සති අග අරුණ පුවත්පතේ උප කර්තෘ ප්‍රවීණ පුවත්පත් කලාවේදී උපාලි තිලකරත්න මහතා ඊයේ (2දා) අභාවප්‍රාප්ත විය.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි සිසුවකු වූ ඔහු දිවයින පුවත්පතෙන් පුවත්පත් කලාව ආරම්භ කළේ අනූව දශකයේ මුලය.
අනූහතරේදී ලක්බිම ඉරිදා සංග්‍රහය ආරම්භ කළ අවස්ථාවේදී, ආරම්භක කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙස එක් වූ ඔහු පුවත්පත් කලාවේ සියලු ක්ෂේත්රවල දස්කම් පෑ පුවත්පත් කලාවේදියෙකි.
ලක්බිම ඉරිදා සංග්‍රහයේ ක්‍රීඩා කර්තෘ ලෙසද සේවය කළ ඔහු පසුව ප්‍රධාන උප කර්තෘ ධුරයටද පත්විය.
රිවිර ඉරිදා සංග්‍රහය හා සත්දින යන පුවත්පත්වලද සේවය කර ඇති ඔහු ප්රවෘත්ති රචනය, සංස්කරණය සේම විශේෂාංග ලිපි ලිවීමටද එකසේ දස්කම් දැක්වීය.
ද්විභාෂා උගතෙකු වූ ඔහු විදෙස් සාහිත්‍ය කෘති කීපයක් සිංහලට පරිවර්තනය කළේය. නේපාල කෙටි කතා සංග්‍රහයක් ‘වැරදි කණ්ණාඩියක්’ යනුවෙන් මුලින්ම සිංහලට පරිවර්තනය කළේ ඔහුය.
මිය යන විට හැටදෙහැවිරිදි වියේ පසු වූ ඔහු දෙදරු පියෙකි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ හර්ෂා අංගප්පුලිගේ ස්වාමි පුරුෂයා වූ ඒ මහතා හාඩ් ටොක් පුද්ගලික සමාගමේ රසිත ජයවීර, කොළඹ කොටුව ස්ටුවර්ඩ් බයි සිට්රස්හි සදේව ජයවීරගේ පියාණන්ය.
ඒ මහතාගේ දේහය වේයන්ගොඩ, පාරමුල්ලේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු හෙට (4දා) සවස 6.30ට නිට්ටඹුව, මල්වත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.