දශක එකහමාරකට පෙර ලේ වැකී අවසන් වූ කුරිරු සිවිල් යුද්ධයේදී යටත් වූ, රජයේ හමුදාවන්ට භාර වු, පැහැරගත් හෝ වෙනත්
ආකාරවලින් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා විසින් දැඩි ලෙස අවතක්සේරු කර තිබේ.
යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික උපදේශක නීතිඥයකු ද වන වත්මන් විදේශ අමාත්‍ය අලි සබ්රි ජර්මානු ජාතික රූපවාහිනිය වන ‘ඩොයිෂ වෙල (DW)’ වෙත පවසා තිබුනේ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) අතුරුදහන් වූ බවට වාර්තා වී ඇත්තේ පුද්ගලයන් 6,047 ක් පමණක් බවයි.
OMP යනු, පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවා ඇති නිල ආයතනයකි.
DW මාධ්‍යවේදිනිය ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ලක්ෂයක් අතුරුදහන් වූවයි පැවසෙන බවයි.
"කොහෙන් හොයාගත්තු ගණන් ද? කවුරු කියපුවද? ඒ ඔක්කොම වල්පල්. මේ බටහිර විකාරයක්. නැහැ, ඒ ලක්ෂය සම්පූර්ණයෙන්ම වැරදියි. සංඛ්‍යාව 6,047 ක් පමණයි,” අලි සබ්රි පෙරලා ප්‍රශ්න කළේය.
අතුරුදහන් වූ පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳ ඔහුගේ ප්‍රකාශය දෙමළ ජාතිකයන් විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ එය නිසි ලෙස සිතා නොබැලූ සහ විශ්වසනීයත්වයක් නොමැති එකක් බව පවසමිනි.
කෙසේනමුත්, ජාත්‍යන්තර සංවිධාන ප්‍රකාශ කර ඇති සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩිය.
"ජනතාවගේ රදගුරු" නමින් හැඳින්වුණු ස්වර්ගස්ථ මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් රජයේ දත්ත භාවිතා කරමින් උගත් පාඩම් හා සංහිඳියා (LLRC)කොමිසමට දුන් ලිඛිත ප්‍රකාශයට අනුව උතුරේ යුද මුක්ත කලාපයට ඇතුල් වු සහ යුද්ධයෙන් පසු ඉන් පිට වු පිරිස අතර වෙනස 147600 ට ආසන්නයි.
රදගුරුවරයා විසින් උපුටා දක්වන ලද සංඛ්‍යාවට වඩා බෙහෙවින් අඩු සංඛ්‍යාවක් විදේශ අමාත්‍යවරයාගේ සම්මුඛ සාකච්ඡාව අතරතුරදී, ප්‍රකාශ වු නමුත් මෙම සංඛ්‍යාව ඊට වඩා ඉහළ අගයක පවතින බව ජාත්‍යන්තර සංවිධාන ද පිළිගෙන ඇත. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (Amnesty International) වාර්තාවකට අනුව, එම සංඛ්‍යාව 100,000ක් දක්වා ඉහළ අගයක් විය හැකිය.
"සිවිල් යුද්ධය සහ තරුණ නැගිටීම් වලදී දක්නට ලැබෙන මානව හිමිකම් පිළිබඳ දැඩි නොසලකා හැරීම බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධ ශ්‍රී ලංකාවේ අඳුරු ඉතිහාස කතාව අවධාරණය කරයි. සිද්ධීන් 60,000-100,000 අතර ගණනක් වාර්තා කරමින්, ශ්‍රී ලංකාව එවැනි ක්‍රියා අතින් ලොව දෙවැනි රට ලෙස ශ්‍රේණිගත වී ඇත."
මෙහිදී දැඩි ප්‍රතිචාරයක් දක්වමින්, ශ්‍රී ලංකාව පිලිබඳ තත්වය අතිශයෝක්තියෙන් පෙන්වාදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා දොස් පැවරූවේ ඩයස්පෝරාවේ සාමාජිකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් ජීවත් වන රටවලටයි.
