අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය විසින් සිදුකරන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව දිගින් දිගටම පැමිණිලි කළද
මැතිවරණ කොමිසම තවමත් ඊට සුදුසු ක්‍රියාමාර්ග ගෙන නොමැති බව සඳහන් කරමින් 'ශ්‍රි ලංකා ප්රතිසංශෝදන සංවිධානය' නමැති සංවිධානයක් යුරෝපා සංගමයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ල ගොනුකර ඇත්තේ, ශ්‍රි ලංකා ප්රතිසංශෝදන සංවිධානයේ නීති නියෝජිත ධනුක රනන්ජක කහඳගමගේ නමැත්තකු විසිනි.
යුරෝපා සංගමයට විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී මැතිවරණයක් සහතික කිරීම සඳහා යුරෝපා සංගමයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි.
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂය විසින් මැතිවරණ නීති කඩකිරීමේ අවස්ථා කීපයක් නිරීක්ෂණය කර වාර්තා කර ඇති බවත්, 2024 ජූලි මස 28 වෙනි දින මහරගම තරුණ මධ්‍යස්ථානයේ පැවැති දේශපාලන රැස්වීම ඊට කදිම උදාහරණයක් බවත් ධනුක රනන්ජක කහඳගමගේ පවසයි.
එහිදී රජයේ හෙද නිලධාරීන් ඔවුන්ගේ නිල ඇඳුමෙන් සැරසී ජාතික ජන බලවේගයේ දේශපාලන රැස්වීමකට ගෙන්වා ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව සඳහන් කරමින් ප්රතිසංශෝදන සංවිධානය 2024 ජූලි මස 29 වැනි දින පැමිනිල්ලක ගොනු කර ඇති බවත් ඔහු පවසයි.
කෙසේවුවද, පැෆරල් සංවිධානයේද ප්‍රතිචාරය වූයේ එවැනි පුද්ගලයින් නිල ඇඳුමෙන් නොපැමිණීම වඩාත් සුදුසු බවයි.
නමුත් මෙම මැතිවරණ නීති සහ දේශපාලන ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් කිසිදු වැදගත් පියවරක් ගෙන නොමැති අතර අවවාද කිරීමක් හෝ සිදු කර නොමැති බව ප්රතිසංශෝදන සංවිධානයේ පැමිණිල්ලේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී මැතිවරණයක් සහතික කිරීම සඳහා යුරෝපා සංගමයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ශ්‍රි ලංකා ප්රතිසංශෝදන සංවිධානය අවධාරණය කරයි.
මෙම ගැටළු විසඳීමට සහ මැතිවරණය සාධාරණව පැවැත්වීම සහතික කිරීම සඳහා මෙන්ම නීතිය ආරක්ෂා කිරීම සඳහා යුරෝපා සංගමයේ අධීක්ෂණයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ප්රතිසංශෝදන සංවිධානයේ අදහසයි.
පවතින ගැටලු සහ නිසියාකාරව නියාමන ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සාධාරණ හා ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාවලිය අවධානමට ලක්විය හැකි බව පෙනී යන බැවින් සාධාරණ හා ප්රජාතන්ත්රවාදී මැතිවරණය සහතික කිරීම සඳහා යුරෝපා සංගමයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ශ්‍රි ලංකා ප්රතිසංශෝදන සංවිධානයේ නීති නියෝජිත ධනුක රනන්ජක කහඳගමගේ සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.