theleaderlk 01

ගොවීන්ගේ වී මිලදී ගැනීම සදහා අනුරාධපුර ගබඩා විවෘත කර දින දහයකට අධික කාලයක් ගත වුවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු ගොවියකු වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකළ බව අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකරු නිමල් තෙන්නකෝන් පවසයි.

වී අලෙවි මණ්ඩලයට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ගබඩා වන අනුරාධපුර නගරයේ සේනානායක ගබඩාව, නොච්චියාගම ගබඩාව හා කැකිරව යන ප්‍රදේශවල ගබඩා ගොවීන්ගේ වී මිලදී ගැනීම සදහා මීට දින දහයකට පමණ පෙර විවෘත කර තිබේ.

එහෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු ගොවියකු තම වී අස්වැන්න අලෙවි කිරිම සදහා මෙම ගබඩාවලට රැගෙන නොපැමිණි බව මේ පිළිබදව කළ විමසුමේදී වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශිය කළමනාකරු නිමල් තෙන්නකෝන් පැවැසීය.

ගොවීන් කල් තබා වී අලෙවි කිරීමත්, රජයේ අනුමත මිලට වඩා වැඩි මිලකට පෞද්ගලික වෙළෙදුන් ගොවීන්ගෙන් වී මිලදී ගැනීම මීට හේතුවී ඇති බව ද නිමල් තෙන්නකෝන් වැඩි දුරටත් කියා සිටියේය.

(lankadeepa.lk - දයාරත්න ඇඹෝගම)

pe2024 2

worky sin

නවතම පුවත්