තමා බලයට පත්වූ පසු විධායක ජනාධිපති බලය හිතුවක්කාර ලෙස භාවිතා නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
‘මම බලයට පත්වුණාට පස්සෙ විධායක ජනාධිපති බලය හිතුවක්කාර විදියට භාවිතා කරන්නෙ නෑ. මේක තනතුරක් නෙවෙයි; ජනතාව ලබා දුන් වරමක්. ඒ වරම තුළ ජනතා සේවකයකු විදියට ඉටුකළ යුතු යුතුකමක් සහ වගකීමක් ඒ නිසා මේ යැපුම්භාවයෙන් ඉවත් වෙනවා වගේ ම රාමුවෙන් පිට පැනලා, අලුත් විදිහට හිතලා, බංකොලොත් රට බංකොලොත්භාවයෙන් ගොඩගන්න කටයුතු කරනවා. රටට හිතකර ලෙස ඒ බලතල භාවිත කරනවා. '' යයි හෙතෙම කියා සිටියේ, අද (03) මිහින්තලයේ පැවැති සමගි ජන බලවේගයේ මිහින්තලා ප්‍රකාශය එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ජනතාවට පෙර නායකයා කැපවීම් කළ යුතුයි
‘‘මම බලයට පත්වුණාට පස්සෙ විධායක ජනාධිපති බලය හිතුවක්කාර විදියට භාවිතා කරන්නෙ නෑ. මේක තනතුරක් නෙවෙයි; ජනතාව ලබා දුන් වරමක්. ඒ වරම තුළ ජනතා සේවකයකු විදියට ඉටුකළ යුතු යුතුකමක් සහ වගකීමක් ඒ නිසා මේ යැපුම්භාවයෙන් ඉවත් වෙනවා වගේ ම රාමුවෙන් පිට පැනලා, අලුත් විදිහට හිතලා, බංකොලොත් රට බංකොලොත්භාවයෙන් ගොඩගන්න කටයුතු කරනවා. රටට හිතකර ලෙස ඒ බලතල භාවිත කරනවා. ඒ තුළින් රට සම්පතින්, සෞභාග්යයයෙන් සවිබල ගන්වනවා. කුමන ආකාරයෙන් වත් සමගි ජන බලවේග රජය හෝ ආණ්ඩුව මහජනතාව බරක් වෙන්නෙ නැහැ. අපි, පරමාදර්ශී රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරනවා. ජනතාව කැප කිරීම් කරන්න කලින් නායකයා කැපකිරීම් කරන්න ඕනෙ.
අද රටට අවශ්‍ය වෙලා තියෙන්නෙ ආදර්ශමත් නිහතමානී සවන් දෙන රාජ්‍ය පාලනයක්; දසරාජ ධර්ම කේන්ද්‍ර කර ගත් රාජ්‍ය පාලනයක්. ඒ වෙනුවෙන් මම කැපවෙනවා. අප රටේ හැම දෙනාට ම බෙදෙන සෞභාග්‍යයක්, සැවොම භුක්ති විදින ආර්ථික වර්ධනයක් සහ බුදු දහම කේන්ද්‍ර කර ගත් සෙසු ආගම්වලට ශක්තිය ලැබෙන, සදාචාර සම්පන්න, ශිෂ්ටසම්පන්න, යුක්ති ගරුක, විනයගරුක සාමකාමී දියුණු සංවර්ධනය වූ යහපත් රටක් නිර්මාණය කිරීමේ යුගයක් අපි නිර්මාණය කරනවා. එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනතා ආශිර්වාදයෙන් තාවකාලික භාරකරීත්වය සීමාසහිත කාලයකට බාර අරගෙන ඒ කාලය ඇතුළත ගෞරවනිය මහා සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරනවා.
කඩා වැටුණු, ගරා වැටුණු දේශය අපි යළි ගොඩනගනවා
අපේ රට වෙළෙඳ වාණිජ සංවර්ධන ක්ෂේත්‍ර අතින් ඉතාමත්ම ඉහළ තැනක සිටිනවා. සැමට සංවර්ධනය සැමට සෞභාග්‍යය උදා වුණ වාරි සංස්කෘතියක් හරහා කෙත්වතු සරුසාර වූ ජන ජීවිත සුඛිත මුදිත වූ යුගයක අපේක්ෂාව මේ මිහින්තලා ප්‍රකාශයේ සඳහන්ව කරල තියෙනවා. මෙමගින් රට සහ රටේ ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම පිළිබඳවත් මෙහි සඳහන් කරල තියෙනවා. දුක් විදින ජනතාව දුකින් මුදවා ගෙන. සැබෑ සෞභාග්‍යයක් කරා ගෙන ගොස්, ජාතික සංහිඳියාව ශක්තිමත්ව ක්‍රියාත්මක කරලා, ශ්‍රී ලාංකිකත්වය තුළින් නිර්මාණය වන එකමුතුභාවය තුළින් රට ජයග්‍රහණය කර වීමයි අපේම අරමුණ.
ආගමික සිද්ධස්ථාන සංවර්ධන කරමින්, යහපත්, යුක්තිගරුක ගුණගරුක, සාමකාමී ශිෂ්ටසම්පන්න පරපුරක් නිර්මාණය වන ජාතික ප්‍රතිපත්ති දියත් කරලා ඒ තුළින් නිර්මාණය වන යහපත් භාවයෙන් ජන සමාජයේ දහම් සුවද ව්‍යාප්ත කරලා ඒ ඒ ආගම හා සංස්කෘතින්ට ගරු කරමින් රට ගොඩනගන වැඩසටහනට මුල පුරනවා. ආගමික නායකයන්ගේ: අවවාද, අනුශාසනා, යෝජනා වගේ ම විවේචනවලට සවන් දී යහපත් මානසිකත්වයෙන් ඒ යෝජනා රටේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියාත්මක කරවනවා. විවිධ ජන කොට්ඨාස සහ විවිධ ආගම්වලට සම්බන්ධ අය, ආදිවාසි ප්‍රජාව ඇතුළු සියලු දෙනා එකමුතු කර ගත් දැවැන්ත ශක්තියෙන් නිර්මාණය වුණ ශ්‍රී ලාංකිකත්වය සතු ජාතිකත්වය අපේ රටේ අභිවෘද්ධිය ප්‍රධාන පදනම යි. මේ එකමුතුභාවය තුළ නිර්මාණය වන දැවැන්ත බලවේගය හරහා කඩාවැටුණු, ගරාවැටුණු දේශය ගොඩනගනවා. ඒ වගේ ම විහාර දේවාල ගම් පනත ගැන සෑම පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කර බහුතර එකගතාව මත එය ක්‍රියාත්මක කරනවා.’’