වීමට නියමිතයි.
පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළේ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාවේදී මෙය තීරණය කළ බවයි.
ඒ අනුව අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වේ.
අද දින උදෑසන කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබේ.
අනතුරුව, විදේශ නඩු තීන්දු අන්‍යේන්‍යව පිළිගැනීම බලාත්මක කිරීම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම, අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමට නියමිතය.
හෙට දිනයේ දී ආනයනය අපනයන පාලන පනත යටතේ රෙගුලාසි ද්විත්වයක්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි, උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග ද්විත්වයක් සහ ලංකා මහ බැංකු පනත යටතේ රීති විවාද කොට සම්මත කිරීමට ද නියමිතය.