“බටහිර රටවල තිබෙන්නේ මේ කතාවයි. ඒ, ඡන්ද ලබාගැනීම අරමුණු කරගත් දේශපාලනය තුළයි. ඒ, ඇතැම් ඩයස්පෝරා ගිහින් පදිංචිව සිටින්නේ ඡන්දයක් පැමිණෙද්දී ඔවුන්ගේ ඡන්ද වැදගත් වන සමහර ප්‍රදේශ තුළ නිසයි. ඒ නිසා, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්තිය තීරණය කරන්නේ ඒ ඩයස්පෝරාවල ජනතාවයි."
වසර අටකට අධික කාලයක් පුරා සාමකාමී අරගලයක් ගෙනයන උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමය OMP රැවටීමක් ලෙස බැහැර කර ඇති අතර, එය කෙරෙහි විශ්වාසයක් නොමැති බව ප්‍රකාශ කර තිබේ. නමුත්, ජර්මනියේ ‘ඩොයිෂ වෙල’ සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී සබ්රි අමාත්‍යවරයා පැවසූවේ අතුරුදන්වූවන්ගේ ගැටළු බොහොමයක් විසඳා ඇති බවයි.
“2000 සිට 2009 වසර දක්වා යුද ගැටුම්වල උච්චතම අවස්ථාවේදී තම ආදරණීයයන් අතුරුදන් වූ බවට පැමිණිලි කළ 6,075 දෙනාගෙන් 5,776ක් පැමිණ තිබෙනවා. ඒ, 96%ක පමණ පිරිසක්. ඉන් පෙනී යන්නේ ශ්‍රී ලංකා බලධාරීන් ගැන ඇති විශ්වාසය. අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. අපි ඔවුන් සොයා ගැනීමේ ක්‍රියාවලියක නිරත වී සිටිනවා. අප සත්‍ය හා සංහිඳියා කොමිසමක් ඉදිරිපත් කරනවා."
ආණ්ඩුවේ අලුත්ම කොමිසම ද යුද්ධයෙන් බලපෑමට පත්වූවන් විසින් වැරදි වසා ගැනීම අරමුණු කරගත් එකක් ලෙස ප්‍රතික්ෂේප වී ඇත.
ඕනෑම ආකාරයක විදේශ මැදිහත්වීමකට විරෝධය පාමින්, වගවීම සඳහා වන දේශීය යාන්ත්‍රණයක අවශ්‍යතාවය සිය ප්‍රකාශය තුළින් අමාත්‍ය සබ්රි වැඩිදුරටත් අවධාරණය කළ නමුත්, දෙමළ ජනතාව විසින් එය ද එකහෙළා ප්‍රතික්ෂේප කර ඇත.
“දේශීය යාන්ත්‍රණයක් ලබාදීමේ ක්‍රියාවලියක අප නිරත වී සිටිනවා. දේශීය යාන්ත්‍රණයක් හරහා අප සැබෑ වශයෙන්ම විසඳුම් ලබා දෙනවා. වෙනත් කෙනෙකුට මේ තුළට ඇවිත් බලන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඔවුන් කතා කරන්නේ මීට වසර 15කට පෙර සිදු වූ දෙයක් ගැන.”
බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීම සහ අත්පත් කරගත් ඉඩම් ආපසු ලබා දීම පිළිබඳව පවතින මතභේදාත්මක ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා පවසන්නේ එම ඉඩම්වලින් 96%ක් පමණම ඒවායේ නීත්‍යානුකූල හිම්කරුවන්ට ආපසු ලබා දී ඇති බව වන නමුත්, එය දෙමළ ක්‍රියාධරයන් හා මන්ත්‍රීවරුන් විසින් විසින් අභියෝගයට ලක් කර තිබේ. සරුසාර කෘෂිකාර්මික ඉඩම්වල තවමත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වගා කටයුතුවල යෙදී සිටින අතර, එම නිෂ්පාදන පලාතෙන් පිට විකුණනු ලැබේ. එමඟින් යුද්ධයෙන් බැට කෑ දෙමළ ජනතාවගේ ජීවනෝපායට ද බලපෑම් එල්ල වී තිබේ.
අමාත්‍ය සබ්රිගේ මෙම අදහස් පළ කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරය ජිනීවා හි ආරම්භවීමට දින කිහිපයකට පෙර වන අතර, සැප්තැම්බර් 9 වැනිදා, සමාරම්භක දිනයේදී ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව සාකච්ඡා කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 21 දාය.